හම්බන්තොට සිට තංගල්ල ප්‍රධාන මාර්ගයේ දිනපතා දැවැන්ත ගල් කුට්ටි පටවාගෙන ටිපර් රථ ගමන් කිරීම අනතුරුදායක බව රියදුරෝද හා පදිකයෝද කියති.
කාර්ය බහුල වේලාවන්වලදී ටිපර් රථ පසුපසින් රිය ධාවනය කරන විට තමන් අපහසුතාවයන්ට පත්වන බවද කුඩා වාහන රියදුරෝ කියති.
ආරක්ෂිත පටි සවි නොකර ටිපර් රියේ පසුපස දොරද විවෘත කර දැවැන්ත ගල් කුට්ටි පටවා ටිපර් රථ විශාල සංඛ්‍යාවක් දිනපතා ගමන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා කාට කියන්නද , ගලක් පෙරලිලා කවුරුහරි මැරෙනකන් ඉන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශනයක් දාලම පියවරක් ගන්න .(අ)
මේවා මේ සංවර්ධනය ගැන ඊරිසියා කරන අයගේ කුහක කතා. පදිකයෝ,කුඩා වාහන රියදුරෝ, ත්‍රි විල් කාරයෝ වගේද සංවර්ධනය??මේවා නැවත්තුවොත් කොමිස් ලැබෙන්නේ කොහෙන්ද ?(අ)
එසැන මාධ්‍ය වාර්තාකරුගේ කැමරාවට හසුවුණා මෙම ටිපර් රථය හම්බන්තොට හෝ තංගල්ල පොලීසියේ මහත්වරුන්ට හසු නොවීම පුදුමයක්..? ධාවනයට සුදුසු නැති වාහන හා අවධානම් සහිත ප්‍රවාහන මොනතරම් අපේ රටේ ධාවනය වෙනවාද, නමුත් පොලීසියට සමහර විට නීතිය ක්‍රියාත්මක කරන්න බැහැ, සමහරවිට ක්‍රියාත්මක කරන්නේ නැහැ. (අ)
මේ වගේ වාහන පාරේ යන්න බැහැනේ අනේ මන්ද මම දන්නා හැටියට නම් පොඩි ගල් අරගෙන යන ලොරි රථ වලින් එක කැටයක් වත් එලියට වැටෙන්න තහනම්.(හේ)
මේවා දේශපාලඥයකුට අයිති ඇති.(හේ)
අඩු තරමේ ලොරියේ පිටි පස්සේ දොරවත් නැහැ. (නදී)
මේ දරුවනේ ඕවා කතා කරන්න එපා.(හේ)
අපේ අය සෑම අංශයකටම දක්ෂයි. නමුත් ආරක්ෂාව ගැන සැලකිල්ලක් නැහැ. ඒකට හේතුව නොදන්නා කමද කම්මැලිකමද කියන එක ප්‍රශ්නයක්. (නදී)