මළ ඇතකුගේ පාද තුනක කොටස් හා ගෝනකුගේ අං තට්ටුවක් හුන්නස්ගිරිය සංචාරක නිකේතනයක තිබී සොයාගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඒ පිළිබඳ වාර්තාවක් ඔක්තෝබර් 14 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි තෙල්දෙණිය අධිකරණය හසලක වනජීවී කාර්යාලයට නියෝග කළේය.
පුටු, බන්දේසි ද ගෝන අං තට්ටුවක් ද එහි තිබී සොයාගත් බවත් සංචාරක නිකේතනය බාරකරු අධිකරණයට ඉදිරිපත් කළ බවත් කියති. සැකකරු ඇප මත මුදාහරින ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය.
සංචාරකයන් ඇද ගැනීමට මෙවැනි දෑ කළත් පරිසරයට හා සතුන් කෙරෙහි ලැදි සංචාරකයෝ මෙවැනි දෑ හෙළා දකිතියි පරිසර සංවිධාන කියති.





COMMENTS
අනේ මන්ද දෙයියනේ මොනවා වෙලාද මේ මිනිස්සුන්ට.(හේ)
බුදු දහම සත්‍යයයි! නරක වැඩ කරන මිනිසුන්ට ඒවා කවදාහරි ගෙවන්න වෙනවා. (නි)
සල්ලි ලැබෙනවා නම් දෙමාපියන් හරි පාවාදෙන අය තමයි මේ. කෝ මොවුන්ට නීතියක්. (නි)
පවුකාරයෝ. හරිම අප්‍රසන්නයි.(රේ)
මේ වගේ අලින්ව මරලා තමයි සමහරු පැටියව අරගෙන එන්නේ...!!! (නි)
අනෙමේ අහිංසක සතුන්ට දෙන වදයක් මෙයටත් මේවා කලකදී ලබෙන බව නොදන්නවා ඇති . (අ)
මමත් මේ හෝටලයට කලකට පෙර ගොස් තිබෙනවා නිදහසට පෙර අවදියේ සුද්දෙකු තමා මෙම බංගලාවේ අයිතිකරු ඒ අනුව මෙය වසර 100 -200 කට පෙර අවදියේ භාණ්ඩ ,එම අවධියේ සුද්දන් විනෝදයට අලි මැරුවේ , මට නම් හිතෙන්නේ කාට හරි මේ බඩු අයිති කරගන්න සිතිල තිබෙනවා (බ)
මේවා කරන අයට හෙන ගහන්න ඕනේ.(හේ)
සත්ව හිංසාවට මම බොහෝ විරුද්ධ වෙමි. ඒත් ඔය හැමදෙයකටම නීතියක් තියනවා නේද? පැරණි බොහෝ ගෙවල්වල ගෝන අං තට්ටු, ඇත් දළ තියෙනවා. ඉතින් කොහොමද මේවට නීතියෙන් ක්‍රියා කරන්නේ? පන්සල් වලත් ඇත් දළ තියෙනවා. දළදා මාළිගාවෙත් ඇත් දළ තියෙනවා. දාන සපත්තු, කාන්ත අත් බෑග්, ගෙවල් වල පුටුසෙට් පවා සතුන්ගේ හම් වලින් කරලා තියනවා. අර චන්දිම කිව්වා වගේ කාටහරි අයිති කරගන්න උවමනාව තමයි මටත් පෙනෙන්නේ. (නි)