ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පල්ලේකැලේ පැවැත්වෙන වෝන්-මුරලි කුසලාන ක්‍රිකට් තරඟයට දින දෙකක් තිබියදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරුවෙකු වශයෙන් කටයුතු කරන හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරුට බැණවැදී බලහත්කාරයෙන් ක්‍රීඩාංගණයට ඇතුළුවී කලබලකාරී තත්ත්වයක් ඇතිකර තිබෙන බව දැනගන්නට ලැබුණු බව ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල මහතා පැවැසිය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් සමඟ අද පස්වරුවේ (24) දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් සුමතිපාල මහතා මේ බව කීවේය.
පන්දුයැවීමේදී ජත්‍යන්තරයෙන් චෝදනා එල්ලවත්දී පාලක මණ්ඩලය හා ජනතාව මුරලි වෙනුවෙන් පෙනීසිටි බවත් අද ඔහු මෙවැනි හැසිරීමක් තම උපන් රටට එරෙහිව උපන් ප්‍රදේශයේ සිටම සිදුකිරීම කනගාටුවට කරුණක් බවත් මුරලිදරන් එසේ හැසිරී ඇත්තේ ක්‍රීඩාංගණය පුහුණු කටයුතු සඳහා නිදහස්කර නොතිබියදී බවත් ඒ සම්බන්ධයෙන් ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය දැනුම්වත් කිරීමට පියවරගත් බවත් සුමතිපාල මහතා සඳහන් කළේය.
මුරලි හිටපු ක්‍රීඩකයෙක් පමණක් බවත් ලොව ඕනෑම කණ්ඩායමකට තම වෘත්තිය දැනුම ලබාදීමට මුරලිට අයිතිය ඇති බවත් මෙරට ජනතාව මෙය මුරලිගෙන් කිසිසේත් අපේක්ෂා නොකළ ක්‍රියාවක් බවත් ක්‍රිකට් සභාපතිවරයා කීය.
වෝන් මුරලි කුසලානය සඳහා පැවැත්වෙන තරඟාවලියේදී අපේ යැයි පැවැසු මුරලි ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් අපට එරෙහිව පුහුණු කිරීම කෙතරම් සාදාචාරාත්මකද යන්න පිළිබඳව විමසාබැලිය යුතුව ඇතැයිද ඔහු පැවසුවේය.
ඡායාරූප - සෙනරත් බණ්ඩාර
වීඩියෝ - චමිල් රූපසිංහ


COMMENTS
අපේ රටේ සම්පත් වලින් ප්‍රයෝජන ගන්න පාලකයො දන්නේ නැහැ. ඒකට ක්‍රීඩකයො වැරදි නැහැ. (නි)
