ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා ගමන් ගත් වාහනයට ආරක්ෂාව සපයමින් ගිය ජිප් රියක් වාඩ්ගල වැලිආරේදී පෙරැළි එහි සිටි පොලිස් කොස්තාපල්වරයකු හා තවත් අයකු තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුළු කළ බව රෝහල් ආරංචි මාර්ග කියයි.
ලැන්ඩ්රෝවර් ජිප් රියට බරපතල හානි සිදු වී ඇත.ජීප්රිය වැවකට වැටී නතර වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොදු මහජන මුදලින් මේ වගේ අය කොයිතරම් නම් නඩත්තු වෙනවාද?මෙම ක්‍රමය වෙනස් කරන්න රටට ආදරය කරන සොදුරු අයෙක් නිර්මාණය වේවා! (නි)
ඇමති පුතාලටත් පොලිස් ආරක්ෂාව. අනේ අපොයි! රටට ගිය කලක්. (නි)
මම හිතන්නේ සමහර ඇමැතිලාගේ බල්ලන්ටත් ආරක්ෂකයෝ ඇති. (නි)
මර්වින් සිල්වාගේ පුතාට මොන ආරක්ෂාවක්ද? මෙහෙමත් රටක්! (නි)
දැන් මෙයාටත් ආරක්ෂාව සපයන්න ඕනෑද? (නි)
මිනිපෙ ඔයාට කැකිල්ලේ රජ්ජුරුවන්ට නෑකමක් එහෙම තියෙනවද? (නදී)
රජයේ වියදමින්/පොලිසිය එයාට මොකටද ආරක්ෂාව දෙන්නේ? (නි)
නියම වැඩේ තමයි ඒකත් (නි)
පුතාට තුවාල නැහැනේ... දෙවියෝ බැලුවා (නි)
අපේ සල්ලි ඔවුන් කනවා, අපි ලෙවකනවා ... (නි)
මතකද මම කිවුවා, කාලි මෑණියන්ගේ බලය. (නි)
මොන අපලයක් ද මේ පඩිසන් දෙන්නේ ? (නි)
ඇයි පුතාට ආරක්ෂකයෝ? එයා මන්ත්‍රී ද? ඇමතිද? නැත්තම් යන යන තැන මිනිස්සු ගහන්නවත් බලා ඉන්නවද? (නි)
මේක මහා පුදුම රටක්. අනේ මෙහෙමත් රටක්! දෙවියනි, ඔබ කොහෙද? (නි)
මොනවා කලත් මිනිසුන් ඡන්දෙ දෙන්න ලෑස්ති නම් මේ එක එකෙනොට තියන අමරුව මොකද්ද ? (ස)
ඇමතිලාටත් ආරක්‍ෂකයෝ ,පුතාලටත් ආරක්‍ෂකයෝ... අනේ මෙහෙමත් රටක් !!!! (අපව ආරක්ෂා කරන්නේ දෙවියෝ තමයි) (නි)
කළකම් පල පල දෙනවාමයි ! (නි)
මේ ආරක්ෂක ක්‍රමයට පළමුවෙන්ම හේතුව වුයේ ජේ වී පි එකයි. ඔවුන් දෙසපාලකයෝ මරන්න පටන් ගත් හින්දා. ඊට පස්සේ එල් ටි ටි ඊ එක , මරන්න පටන් ගත්තා, ඕකයි හේතුව. (ස)
ඇමතිතුමාගේ පුතාටත් පොලිසියෙන් ආරක්ෂාව දෙන එක කොහෙන් දුන්න බලයක්ද දන්නෙ නැහැ.දන්නේ නැති නිසයි අහන්නේ (නි)
බන්දුල පෙරේරා, නැද්ද මේකට අදහසක්? (ස)
