කොස්ලන්ද මීරීයබැද්දේ අවතැන් වුවන්ට රජය මගින් ඉඩම් ලබා දෙන බව ආපදා කලමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි.
මේ අතර මිය ගිය සංඛ්‍යාව පිළිබඳ පරස්පර වාර්ථා ඉදිරිපත් වේ.ගැමියන්ගේ තක්සේරුව වනුයේ ගමේ 350කට වැඩි පිරිසක් සිටි බවයි.එයින් රැකියාවට ගිය අය හා පාසල් ගිය දරුවන් හැරුණු විට 192 දෙනකු සොයාගැනීමට නැතැයි ආපදාකළමණාකරණ නිලධරයෝ කියති.
ඔවුන් අනතුරුව එය සංශෝධනය කරමින් මිය ගිය ගණන 100ක් වන්නට ඇතැයි කීවේය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අද කීවේ මිය යන්නට ඇති ගණන 33ක් බවයි.මුල් දිනයේ සොයාගත් මළසිරුරු ගණන 3ක් බවයි.අදත් සිරුරක් සොයා ගැණිනි.එහෙත් ගැමියන් මුල් දිනයේ පැවසුයේ සිරුර 8ක් සොයාගත් බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපට තාක්ෂණය නැතිවුණත් , හදිස්සියට ඉන්දියාවෙන් ප්‍රවීණ අය ගෙනල්ලා හාරන්න හරි තිබුනා. මින් ඉදිරියට අඩුම තරමින් මේවායේ තාක්ෂණය හඳුනාගෙන තිබීම වැදගත් (නි)
අනේ මන්දා මොනවද කියලා මේවා? (නි)
ග්‍රාමසේවක කෙනෙක් ඒ වගේම ජන හා නිවස සංගණනය ( හරියට කෙරී ඇත්නම්) වැනි දේවල් වලින් සියලු විස්තර ගත හැකි වෙයි නේද? අපි කලබලවිය යුතු නැත. හැබැයි සාමාන්‍යයෙන් සිදුවෙන අක්‍රමිකතාවයන් නම් සිදුවිය හැක. ඒ සඳහා නම් අපිට කාර්යක්ෂම තාවයෙන් ඉහල රජයේ සේවකයන් (පගාවට වැඩ නොකරන වංචා නොකරන ) අය සිටිය යුතුයි. (නදී)
සත්‍යපාල මහත්තයට තියෙන තාක්ෂණික දැනුම පුදුම සහගතයි..අඩි 50ක් 100ක් අක්කර දෙකක් වහගෙන පැතුරුන පස් කන්දක් අනෙක් මිනිස්සුන්ගේ ජිවිත අවදානමට දාල හාරන්න ඕන..අනේ මට ඔය මහත්තයව ඔතනට ගෙනිහින් අත අරින්න තියෙනවනම් හාරලා බලපන් කියල..අපි කව්රුත් කැමතියි ඒ වැළලුනු මිනිස්සු ගොඩ ගන්න පුලුවන්නම්..නමුත් ඒ දේ කරන්නත් ඕන මිනිස්සු...කරන්න පුළුවන් දේ තියෙනවා බැරි දේ තියෙනවා.එ්ක තේරුම් ගන්න කඩේ යන්න ඕන නැහැ..ඔය කියන තාක්ෂණික දැනුම අවශ්‍යත් නැහැ..හොදට අඩිය පොළොවේ ගහල ඇවිද්දනම් ඇති. (අ)
අතුරුදහන් වූ ගණන අඩුයි කියන්නේ වැඩි පිරිසක් ජීවත්වෙනවා කියන එක නම් කොච්චර වටිනවාද?සියල්ලන්ටම බුදු සරණ වේවා! (නි)
කොහොම වුණත් ඉඩම් වගේම දෙමව්පියන් අහිමි දරුවන් ඒ වගේම තනි වුණ ගැහැණු අය ආරක්ෂා කරන්න මේ ආණ්ඩුව වගේම ජනතාවත් වග බලාගන්න ඕන.(හේ)
බන්දුලට පිස්සුද මන්දා? (නි)
අපේ වසමේ ග්‍රාමසේවක නෝනා නම් ඊයේ රෑ හඳපානේ පැනලා ගිය ජෝඩු ගැන වුණත් දන්නවා. ඒ තරමට දැනුවත් වගේම සෙවිල්ලෙන් ඉන්නේ (නි)
කවුද හරි කවුද වැරදි.(හේ)
