IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මැරයෝ හිමිනම අපවත් කරති

මැර ප්‍රහාරයකට ලක්ව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කනන්ගම විවේක සේනාසනයේ කොන්කඩුවේ නන්දසිරි හිමියෝ අපවත් වුහ.

මෙම ප්‍රහාරයට සම්බන්ධ බව කියන  තිදෙනකුගේ  නිවාස හා දේපොළ වලට ගිනි තබා ඇත.ලොරියක් බස් රියක් ඇතුළු වාහන කිහිපයකටම  හානි සිදු වී ඇතැයි රුවන්වැල්ල පොලීසිය කියයි.

Dehiovita--Kanangama-House-Fire1 Dehiovita--Kanangama-House-Fire-2-(2) Dehiovita--Kanangama-House-Fire-2 Dehiovita--Magammana-House-Fire1 Dehiovita--Magammana-House-Fire-2

 

 



අදහස් (0)

මැරයෝ හිමිනම අපවත් කරති

රුවන් Tuesday, 02 December 2014 01:35 PM

මිනිස්සු නීතිය අතට ගන්නෙ රටේ නීතියක් නැති නිසා.. මේ වගේ මිනිස්සුන්ට ඔහොම තමයි කරන්න ඕන​. නැත්නම් වෙන්නෙ උසවියෙන් අැප අරන් තවත් ලොකුවට චන්ඩි කම් කරන එකයි.. ඊට පස්සෙ සාක්‍ෂි කාරයොන්ව බය කරල හරි සල්ලි දීල හරි අපූරුවට නිදහස් වෙනව​.. (ස)

:       0       0

සිරී Tuesday, 02 December 2014 01:43 PM

අලුත්ගමදී පටන්ගත්ත ගිනි තිබීමේ සෙල්ලම පුරුද්දට ගිහිල්ල වගේ. මෙහෙම ගියොත් අනාගතයේදී මුළු රටම ගිනි ගනියි (නදී)

:       0       0

සුජිත් Tuesday, 02 December 2014 01:50 PM

රොහාන් ඊයේ පෙරේදා ඇමෙරිකාවෙත් මෙහෙම උනා. මුළු ප්‍රාන්තයකම නීතිය ජනතාව අතට ගත්තා. ඔයා කලබල වෙන්න එපා මම ඇමෙරිකාවට කියන්නම් ක්‍රමය වෙනස් කරන්න කියලා.(නදී)

:       0       0

අරෝෂ් ඒකනායක Tuesday, 02 December 2014 01:59 PM

ප්‍රශ්ණය මොකක්ද කියා දන්නේ නැතුව කව්රුත් කතාකරන්න එපා (නදී)

:       0       0

මෙරංචි Tuesday, 02 December 2014 02:12 PM

රොහාන් නුඹ දන්නේ නැද්ද නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති උනාම වෙන විකල්පයක් නැති බව කොහෙද ඉන්නේ ලංකාවේද .....i (ස)

:       0       0

නේරංජන Tuesday, 02 December 2014 02:30 PM

හැම දේකටම ආණ්ඩුව පලි නෑ, නමුත් කිසිම තරා තිරමක් නොබලා, ඇමති නෙමේ මන්ත්‍රී නෙමේ මොකා උනත් වැරදි කොරන එකාට නිසි දඩුවම් දෙන්න. ඕක ඔය තරම් අමාරු දෙයක් නෙමේ නේ. (නදී)

:       0       0

විමල් දළුගම Tuesday, 02 December 2014 02:53 PM

අනේ මන්දා අද කෙනෙකුට බඩ වේලිල්ල හැදුනත් එ්කටත් පලි බලේ ඉන්න ආණ්ඩුව. ඔය රෝහන්ලා වගේ අයට හිස ගැල්ලුමක් දාන්න වෙනවා. නැත්නම් ඔය රෝගෙ හොඳකරන්න බැහැ. (නදී)