මිනිසුනේ ඊර්ශියා කරන්න එපා.පිං කරපු අයට සියලු සැප සම්පත් ලැබෙනවා.නුඹලටත් මෙවන් සැපක් ඔනෑම නම් මේ ආත්මෙදි පිං කරපල්ලා.ළඟදීම තවත් පිං රාශියක් මෙයාලට පල දෙන්න ඉතුරු තියනවා. ඔහොම යං.. (ස)
කොහේද දන්නෙ නැහැ ඔච්චර හදිස්සියෙන් ගියේ? (නි)
අප්‍රියෙහි සම්පයෝගෝ දුක්ඛං!! (නි)
කාගේ නියමයෙන්ද මේ වගේ අයට පොලිස් ආරක්ෂාව දෙන්නේ? (නි)
ලංකාව අනාරක්ෂිත රටක්ද? (නි)
රටවල් වල ඉන්න යාලුවනේ, අපි හරිහම්බ කරන වැඩිහරියක් යන්නේ ඔය වගේ නඩත්තු වියදම් වලට. අපි ටික දෙනෙකුට තේරුම්ගන්න පුළුවන් වුණාට වැඩිහරියකට බඩ පිට කොන්දට ඇලුනත් ඔය වගේ කට්ටියට කැමති එක ප්‍රතිඵල වලින් පෙනෙනවා. මේවා කියන්නේ පුද්ගලික තරහකින් නෙමෙයි.මම කැමතියි හැමෝම එකවගේ ඉන්නවට. පන්ති බේද නැතුව. මොකද අපි කව්රුත් මිනිස්සු නිසා. (නි)
පුතාටත් මෙහෙම ආරක්ෂාව දෙන රටක් තවත් තිබේද? (නි)
ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් ආරක්ෂා කෙරෙයි. අධර්මයෙහි හැසිරෙන්නන් හට ඩිෆෙන්ඩර් පිරෙන්න මුර භටයන් සිටියද, අනාරක්ෂිතයි. ලෝ දහම එයයි. ඔවුන් වපුරන දේ දිනක ඔවුන්ම නෙලා ගනු ඇත. (නි)
නිකන් බයිලා ගහන්න එපා මිනිසුනේ. ඡන්දෙ දුන්නේ මොකට? දීලා දැන් නිකන් කියවන්න එපා. (නි)
තව ටිකක් කල් යනකොට තව කාට කාට පොලිස් ආරක්ෂාව දෙයිද දන්නෙ නැහැ. (නි)
මෙයා අනාගත අධ්‍යාපන ඇමතිලු නෙ.ඒක වෙන්න ඇති අපේ සල්ලි වලින් ආරක්ෂාව දෙන්නෙ.අනේ අපේ රටකට ගිය කල. (ස)
මහජන මුදල් වලින්,ඇමතිටයි ඇමතිගේ පුතාටයි, පොලිස් ආරක්ෂාව දෙන්න පුලුවන්ද ? (නි)
රූපවතී අක්කේ, ගමනක් යන්න ඇත්නම් අමතක නොකර පොලිස් ආරක්ෂාව ලබාගන්න (නි)
බොරුවට කියවන්න විතරයි හැමෝම දන්නේ. චාන්දී වගේ මොඩියෝ රටවල් වල ඉදගෙන මිනිස්සු විවේචනය කරනවා (නි)
ඒකෙත් හැටි බලන්නකෝ. අනෙක් වාහනයනේ ඇක්සිඩන්ට් වෙලා තියෙන්නේ (නි)
දැන් තාත්තා ඇවිල්ලා කියාවි ඕකට ලොකු කතා ටිකක්.. (නි)
අපි මේ බලාගෙන ඉන්නේ ඊළග ඡන්දෙ එනකන්. අපිටත් තියෙනවා මේවට පිළිතුරු දෙන්න.. (නි)
සේරම් පැරිස් , යුරෝපයේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ ...අපෙ ඇමතිලා ස්කොඩ් නැතිව ගමන් යන්නේ නෑ ඇමති පුත්තු ස්කොඩ් නැතිව පයින් යන්නේ මොන රටේද ..එංගලන්තේ එංගලන්තේ (ස)