අපේ රටේ කොච්චර පහත් මිනිස්සු ඉන්නවද? මම රනිල් මහතා ගැන නෙමෙයි කියන්නේ. බලන්න මේ ඛේදවාචකයත් සමඟ දැන් ඇති වී තිබෙන තත්වය. කොළඹින් පවා මිනිස්සු ගිහින් අර අවතැන් කඳවුරු වල ඉඳගෙන කියනවලු මගේ පවුලේ හැමෝම නැතිවුණා, සියලු දේ නැතිවුණා කියලා. ඇයි මිනිසුනේ මෙහෙම කරන්නේ? මේකෙන් වෙන්නේ ඇත්තටම කාත් කවුරුත් නැතිවුණ අයට අසාධාරණයක් වෙන එක (නි)
මොනවා වුණත් අක්‍රමිකතාවයක් සිදුනොවෙන ආකාරයට කටයුතු කිරීම බලධාරීන්ගේ වගකීමක් (නි)
මේවගේ විපතක් වුණාම ඒකට අදාළ සියලු දේ සම්බන්ධීකරණය කර පාලනය කිරීමට කවුරුහරි උගත්, දැනුම ඇති කෙනෙක් පත්කර සියලුම කටයුතු ඔහුගේ අධීක්ෂණය යටතේ සිදුකළ යුතුයි. වියයුත්තේ මිනිසුන් මියගිය පසු ඉතුරු වූ අයට ඉඩම් බෙදාදීමද? මියගිය සියලු දෙනාටම ඒ ඒ අයගේ ආගම් අනුව මෝක්ෂය ලැබේවායි පතමු. (නි)
ග්‍රාම නිලධරියෙක් ඉන්නවා ඇතිනේ පවුල් කියක් හිටියද කියලා දැනගන්න.(හේ)
මේ වගේ අවස්ථාවල නොයෙකුත් අක්‍රමිකතා සිද්ධවෙන්න පුළුවන්. මෙතන නොසිටි අයත් ඔය ඉඩම් වලට අයිතිවාසිකම් ඉල්ලාගෙන එන්න පුළුවන්. ඒ නිසා ඔතන හිටි අයගේ නිවැරදි තොරතුරු සොයාගෙන දෙන ප්‍රතිලාභ වන්දි දෙන එක හොඳයි. මේ වැඩේ අමාරු වුණත් අපේ රටේ මිනිස්සු තරම් බිම් අඟලකට කපටිකම් කරන උදවිය මුළු ලෝකෙම නැති බව ඉඩම් බෙදන නිලධාරීන්ට නිතර මතක් වුණොත් ඒ ඇති. (නි)
මෙම කටයුතු බොහොම කල්පනාවෙන් සිදුකළ යුතුයි (නි)
මොනවද මේ බන්දුල කියවන්නේ? පුවතේ තියෙන්නේ ඉඩම් සහ මිනිසුන්ගේ අනන්‍යතාව ගැන ප්‍රශ්නයක්. මට පෙනෙන්නේ බන්දුල ඉන්න තැන නාය ගිහිල්ලද කොහෙද (නි)
ඉඩම් බෙදාදීමේදී විතරක් නෙමෙයි, ඔතන ඉන්න මවුපියන් අහිමි දරුවන් ගැනත් සැළකිලිමත් වෙන්න ඕනෑ. නැත්නම් එක එක්කෙනා අයිතිවාසිකම් කියලා අන්තිමේදී දරුවන්ව ගිහින් ගෙවල් වල වැඩකාරකමට නවත්වන්නත් පුලුවන්. අනන්‍යතාව නැතුව ඉඩම් සම්බන්ධයෙන් විතරක් නෙමෙයි, දරුවන් සම්බන්ධයෙනුත් කටයුතු කරන්න හොඳ නැහැ. මියගිය දෙමාපියන් ඇවෑමෙන් දරුවාට අයිතිවෙන ඉඩමටත් ඇහැගහගත් කට්ටිය ඉඳීවි. මේක ලංකාවනේ! (නි)
බන්දුල, වැරදි ග්‍රැමෆෝන් තැටියක් නේද මෙතන වාදනය කරලා තියෙන්නේ? (නි)
ඉඩම් බෙදනවා වගේ නෙමෙයි, හරියට නියමිත කෙනාට ඒවා ලැබෙන්න ඕනෑ.හරියට සොයාබැලීම නිලධාරීන්ගේ වගකීමක්. (නි)
ඉඩම් බෙදන වැඩේ නිලධාරීන් කරන අස්සේ මරණ පරීක්ෂණ කටයුතු බන්දුල භාර අරගෙන වගේ. ඒකනේ මේ සිහියක් පතක් නැතුව මොනවද විකාර වගයක් ලියලා තියෙන්නේ. (නි)
බන්දුල, මොනවද මේ ලියලා තියන්නේ? මෙතන තියෙන්නේ අවතැන්වුවන්ට ඉඩම් බෙදීම ගැන පුවතක්. (නි)
ගණන් හිලව් විතරක් නෙමෙයි, බන්දුල පෙරේරාගේ මොළයේ පිහිටීමත් පරස්පරයිද කොහෙද? පුවතට අදාළවද මේ ලියලා තියෙන්නේ? (නි)
මේ ඉඩම් බෙදනවිට අනන්‍යතාව නිවැරදිව තහවුරු කරගන්න එක වැදගත්. අපිට ආරංචියි නොයෙක් වංචනික උදවිය මේ පළාතේ ගැවසෙනවා කියලා. (නි)
