කොස්ලන්දේ මීරියබැද්දේ වැහිබර කාලගුණයත් සමග කන්ද මුදුනෙන් සිට බොර ජල පහරක් පහළට ගලා ඒම නිසා කැනීම් මින් මද වේලාවකට පෙර අත්හිටැවිණි.
1500කට ආසන්න ආරක්ෂක අංශ සාමාජිකයෝද ඔවුනට සහාය දෙන තවත් පිරිසක්ද අද (4) හත්වැනි දිනටත් මෙහෙයුම් අරඹා පැය කිහිපයකට පසු මේ තත්ත්වය උදා විය.මෙහෙයුම් කරන ත්‍රිවිධ හමුදාවට ,පොලීසියට හා සහන සේවකයින්ය ශබ්ධ විකාශන මඟින් දැනුම් දුන්නේ වහාම එම පෙදෙසින් ඉවත් වන ලෙසයි.
මේ අතර උතුරු මහ ඇමැති සී විග්නේෂ්වරන් මහතා මීරියබැද්දටද අවතැන් කඳවුරුවලට ද ගියේය.
අද සොයාගත හැකි වුයේ පිං කැටයක් හා ඇඳක් පමණි.මළ සිරුරු කැබැලි කිහිපයක් හා සිරුර අටක් සොයා ගත් බව පොලීසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මහත්වරුනේ කරන දෙයක් පරිස්සමෙන් (දී)
ලොකු දිය පාරවල් යටින් ඇති. 70 දී පස්සර ප්‍රදේශයේ අක්කර ගණනක තේ වත්තක් පොලොව යටට ගිලා බැස්සා. විශාල (මුහුදේ ශබ්ද වගේ) ජළ කඳක් සමගින් බොර වතුර මතුවුනේ බොහෝ දුරක් පොලොව යටින් ගොස් මොනරාගල හුලන්දාව සොරොව්ව අසලින්. (ර)
අවධානමක් අරන් මේ දේවල් කරන්න හොඳ නැහැ. මොනවා හරි සිද්ධ වුනොත් ඔය අරක කරන්න මේක කරන්න කියලා කෙකර ගාන උදවිය වග කියන්නේ නැහැනේ. අවධානම පහව ගියාම තමන්ගේ ජීවිතත් ආරක්ෂා කරගෙන වැඩේ කලාම කොයි කාටත් හොඳයි. (හේ)
දැන් 1500ක් යොදවල. එත් එක ජීවිතයක්වත් හොයා ගන්න බැහැ.මේක වෙන්න කලින් එක නිලදාරියෙක් හරියට ඉදිරිපත්වෙලා මේ අයව වෙන තැනකට යැව්වනම් මේ විනාශය වලක්වා ගන්න තිබුන. (බ)
ඒක හොදයි නැත්තම් තවත් අනතුරක් වෙන්න තිබ්බා.(හේ)
උතුරේ මහ ඇමැති සී විග්නේෂ්වරන් මහතා මීරියබැද්දට ආපු එක සතුටුයි. මේ වගේ අනිකුත් පළාත් වලටත් ජාති බේදයෙන් තොරව ගියානම් තමයි හොඳ. කව්රුත් මනුස්සයෝ කියලා හිතලා අපේ රටේ දේශපාලන්දයෝ කටයුතු කරානන්, අපිට කවුරුත් ඇඟිලි දික්කරන්නේ නැහැ. (හේ)
අශ්වයා පැන ගියාම ඉස්තාලය වහලා වැඩක් නැහැ.(හේ)
ස්වභාව ධර්මය බොහොම කෝප වෙලා වගෙයි, මේ රටේ කෙරෙන අපරාධ වල හැටියට. අතුරු අන්තරා වලින් බේරිලා ඉන්න නම් දේශපාලුවන්ගෙන් පුළුවන් තරම් දුරට ඈත්වෙලා ඉන්න. දේශපාලුවන් වුණත් තම තමන්ගේ ඔලුවලට අකුණු සන්නායකය බැගින් සවිකර ගන්න එක හොඳයි! (නි)