නලින් හරි. අපිට හිටිය තරමක් හිටියේ විදෙස් පුහුණුකරුවො. අනික ලංකාවේ කණ්ඩායමෙන් අයින්වෙන ඔක්කොම ලංකාවේ කණ්ඩායමට පුහුණු කරන්න ගන්න බැහැනේ. මුරලිට, සංගාට, මහේලට කවදාහරි මාලිංගට, ඩිල්ෂාන්ට විදෙස් රටකට පුහුණුකරුවෙක් වගේ එකතුවෙන්න පුළුවන් වෙයි. අපි එ්කට ආඩම්බර වෙන්න ඕනෑ. චම්පික, හතුරුසිංහ වගේ අපේ හිටපු ක්‍රීඩකයෝ බංගලාදේශ්, ඇෆ්ගන් වගේ රටවලට පුහුණු කරද්දී අපි ආඩම්බර වෙනවා. එ්ත් අනිත් ඒ වගේ දක්ෂ ක්‍රීඩකයෝ ලොකු රටකට පුහුණු කරද්දී රට පාවාදෙනවා කියනවා. වට්මෝර්, ටොම් මුඩී, බේලී වගේ අය අපිට පුහුණු කරද්දී ඒ රටවල මිනිස්සුත් මේ වගේ හිතුවා නම්.?? (නි)
කොතැනක හරි ලොකු වරදක් ඇති. අපි මුරලිගේවත්, පාලක පැත්තෙවත් හරියට තොරතුරක් දන්නේ නැහැනේ. එ්ත් මුරලිට අපේ උපන්, හැදුන වැදුන රට කියන ගෞරවය මීට වඩා තිබුනේ නම් ගොඩක් වටිනවා. (නි)
ඉදිරියේදී සිදුවෙන දේ ගැන අපි ඉවසීමෙන් බලාසිටිමු (නි)
මේක මට නම් පුදුමයක් නෙමෙයි (නි)
මම නම් මුරලි වැරදියි කියන්නේ නැහැ. ඔහු විනීත ක්‍රීඩකයෙක්. ඔය පාලක මණ්ඩලේ ඉන්න සමහර මහත්වරු වගේ නෙමෙයි. (නි)
අනේ මන්දා මොනවා වෙන්න යනවද කියලා (නි)
නමුත් තීරණ ගැනීමේ අයිතිය පුද්ගලයින් සතුවිය යුතුයි (නි)
පරිපාලන නීති කැඩුවා නම් ඒක වෙනම ප්‍රශ්නයක්. අනෙක ක්‍රීඩාව ක්‍රීඩාව සඳහා මිස පුද්ගලයින් සඳහා නොවේ (නි)
පාලක මණ්ඩලයට බනින මහත්වරු කියන්න බලන්න ඔය මුරලිට ගෙවන මාසික දීමනාව දීලා අපේ පුහුණුකරුවෙක් කරගන්න පුලුවන්ද? ඕවා ගෙවන්නෙත් දුප්පත් අපි ගෙවන බදු මුදලින්. අහලා නැද්ද කොතරම් ගුණ කළත් දුදනෝ නොවෙති යහපත් කියලා. ලැජ්ජයි. මේ අපි ආදරය කළ මුරලිද? (නි)
අපේ වැරැද්ද. මුරලිගේ දක්ෂතා අපි ප්‍රයෝජනයට ගත්තේ නැහැ. පුහුණුකරුවන් විශාල මුදලක් දීලා පිටරටින් ගෙන්වනවා. අපේ අයට ගෙවලා ඒ අය ගත්තා නම් ඒ අය පිට යන්න ඕනෑ නැහැ. පාලක මණ්ඩලයේ වැරදි වහගන්න අනෙකාට මඩ ගහනවා. (නි)
මුරලිදරන් ඔහුට පුළුවන් කාලේදී ලංකාවට සේවය කළා. ඔහු දැන් නිදහස් පුද්ගලයෙක්. ඔහු වෘත්තිය ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඔහුට කැමති රටකට සේවය කරන්න ඔහුට තිබෙන නිදහසට අපි කවුරුත් ගරුකළ යුතුයි. දැන් පිටරටකට තම වෘත්තිය දැනුම මිලට දෙන එකම පුද්ගලයා මුරලිදරන් විතරමද? කෙන්ද කන්දක් කරගෙන කෑ ගහන්න එපා. නවීන තාක්ෂණය සොයාගත් උගත් විද්‍යාඥයෝ වගේම ක්‍රීඩා සහ නිකුත් දේවල් සම්බන්ධ විශේෂඥ දැනුම් ඇති අය මේ විදියට පටු විදියට හිතලා අනිත් රටවල් සමඟ තාක්ෂණය, දැනුම බෙදා හදා ගත්තේ නැත්නම් අපි එහෙනම් තවමත් ගල් යුගයේ තමයි. (නි)