ඉඩම් බෙදනවා වගේ නෙමෙයි, ඒවා ලැබියයුතු අයට ලබාදීම නිලධාරීන්ගේ වගකීමක්. ඊළඟට අර අනාථවෙලා ඉන්න ළමයින් ගැනත් සැළකිලිමත් වෙන්න ඕනෑ. ළමයින් එක එක්කෙනාගේ බංගලාවල වැඩකාරකමට ගිහිල්ලා නවතින්න පුළුවන්. අපේ අයගේ හැටි අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ. (නි)
ඉඩම් බෙදනවා කියපු ගමන් බන්දුලට මොළයේ අමාරුව තදවෙලා වගෙයි. (නි)
ඉඩම් ලැබෙන සමහර පවුල් වල ඉතුරුවෙලා ඉන්නේ දරුවන් පමණක් නම් ඒ අයගේ ආරක්ෂාව ගැන නිලධාරින් සැළකිලිමත් වෙන්න ඕනෑ. නැත්නම් නෑදෑයෝත් දැන් ළමයින්ට අයිතිවාසිකම් කියාගෙන එයි. (නි)
මීරියබැද්දට සිදුවූ දේ ගැන හිතනකොටත් නිකන් හීනයක් වගෙයි. අදහාගන්නත් අමාරුයි (නි)
මට පෙනෙන හැටියට බන්දුලගේ මොළය නායගිහිල්ලා වගෙයි. (නි)
දැන් ඔය බෙදාදෙන ඉඩම් තිබෙන ප්‍රදේශ ආරක්ෂිතද? මම දැක්කා එක්තරා විද්වතෙක් වාර්තාවක ප්‍රකාශකර තිබෙනවා ලංකාවේ උස බිම් වලින් 20% ක නායයාමේ සම්භාවිතාවය ඉතා වැඩියි කියලා. ඔහු මේ ගැන මීට කලින් අනතුරු හඟවා තිබුනාලු. (නි)
ඔතන ස්ථිර පදිංචිකරුවන්ගේ සහ පවුල් වල විස්තර ග්‍රාමසේවා නිලධාරීන් සහ ප්‍රාදේශීය කාර්යාලවල නැද්ද? නිවැරදි තොරතුරු, වත්තේ පදිංචි අයගේ ලිපිනයන් ආදිය සේවා ස්ථාන වලින් වුණත් ලබාගන්න පුළුවන්. පරස්පරකම් තිබෙනවා කියන්නේ මෙතන ප්‍රශ්නයක් තිබෙනවා. අන්තිමේ ඉඩම් කාට ලැබේවිද දන්නේ නැහැ. (නි)
බන්දුල පෙරේරා පුවතකට අදහස් ලියනකොට තමන් මොනවද ලියන්නේ කියා දන්නේ නැහැ. කොහෙද යන පෙරහරකට මෙතන බෙරගහලා. (නි)
ඔය ඉඩම් වැඩේ පිළිවෙළකට නොකළොත් නම් හැමෝම අමාරුවේ. ලැබිය යුත්තාට ලැබෙන එක කෙසේවෙතත් අන්තිමේ වෙරළබඩ පැති වල අයට ඉඩම් ලියවිලා තියේවිද මන්දා. මේ අසරණ මිනිස්සු මහා ඉහළ උගත්කම් ඇති, නීතිය ලියකියවිලි ගැන දැනුම් තේරුම් ඇති උදවිය නොවෙන නිසා ඒ සාධකය දඩමීමා කරගෙන තමන්ගේ බඩ වඩාගන්න සමහරු සූදානම් වෙලා ඇති. (නි)
කරන ක්‍රියාපටිපාටිය අනෙක් අයටත් පෙනෙන විදියට කළොත් නේද හොඳ?දැන්වත් ඉස්සරහට යමු. (නි)
මේ ඉඩම් බෙදීම ආදී කටයුතු අතරේ අනෙකුත් අවදානම් ප්‍රදේශ ගැනත් මීට වැඩිය සැළකිල්ලක් දැක්විය යුතුයි කියලා මම හිතනවා. තවත් කරදර වෙන්න පෙර ඒ ස්ථාන වල ජනතාවට අනතුරු ඇඟවීමත්, මෙවැනි නායයාම් ගැන විධිමත් පර්යේෂණ සහ නිරීක්ෂණ කටයුතු කඩිනම් කිරීමත් වැදගත්. (නි)
මෙතන හිටි අයයි,හමුවුණ සිරුරු ගානයි, ආගිය අතක් නැති කට්ටියයි හරියට ගණන් හදාගන්න බැරි මොකද? නාය ගිය තැන හිටපු පවුල් ගැන විස්තර සපයන්න ඔය පළාතේ ග්‍රාමසේවක කෙනෙක් නැද්ද? (නි)
ආපදා කළමනාකරණය ගැන මළපොතේ අකුරක් දන්නේ නැති අය වගේනේ වගකිවයුත්තන් හැසිරෙන්නේ. රට මොනතරම් අරාජිකද කියලා මේකෙන්ම හිතාගන්න පුළුවන්. (නි)