දින පහක් පස් ඉවත් කිරීමෙන් පසු කොස්ලන්ද මීරියබැද්ද වත්තට යන පාර මතු කැර ගැනීමට පොලීසිය හා ගුවන් හමුදාව හා යුද හමුදාව සමත් විය.මෙම පාර මුලින්ම ගිලා බැස තිබිණි.එම අනතුරු සංඥාව අනුව ක්‍රියා කළේ නම් බොහෝ ජීවිත බේරාගත හැකිව තිබු බව පරීසරවේදීන්ගේ මතයයි.
සහන සේවකයන්ගේද සහයෙන් හමුදාවෝ දිගටම සිරුර සෙවීමේ යෙදී සිටිති.ඔවුන් මුහුණපාන බලවත්ම ප්‍රශ්නය වනුයේ දැඩි අනතුරුදායක ප්‍රදේශයක් වන මීරියබැද්දට මහජනයාගේ පැමිණිමයි.පොලිස් මාර්ග බාධක යොදා දැන් මීරියබැද්ද තහනම් ප්‍රදේශයක් කැර ඇත.
යට වු මීරියබැද්දට කන්දෙන් හටගත් දිය උල්පත් දැන් කැණීම් සිදු කරන පෙදෙසින් වෙනත් මාර්ගයකට යොමු කිරීමට හමුදාව සමත් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය සහ හමුදාවට අපේ ස්තුතිය සහ ප්‍රණාමය ජනතාවත් ටිකක් කල්පනා වෙනවනම් අනතුරු අවම කරගන්න තිබුණා...(බ)
වැරැද්ද ගන්න එපා. අම්පිටිකන්ද වතු යායේ එක කොටසක් තමයි මීරියබැද්ද. මීරියබැද්ද කියල වෙනම වත්තක් නැහැ (නදී)