කට්ටිය නිකන් බොරුවට කෑ ගහන්න එපා.අපේ අනාගත නායකයෙක් දැම්ම ඉදලම ආරක්ෂා කර ගන්න එකේ වැරැද්ද මොකක්ද ? (නි)
පුවත් මවන්න අලුත්ම එකක්... (නි)
දැන් එන කාලේ හොද නැහැ වගේ. (නි)
කව්දෝ නීතිවේදියෙක් කියලා තිබුනා වගේ මතකයි, මෙයා අනාගත අධ්‍යාපන ඇමති වෙනවා කියලා (නි)
ජනතාවනි, නැවත මොවුන්ටම ඡන්දෙ දීලා මෙතන ඇවිල්ලා අඩන්නකකෝ (නි)
රජයේ මැති ඇමති කෙනෙක් උනොත් ගෙදර සියලුම දෙනාට රජයෙන් ආරක්ෂක බටයන් සහ වාහන 10ක් 15 ක් පමණ දෙනවා . ඔවුන් පක්ෂය ඇත නොහැර පක්ෂයේම තියා ගැනීම සඳහා . මේවට මුදල් ගෙවන්නේ අප මහජනතාවයි. එමෙන්ම මෙම හාල් පාරුවන් මැති සබයට යන්නෙත් අපේම ඡන්දයෙන්. එනිසා අප අපටම දොස් නගා ගැනීම හොඳයි.(නදී)
දැන් නිකම් බොරුවට කෑගැහුවට වයඹ වගේම බස්නාහිර ඡන්දෙට මේ ඇමති පුතා ඉල්ලුවොත් ඔය සේරම ටික ඡන්දෙ දානවා.පස්සේ බොරුවට බනිනවා. (නි)
ඇයි වගකිවයුත්තෝ මේවා බලාගෙන නිසොල්මන්ව නිහඩව ඉන්නේ. ඇමතිතුමාලගේ පුත්‍රවරු යන ගමන් වලටත් මහජනතාව වග කියන්න ඕනෑද. මහජනතාව කියන්නේ වහල්ලු ජාතියක්ද. ඔබතුමාලා අවංකව හදවතට තට්ටු කරලා අහන්න මෙහෙම මේ වගේ දේවල් කෙරෙන එක සාදාරණද කියලා. (නි)
මුදිත, උදේම කඩේ ගියාද.....? බලාගෙන පාරේ අයින් වෙලා යන්න....! (ස)
ලංකාව කොච්චර මොනවා කළත් ඡන්දෙ ඉල්ලපු ගමන් කනවා. අනේ මගේ කට! මේ පාරත් දුන්නා, දැන් බොරුවට කෑගහනවා. (නි)
වරක් එංගලන්තයේ එලිසබෙත් රැජින ස්කොට්ලන්තයේ සිට ලෙස්ටෙර් නගරයේ පැවති උත්සවයකට පැමිණියේ දුම්රියෙන්. ඒ වසර කිහිපයකට පෙර.අදත් යුරෝපීය රටවල නායකයන් සාමාන්‍ය ජනතාව මෙන් ගමන් බිමන් යනවා.ලංකාවෙත් ලොකු ආරක්ෂාවක් නැතුව තනි රථයක ගමන් කරන ඇමතිවරු අදත් ඉන්නවා. ඔලුගෙඩිවල මොකුත් නැති හීනමානයෙන් පෙලෙන හිස් දේශපාලනඥයන්ගේ හැටි ඔහොම තමයි.මේ වගේ ඇමති පුත්තු නිසා මොනතරම් ජාතික ධනයක් විනාශ වෙනවද. මේ...අනාගතයක් නැති රටක ජාතියක ලක්ෂණ තමයි.. (නි)
මේ අවුරුද්ද මේ අයට අගුනයි වගේ. (ස)
මේ ඇමති පුතා අපිට ගම්පහින් ඕනෑ. අපි මෙයා 1 වැනියා කරනවා. හොඳ මහත්මයෙක්. (නි)