මුරලි කරන්නේ තම රැකියාව. ශ්‍රී ලංකාවට තම සේවය අවශ්‍ය නොවෙනවා නම් ,එය අවශ්‍ය රටක් සමඟ ගිවිසුම් ගැහීම කාටවත් වළක්වන්න බැහැ. අර හතුරුසිංහ බංගලාදේශ කණ්ඩායම ඉතා ඉහළ තැනකට අද ගෙනල්ලා තියෙන්නේ. ක්‍රිකට් පාලක මණ්ඩල ඉතිහාසය සහ මුරලිගේ ඉතිහාසේ සැසඳුවාම, කවුද හරි කියලා තේරුම් ගන්න එච්චර අමාරු නැහැ (නි)
අපේ ක්‍රිකට් බලධාරීන්ගේ කෙරුවාවල් වල තිබෙන සදාචාරාත්මක බව බැලුවහම මුරලි ඒ හැටි වැරැද්දක් කරලා නැහැ. මුරලි පුළුවන් හැම වෙලාවේම රට වෙනුවෙන් පෙනීහිටියා. ඔහුගේ සේවය ඕස්ට්‍රේලියාව ලබාගත්තේ අපේ මිනිස්සු ඒ සේවය ලබාගත්තේ නැති නිසා. කොහොමත් අපේ රටේ ඉන්න ගොඩක් ලොක්කෝ හැරෙනකොට අශ්වයා පැනලා ගිහිල්ලා. (නි)
මේ ශ්‍රී ලංකාවේ විදිය. කළු සුදු මානසිකත්වය. ලංකාව වෙනුවෙන් අවුරුදු ගණනක් ක්‍රීඩා කරනකොට ඔහු වීරයෙක්. එක වැරැද්දකින් ඔහු ද්‍රෝහියෙක්. (නි)
ඇත්තටම මට පුදුම හිතෙනවා වෙලාවකට මෙයාගේ හැසිරීම ගැන (නි)
පාලනය කරන මිනිස්සු පිස්සෝ වගේ හැසිරෙන්න ගත්තම මිනිසුන්ට එපාවෙනවා. නියම මිනිහට නියම තැන දෙන්නේ නැතිවුණාම එක තැනටම වෙලා ඔලුව ඔබගෙන ඉන්නේ නිවටයෝ. මුරලි රට අත්හැර ගිය එක හරි. මෙතන වෙලා තියෙන්නේ වුණදේට වැඩිය ඊර්ෂ්‍යාව සහ පළිගැනීම. අපේ කණ්ඩායමට අලුතින් ආපු දේශපාලන හෙංචයියන්ගේ පුතාලා ගැනත් අපි දැක්කනේ. මේවා කාටද කියන්නේ. (නි)
මුරලිගේ පැත්තෙන් කතාව නොදැන තිලංග කියන දේ පමණක් අහලා තීරණයක් ගැනීමත් සාධාරණ නැහැ නේද? මොනවා වුණත් මුරලි කියන ක්‍රීඩකයා මේ රටට ලොකු සේවයක් කරලා තියනවා කියලයි මම නම් විශ්වාස කරන්නේ (නි)
අරහේ පකිස්තාන් සහ එංගලන්තය අතර ටෙස්ට් තරඟාවලියේ එංගලන්ත දඟ පන්දු යවන්නන්ගේ උපදේශක සක්ලෛන් මුස්ථාක්. හැබැයි එ්ක ඔවුන්ට ගානක්වත් නැහැ. මෙහෙ තමයි හැම කෙනාටම රිදෙන්නේ. සංගක්කාර, මාලිංගටත් කළේ ඔය ටිකමනේ අපේ අය (නි)
තමුන්ට රැකියාවක් නොදුන්නා කියල මේ වගේ කැත වැඩ කරනවද? නමුත් ඔහුට තැනක් දෙන්න තිබුනා තමා. (නි)
