ගාල්ල සවුත්ලන්ඩ්ස් හිටපු විදුහල්පතිනිය විසින් ලබන ඉරිදා (27) කැඳවනු ලැබ ඇතැයි කියන පාසල් සංවර්ධන සමිති රැස්වීම වහාම අවලංගු කරන ලෙස ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලයි.
ස්ථාන මාරු කළ විදුහල්පතිනියට පාසල් සංවර්ධන සමිති මහා සභාව කැඳවිය නොහැකි බවත්, තමන්ට හිතවත් පිරිස් ලවා ස්ථානමාරුවට එරෙහි කටයුතු කටයුතු කරන බව පෙනෙන බවත් ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් පසුගිය රජය සමයේ විදුහල්පතිවරුන්ට ලබා දුන් ප්‍රභූ කර්නල් පදවි අහෝසි කළ බව අධ්‍යාපන ඇමැති කියා තිබිය දී සවුත්ලන්ඩ්ස් හිටපු විදුහල්පතිනිය කර්නල් පදවි භාවිත කිරීම වැරදි බවත් ස්ටාලින් මහතා සඳහන් කරයි.
අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ මේ සිද්ධිය ගැන සොයා බලන බවයි.
හිටපු විදුහල්පතිනිය අධ්‍යාපන අමාත්‍යංශය පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව අනුයුක්ත කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිම්ම්, ලංකා හෝ වෙන ගුරු සංගම් තියෙන්නේ පාසල් සුබසිද්ධියට. අගමැතිතුමාගේ අවධානයට යොමුවන්න ඕනෑ මේ පාසලට වෙලා තියෙන විනාශයටයි. (නි)
දැන් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පාලනය කරන්නේ ලංකා ගුරු සංගමේද? (බ)
සුභාෂිණි, මෙම විදුහල්පතිනිය ගැන ගාල්ල ජනතාවට රහසක් නොවේ (නි)
ප්‍රභූ කර්නල් පදවි අහෝසි කළ පසු එම තනතුර පාවිච්චි කිරීම පිළිබඳව විනය පියවර ගත යුතුය (බ)
රට නංවාලීමට සුවිශාල මෙහෙවරක් කිරීමට වෙහෙසෛන විදුහල්පතිවරුන් පාසල් වල කීර්තිනාමය වනසමින් සිදු කරන ප්‍රකාශ හෙළා දකිමු. සවුත්ලන්ඩ්ස් ආදි සිසුවියක් (බ)
විදුහල් පති තනතුරට කොහෙතේම සුදුසු නැහැ. (කෞ)
මෙවන් පුද්ගලයින් දකුණු පළාතට පිළිලයක් ලෙසයි අපි නම් දකින්නේ (නි)
දුම්මල ගසා හෝ එළවමු. රස රහස පෙනේ. මොකද මේක බදාගෙන ඉන්න හේතුව ජනතාවට දැන් පැහැදිලියි...... (නි)
පාසලට ඇතුළත් කළහැකිව තිබු අපේ දරුවන් පාසලට ඇතුළත් කරනොකර මුදලට ළමයි ගත් සමහරුන්ට වියයුතු දේ ස්වභාව ධර්මයා තීරණය කරනු ඇත. (නි)
විදුහල්පතිවරුන්ට කර්නල් පදවි දුන්නේ ආරක්ෂක අමාත්‍යංශයෙන්. ඒවා අයින් කරන්න අධ්‍යාපන අමාත්‍යංශයට බැහැ. ඒ වගේම මේ ලියුම ගහල තියෙන්නේ 13දා. විදුහල්පති ඉවත් කළේ 23දා. මේක තේරුම් ගන්න බැරි ස්ටාලින් කොහොමද සංගමයක් කරන්නේ. ස්ටාලින් කරන්නේ පෞද්ගලික ද්වේශ සහගත ප්‍රකාශ. අමාත්‍යංශයෙන් පහුගිය දවස්වල තොග පිටින් සුළු සේවක පත්වීම් දීල 7-8 එක පාසලකට බැගින් දැම්ම. ඔක්කොම කුරුණෑගල ඒවාට ස්ටාලින් සද්ද නැහැ. (බ)
දැන් ඔය විදියට ස්ථාන මාරුවක් දුන්නහම ලිපිය ලැබුණු දවසේ සිට මාරුවෙලා යනතුරු එයා විදුහල්පති නෙමෙයිද? එතකොට ස්ථාන මාරු දුන් දවසේ සිට දෙන වැටුප කුමක්ද? මේ දන්නේ නැති නිසයි අහන්නේ (නි)
මේ ලියුම ස්ථාන මාරුවීම ලැබීමට පෙර නිකුත් කරන්න අැති. (අ)
මේ ලංකා ගුරු සංගමය දැන් කරන්නේ පරිපාලනයට අඟිලි ගැහීමනේ..මෙය ගරු අගමැතිතුමගේ අවදානයට යොමුවිය යුතුයි (අ)
ලියුම් වලට ඕනෑ දිනයක් දාන්න පුලුවන්. ඕනෑ ගොනෙකුට යුද්ධ කරන්න පුලුවන් කියපු රටේ, ඇයට සමහරු සුදුහුණු ගාන්නේ කුමන හේතුවක් නිසාද? (නි)
දරුවන්ගේ ඇස පහදන්න ගුරුවරුන්ට මොන කර්නල් පදවිද මේවා තමා ගිය ආණ්ඩුවේ සෝබන වැඩ නමුත් අර සරසවි සිසුන්ට තිබුණු නායකත්ව පුහුණුව නම් හරිම වටිනවා. (ර)