මේකට කලබල වෙන්න එපා. රටේ හැමෝම මේවට කැමතියි. ඇමති පුතාල නොවෙයි පරම්පරාවටම ආරක්ෂාව දුන්නත් කිසිම ප්‍රශ්නයක් නැහැ. පහුගියදා ඡන්දයෙනුත් ඒක ඔප්පු වුණා (නි)
ඇමති පුතාගේ අරක්ෂකයන්ටත් ආරක්ෂකයෝ ඉන්නවා. එයාලගේ ගෙවල්වල සත්තුන්ටත් ආරක්ෂකයෝ ඇති.ඒ සැමටම යැපෙන්න බදු ගෙවන්නත් ලංකාවේ ජනයා සැදීපැහැදී ඉන්නවා. නිකන් නෙමෙයි දරු මල්ලන් තනිකර දමා පිටරට වහල් සේවයට ගොසින්... මුළු රටම මොවුන්ටම නැවත ඡන්දය දෙමු. (නි)
ඔන්න දයා, මම නම් නොවෙයි අර අධ්‍යාපන ඇමති වෙන කතාව කිවුවේ. මගේ නමින් ඉන්න අනෙක් චන්දි (මම අපේ කවි -විරිදු සෙට් එකේ ඉන්න චන්දි හොදේ ) (නි)
මේ රටේ ඉන්න දේශපාලුවෝයි, මිනිස්සුයි ඔක්කොම එකයි (නි)
දුප්පත් අපි බදු ගෙවනවා. ඒ වගෙන් මේ ගොල්ලොන්ට ආරක්ෂාව සලසන්ට වියදම් කරනවා ... ආඩම්බරයි තාත්තේ ...... (ස)
මේ අය ගමනක් යන්නේ මේ ගම බලලා අනෙක් ගමට යනවා වගේ.කොතනින් ගල් පාරක් එයිද දන්නේ නැහැනේ .අනේ අපොයි අපි ගෙවන බදු. (ස)
වැඩිහිටි කෙනෙක් පිල්ලේ බලන්න ගියා. පුතා තව කොහේද ගියා. රාළහාමි ඉස්පිරිතාලේ ගියා. එපමණයි කතාව. (නි)
විපක්‍ෂ පුතෙක් වුණා නම් මෙලහකටත් පරීක්‍ෂණ. (නි)
අපි ඉන්න රටේ ජනාධිපතිතුමාගේ ළමයින් යන්නේ සාමාන්‍ය මහජනතාව ගමන් කරන බස් වල උමං දුම්රිය හෝ දුම්රිය වලින්. ඔවුන්ට ආරක්ෂක නිලධාරීන් ලැබෙන්නේ නැත. ලංකාවේ මෙන් මහජන මුදල් වලින් මැති ඇමතිවරුන්ගේ මුළු පවුලම යැපෙන්නේ නැත. කෙටියෙන් කිව්වොත් ජනාධිපතිවරයා වහනයක යන විට පළමුව පොලිස් බයිසිකල් දෙකක් පාර නිදහස් කරදෙති. පසු පසින් තව එක රියක් යයි. ලංකාවේ මෙන් වාහන 10 ක් 12ක් යමින් මහජනතාවට පාර වසන්නේ නැත (නි)
පක්ෂය කෙසේ වෙතත් අඩුම ගානේ පුද්ගලයවත් බලලා ඡන්දේ දෙන්න පුරුදු වෙයල්ලා මිනිසුනේ (නි)
මම වැදලා කියන්නේ ගම්පහ මිනිසුනේ, මේ අය පාර්ලිමේන්තුවට එවීමේදී හොදින් හිතන්න (නි)
මේ පුත්තුන්ටත් පොලිස් ආරක්ෂාව දෙන්නේ කාගේ සල්ලි වලින්ද.රටකට ගිය කලක්. (නි)
කිසිම නිලයක් නොදරන මොහුට පොලිස් ආරක්ෂාව දීම සම්බන්ධයෙන් ඉහළ පොලිස් නිළධාරීතුමන්ලාගේ අදහස් දැන ගැනීමට අපි කැමතියි. (නි)