මුරලි පඩියට කාව පුහුණු කළත් කමක් නැහැ. අදාළ දේ පමණක් කරලා ඔබේ පඩිය ගන්න. අනවශ්‍ය දුස්රා දාලා කොලේ ඉරාගන්න එපා. ඔබට හැම කෙනාම කෙනෙහිලිකම් කරද්දි ඔබ වෙනුවෙන් රටේ ජනතාව විතරයි හිටියෙ. දැන් ඔවුන්ම ඔබේ පුහුණුව ඉල්ලීම කර්මය තමයි. ඒ කර්මය කාටත් එකයි. (නි)
මුරලි ඉතා හොඳ ගුණගරුක කෙනෙක්. මෙය ඉතා හොඳින් අධ්‍යයනය කර අදහස් දැක්වියයුතු ගැටළුවක්. මෙහි කිසිම වරදක් නැහැ. රට වෙනුඑන් පෙරට ඇවිත් අවශ්‍ය අවස්ථා වලදී මුරලි තම උතුකම ඉටුකරලා තිබෙනවා. මේ තනිකරම දේශපාලුවන්ගේ උගුලක්. සාමාන්‍ය ජනතාව වන අපි හැමදාම ඒ උගුලට අහුවෙනවා. අපි මේ යන්නේ වැරදි පාරක. මුරලි අපේ ජාතික වීරයෙක්. (නි)
ඒක මුරලිගේ අයිතිය (නි)
අපි ටිකක් ඉවසමු. ඇත්ත එළිවෙයි. පාලක මණ්ඩලයත් එක්ක කතාකරලා මේක විසඳාගන්න පුලුවන් (නි)
ක්‍රීඩාව පාලනය කරන අයට ඕන සල්ලි විතරයි. ආයතනයේ මොනතරම් මුදල් නාස්තියක්ද? අපේ අයගේ උපකාර ගත්තා නම් පාලකයන්ට පාඩු මිසක් ලාබ නැහැ. (නි)
රුවන්, අර පාලකයෝ කරන හොරකම් නැවත්තුවොත් අපේම උපදේශකයින්ට හොඳට ගෙවන්නන පුළුවන්. අපේ ආයතනය ගැන ටිකක් කියවල බලන්න එ් අයගේ නාස්තිය ගැන. (බ)
නවසීලන්තය වාස්ගෙන් ප්‍රයෝජන අරගෙන අපිට ගැහුවා. එංගලන්තය මහේලගෙන් ප්‍රයෝජන අරගෙන අපිට ගැහුවා . ඔස්ට්‍රේලියාවත් ඒ ටිකමයි කරන්න යන්නේ .(සුද්දෝ මේ කරන්නේ අපේ තරුණ ක්‍රීඩකයන්ව මානසික පීඩාවට පත්කරන්න) මේ ඔක්කොටම කලින් අපේ ක්‍රිකට් පාලක මණ්ඩලයට තිබුණා වාස් මහේල මුරලි යන අයගෙන් ප්‍රයෝජන ගන්න. මේ මොනවා උනත් අපේ ක්‍රීඩකයන්ට රසිකයන්ගේ අාශිර්වාදය සහ සහයෝගය කවදත් ඇත. (බ)
ඔය කියන පුද්ගලයා කළ කී දේ ගැන කවුද දන්නේ..? අපේ රටේ තාම ජාතිවාදීන් යහමෙට වැජඹෙන නිසා මුරලිව යම් විදිහකට බාල කරලා කතා කරන්නැති. තිලංග මහත්තයත් මුරලිගේ අයිතිවාසිකම් ගැන කතා කරනෙකෙන්ම ඒක පැහැදිලි වෙනවා. මුරලි කියන්නේ අපේ රටේ ඉන්න දේශපාලුවෝ වගේ නෙමෙයි. තාමත් විරලව රටකට පහළවෙන ක්‍රීඩකයෙක්.අනිවාර්යයෙන් ඔය ගැන පරීක්ෂණයක් පැවැත්විය යුතුයි.නැත්නම්, ඔය ක්‍රීඩකයා අපිට සහ රටට දුන්නු දේවල්වලට අපි සලකන්නේ මෙහෙමයි කියල හිතනෙක නවත්තන්න්න බැහැ. (බ)
ලංකාවේ කොහෙද විනයකට වැඩ කෙරෙන්නේ? මුරලි යම් වැරැද්දකට කතාකරන්න ඇති,. ඒ කතාව දඩමීමා කරගෙන මුරලිට මඩගහන්න කරපු වැඩක් මේක. මුරලි මුළු ලෝකයේම ක්‍රිකට් ක්‍රීඩකයන් අතර නිහතමානීම කෙනෙක්. (නි)
අනේ තිලංග මහත්තයෝ; මුරලිට මඩ ගහන්න ගිහින් ඇදගෙන නාගන්නේ නැතුව අපේ ක්‍රිකට් ක්‍රීඩාවට වෙලා තියෙන නස්පැත්තියට පිලියමක් හොයන එකනේද දැන් කරන්න තියෙන්නේ. ඩේව් වොට්මෝ 1996දි අපේ කණ්ඩායමේ පුහුණුකරු වෙලා ලෝක කුසලානය අපට අරන්දෙන්න උරදුන්නට ඔස්ට්‍රලියානුවෝ වොට්මෝට මඩ ගහලා කුහකකම් කලේ නැහැ නේද? අතීතයෙන් පාඩම් ඉගෙන ගන්නකෝ. (හේ)
මුරලි රට වෙනුවෙන් කළ දේ වලින් ලක්ෂයකින් එකක් කරලා තියෙනවද මේ මුරලිව ප්‍රශ්න කරන දේශපාලකයෝ? ඕනෑම ක්‍රීඩකයකුට අයිතියක් තියෙනවා ඕනෑම තැනක පුහුණුකරුවකු වෙන්න, ඔවුන් ක්‍රීඩාවෙන් සමුගත්තට පස්සේ. අපේ රටෙත් ඉන්නවා නේද විදේශීය පුහුණුකරුවෝ? මූඩි, ෆර්බ්‍රෙස්, ෆෝර්ඩ්? එතකොට හතුරුසිංහ, කල්පගේ දැන් බංග්ලාදේශ් ටීම් එකේ. (නි)
සුදුස්සාට සුදුසු තැන නොදීමෙන් මුරලිගේ සේවය ඕස්ට්‍රේලියානුවන් විසින් ලබාගෙන ඇත. ඔහුට යම් ගෙවීමක් කරන නිසා ඔහු අනිවාර්යයෙන්ම ඕස්ට්‍රේරලියානු පිලේ ජයග්‍රහණය සඳහා කැපවෙනු ඇත. මෙයට වගකිව යුත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව හා පාලක මණ්ඩලයයි. (නි)
තවත් දක්ෂ ක්‍රීඩකයෙකුගේ සේවය ලංකාවට අහිමිවෙන තැනත් වැඩි ඈතක නැත (නි)
ලංකාවේ ක්‍රිකට් ගොඩදාගන්න ක්‍රමයක් හොයන්න මහත්තයෝ නිකන් මහත්වරුන්ට චෝදනා කරන්නේ නැතුව. අපි දන්නවා කාගෙ කාගේත් සදාචාරය ගැන (නි)
අමතක කරන්න එපා මුරලි නිසාම දිනාගත්ත තරඟ ගැන. අපිට තිබෙන සම්පත් වලින් පල නෙළාගන්නෙ විදේශ ජාතිකයන්. අපේ මිනිස්සු වටිනාකමක් තිබෙන සියලු දේ නොසළකා හරිනවා. ළකුණු දා ගන්නයි කවුරුත් දඟලන්නේ. සද්දෙ දාන කවුරුත් මුරලි විශ්‍රාම ගියාට පසුව ජීවත්වුණේ කොහෙද එයාගෙ ආර්ථික තත්ත්වය කොහොමද කියලා හෙව්වේ නැහැනෙ (නි)
ඉෂාන්, මුරලි පහුගිය ටිකේම ලෝකේ වටේ ක්‍රිකට් තරග වලට සහභාගි වෙමින් තමයි හිටියේ , ඉතින් එයාගේ ආර්ථික තත්ත්වය ගැන කතා කරන එක විහිළුවක් , අනික වෙන රටවල් වල විශ්‍රාමික ක්‍රිකට් තරු තමන්ගේ රටේ ක්‍රිකට් ඇද වැටෙනකොට කාගෙන්වත් ඉල්ලීමක් එනකන් ඉන්නේ නැහැ ඇවිල්ල නවකයන්ට හැකි පමණින් උදව් කරනවා ( උදා : ඉන්දියාව .ඔස්ට්‍රේලියාව ...) මොකද ඒ ගොල්ලොන්ට තමන්ගේ රටේ ක්‍රිකට් වල තත්වය ඉතා වැදගත් අනිත් දේවල් වලට වඩා (බ)
මනුස්සයා කවුද කියන එක මේ රටේ ක්‍රිකට් ප්‍රේක්ෂක ජනතාව හොඳට හඳුනනවා. සදාචාරය ගැන කතාකරමින් විෂමාචාරය පතුරුවන සමහර දේශපාලකයින් මෙරටේ වටිනාකම් ඇති මානව සම්පත් පිටට ඇදීයාම වළක්වා ගැනීමට කටයුතු කළා නම් මෙවැනි අවස්ථා ඇතිවීමට ඇති ඉඩකඩ අඩුවේවි. වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිටින තැන වගකිවයුත්තෝ කවුද කියලා බුද්ධිමත් ප්‍රේක්ෂකයින් අවබෝධ කරගෙන හමාරයි. ඒ වගකිවයුත්තෝම වේදිකාවට ගොඩවෙලා බයිලා ගීතයක් කීවිටත් විසිල් පාරක් ගහන ඒ මට්ටමේ ප්‍රේක්ෂකයින් පිරිසක් සිටින එක ගැනත් බුද්ධිමත් ප්‍රේක්ෂක ජනතාව හා දක්ෂ ක්‍රීඩකයින් දැනුවත්. (නි)
ලසන්ත වැරදියි. දඟ පන්දු යවන්න විශේෂ පුහුණුකරුවෙක් අවශ්‍ය නැහැ. දඟ පන්දු යවන අපට සිටින අයගේ පන්දු යැවීම එක් එක්කෙනාට වෙනස්. ඔහු වේග පන්දු යවන්නෙක් නම් ඔබේ තර්කයට මමත් එකඟයි (නි)
දැනගන්න ලැබුණු විදියට පුහුණුවීම තරඟය තිබ්බ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේ තනතීරුවත් මෙයා ඔස්ට්‍රේලියාවට අවශ්‍ය විදියට හදල දීල තියෙනව (බ)
සල්ලි වලට මිනිසුන් ඕනෑම දෙයක් කරනවා කියන එකට සුපිරිම උදාහරණය තමා මේක (නි)
මිනිසුන්ගේ හැකියාවන් විවේචනය කරන්න එපා. ඒ මනුස්සයා කරලා තියන දේ තාම හරියට කවුරුත් දන්නේ නැහැ (නි)
විදේශීය රටවල ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළු සමස්ත ක්‍රීඩා සියල්ලම දේශපාලනයෙන් නිදහස්. අන්න එ් නිසා තමයි ඒ රටවල ක්‍රීඩාවන් දියුණුවෙන් දියුණුවට පත්වන්නේ. මුරලිගේ කිසිම වරදක් මට පෙනෙන්නේ නැහැ. මුරලි කියන දේ හරියටම හරි. අපිට නම් ලංකාවේ ක්‍රිකට් එපාවෙලා. හරිම දුකකින් හා කළකිරීමකින් ඉන්නේ. (නි)
මුරලි අපේ කළමනාකාරතුමාට බැනපු එකනම් බොහොම වැරදි වැඩක්. මුරලිව ඒ කාලේ පන්දු යැවීමේ චෝදනා වලින් නිදහස් කරගත්තේ අපේ රටේ අය මිසක් ඕස්ට්‍රේලියාව නොවෙයි කියලා මුරලි දැනගන්න ඕනෑ. මුරලි අද ඔය තත්වයේ ඉන්නේ අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවට පින්සිද්ධ වෙන්න. හැබැයි ඒ වගේම මෙතන තව පැත්තක් තියෙනවා. මුරලිව ඕස්ට්‍රේලියාව ගන්න කලින් අපිට මුරලිගේ සේවය ලබාගන්න තිබුනා නේද. ඇයි අපි එහෙම නොකළේ? (නි)
අපේ අයත් මෙයාලව හිස් මුදුනින්ම ඇදහුවානේ. දැන් පේනවනේ වැඩ! (නි)
හිතට එන තරහා මෙතන වචන වලට පෙරළන්න අමාරුයි (නි)
කණගාටු වියයුතු කරුණ නම් මේ වෙනස තවම අපිට නොතේරෙන එකයි. (නි)
මිනිස්සුන්ට අසාධාරණකම් වෙනකොට යන්න යනවා තමයි. දේශපාලකයෝ හිතාගෙන ඉන්නේ එයාලට හැමෝම පාලනය කරන්න පුළුවන් කියලා. පේනවා නේද දැන් ක්‍රිකට් ටීම් එකටත් දේශපාලන පත්වීම් දීලා (නි)
අපේ රටේ සම්පත් වලින් ප්‍රයෝජන ගන්න පාලකයො දන්නේ නැහැ.(හේ)
අපගේ බෝර්ඩ් එක දක්ෂයන්ට නෙමේ තැනක් දෙන්නේ වේග පන්දු පුහුණුකරු විකට් 100 ගන්න බැරි වූ කෙනෙක් ,වේග පන්දු පුහුණුකරු ලෙස චමින්ද වාස් , පන්දු රැකීමට රොෂාන් මහානාම ,දඟ පන්දු යවන්න මුරලි වගේ විශේෂඥ දැනුම් ඇති අය අරගෙන ලංකාව දිනවන්නකෝ (අ)
අපි සිදුවෙන දේ නිහඬව බලාසිටිමු (නි)
මෙයත් නම කැතකරගන්න වගේ දඟලන්නේ. එක අතකට සල්ලි ලැබෙනවා නම් නම කැතකර ගත්තත් මොකද. නේද? (නි)
ඕස්ට්‍රලියාවේ ඩේවිඩ් වට්මෝර් ලංකාවට ලෝක කුසලානය ගන්න ඕස්ට්‍රේලියාවට එරෙහිව ලංකාව පුහුණු කළ එක හොඳ නම් මුරලිට තමා කැමති රස්සාවක් කරන්න තියෙන අයිතිය, තව කෙනෙකුට ජනතාවගේ සල්ලි වලට විදින්න තියෙන අයිතියට වැඩිය වැඩියි කියලයි මම හිතන්නේ. (නි)
ලෝකය පාලනය කරන්නේ, ලෝක පාලක ධර්ම යනුවෙන් හඳුන්වන ලැජ්ජා භය නොව, මුදල් බව නැවතත් ඔප්පු වී ඇත. (ම)
මේ වගේ දක්‍ෂ ක්‍රිකට් ක්‍රීඩකයන් තම මව්රට අතහැරලා වෙනත් රටක ක්‍රීඩකයන් පුහුණු කරන්න පුහුණුකරුවෙකු වශයෙන් යන්නේ රටේ ක්‍රිකට් පාලකයින්ගෙ හොඳකම නිසා නේද? මේ වාගේ දේවල් මීටකලින් කොච්චර වෙලා තියෙනවාද? තව වෙන්න තියෙනවාද? තමන්ගේ දක්‍ෂතාවයට උපරිම වටිනාකමක් රටේ පාලකයින්ගෙන් ලැබෙන්නෙ නැත්නම් ඉදිරි අනාගතයෙත් මේ වගේ දේවල් තවත් බලාපොරොත්තු වියයුතුයි. (නි)
අනේ මේ චමිල, දන්නා දෙයක් කියන්න. මුරලිට ඕනෑ තැනක සේවය කරන්න කාගෙන්වත් අවසර ගන්න ඕනෑ නැහැ. (නි)
ලෝකය පාලනය කරන්නේ, ලෝක පාලක ධර්ම යනුවෙන් හඳුන්වන ලැජ්ජා භය නොව, මුදල් බව නැවතත් ඔප්පු වී ඇත. (නි)
ලංකාවේ දේශපාලන බළල් අත් නැති ක්‍රිකට් පාලක මණ්ඩලයක් බිහිවීම සදාකාලික සිහිනයක් වගෙයි මටනම් පෙනෙන්නේ.හිතේ ඇතිවන තද දුකකින් හා කලකිරීමකින් තමයි ප්‍රේක්ෂක අපි ඉන්නේ. අනේ අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්හට පැහැදිලි මානසිකත්වයකින් යුතුව කවදා දස්කම් පෙන්නන්න වෙයිද දන්නේනේ නැහැ. අනේ ඇන්ජෙලෝ පුතේ අහිංසක ඔබ ගැන මට හරිම දුකයි.(බ)
ඇයි මුරලිව පුහුණුකරුවෙක් කෙනෙක් විදියට ලංකාවේ කණ්ඩායමට බඳවා ගත්තේ නැත්තේ? අනිත් එක මේ හැම කෙනාම මුදලට යටයි මහත්තයෝ. (නි)
අපේ ක්‍රිකට් කණ්ඩායමේ රැකියාවක් දුන්නේ නෑ කියලා අපේ රටේ නීති කඩන එක හරි ද ..?(හේ)
මේවට මොනවා කියන්නද කියලා හිතාගන්න අමාරුයි (නි)
බොහෝ දෙනා මුදලට ඕනෑම දෙයක් කරනවා යන්නට මෙය හොඳ උදාහරණයක් (නි)
මුදලට සියල්ල යටවන යුගයක මෙවන් සිදුවීම් ගැන පුදුමවිය යුතු නොවේ (නි)
සල්ලි වලට ඕනෑම දෙයක් කරන මිනිස්සු ඉන්නවා (නි)
සල්ලි පෙන්නුවොත් ඕනෑම දෙයක් කරන්න සමහරු බැඳිලා ඉන්නවා (නි)
මුලින්ම කිවයුත්තේ මුරලිට අපේ සහාවෙන් මොන වෙලාවකදිවත් අාරාධනා කරලා නැතුව ඇති. මුරලිට වෙන තැනකින් එන අාරාධනාවකට එයාට යන්න කාගෙන්වත් අවසර ඕනෑ නැහැ. මේක එයාගේ රැකියාව. අපේ සභාවට ඕනෑ නැහැ අපේ අයගේ උදවු. (නි)
මේ සියල්ල සිදුවන්නේ සිදුවියයුතු ආකාරයටයි. එය වෙනස් කරන්න කාටවත් බැහැ. එමනිසා විවාද නොකර එය සිදුවීමට ඉඩදී බලාසිටින්න (නි)
මුරලි ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් අපට එරෙහිව පුහුණු කිරීම කෙතරම් සාදාචාරාත්මකද යන්න පිළිබඳව විමසාබැලිය යුතුව ඇතැයි කියන කතාවට මම නම් එකඟ නැහැ (නි)
ගයාන්, ඔයාට තමයි මුකුත් තේරෙන්නේ නැත්තේ. අපේ රටට එන ටීම් වලට තනතුරු හදල දෙන්නේ අපිට ඕනෑ විදියට. එහෙම තමයි හැම රටක්ම කරන්නේ. (නි)
දේශපාලුවන්ගෙන්, ව්‍යාපාරිකයන්ගෙන් හා ඉහගෙන කන්නන්ගෙන් සපිරි පාලක මණ්ඩලයක් සිටිනතුරු අපේ ක්‍රිකට් වලට අනාගයක් නැහැ (නි)
මේක මාර කතාවක්නේ දෙවියනේ. මුරලිට කැමති කණ්ඩායමක් පුහුණු කරන්න පුළුවන්. එහෙනම් අපි කුසලානය දිනුවේ වට්මෝර් අපිව පුහුණු කරනකොට. ක්‍රිකට් කියන්නේ යුද්ධයක් නෙමෙයිනේ. (නි)