:       0       0

මලිත් Thursday, 04 December 2014 02:08 AM

මැරයින්ට ගමේ මිනිස්සු හොඳ පාඩමක් දුන්නේ (නි)

:       0       0

රූපවතී Wednesday, 03 December 2014 08:20 AM

ගැමියන්ට බැරිවුණාද ඕවා මහපොළවටම සමතලා කරන්න? අපවත් වූ ඒ ස්වාමීන් වහන්සේ මෙවැනි පාපතරයින් ඇති දේශයක නොඉපදී නිවන් සුවයේම සැතපේවා...!!! (නි)

:       0       0

සුරංග Wednesday, 03 December 2014 04:21 AM

ගමේ මිනිස්සු කරලා තියෙන්නේ හරි වැඩක්. පොලීසියෙන් සමහර මැරවරයන්ව රකින තත්වයකදී පොලීසිය ගැන මිනිස්සුන්ගේ විශ්වාසයක් නැහැ දැන්. ගමේ හාමුදුරුවන්ට අතඋස්සන මැරයන්ටත් පාඩමක් උගන්වන්න ඕනෑ හරි නම්. මේකේ අදහස් දාන්න එන වැඩි දෙනෙක් පිටරටවල ඉඳගෙන පණ්ඩිතයෝ වෙන්න හදනවා. (නි)

:       0       0

සුසන්ත Thursday, 04 December 2014 09:01 AM

හොදම පාඩම තමා නීති තද කරන එක. මෙවැනි දේවල් රටේ ආයෙත් නොවෙන්න. මේවා පිටුපස දේශපාලන බලවේග ඇති ඉතින් කොහොමද නීති තද කරන්නේ.? (ර)

:       0       0

රොහාන් Tuesday, 02 December 2014 09:40 AM

පේනවා නේද මේක තමා අද තියන ප්‍රශ්ණය. මහජනතාව නිතිය අතට ගන්නවා. මේ නිසා තමා පවතින ක්‍රමය වෙනස් කරන්න ඕනේ කියන්නේ. (නදී)

:       0       0

කින් බෙනට් Wednesday, 03 December 2014 02:39 PM

ඇත්තටම හිමිනමව මරපු අයගේ දේපළ වලට ගිනි තිබ්බට මමත් කැමතියි. (නි)

:       0       0

කින් බෙනට් Wednesday, 03 December 2014 02:42 PM

චින්තක,දැන්නම් හැබැයි අපිට වෙලා තියෙන්නේ වී වපුරලා ගංජා , කුඩු , එතනෝල් , ළමා අපචාර , තව මෙකි නොකී අපරාධ අස්වැන්නක් ලබන්න තමයි (නි)

:       0       0

සනත් Tuesday, 02 December 2014 04:05 PM

මේක කලේ වෙනත් ආගමක අයද, වෙනත් ජාතියක අයද නැත, සිංහල , බෞද්ධයන්මය (නදී)

:       0       0

සිංහ Wednesday, 03 December 2014 05:08 AM

මමත් මහින්ද මහත්මයට ඡන්දෙ දෙන කෙනෙක්. නමුත් මම මෙවර ඔහුගේ පැත්තේ නෙවෙයි. හේතුව මේ ආණ්ඩුව හරි යන්නේ නැහැ. දුෂණ වංචා ඔක්කොම කරන්නේ මේ ආණ්ඩුවෙන්. (නදී)

:       0       0

පද්මසිරි Tuesday, 02 December 2014 05:07 PM

වරදකරුවන්ට නීතියෙන් නිසි වෙලාවට දඩුවම් ලැබෙනවානම් මේ වගේ දේවල් වෙන්නේ නැ (ම)

:       0       0

ඇසිලින්නෝනා Tuesday, 02 December 2014 09:56 AM

මේවා ජාති ජාති පතාගෙන එන කරුම තමා. දකින කොට දුකයි, කනගාටුයි. ගින්නට ජලයට ඇස් නැත. එ්ත් ඇස් කන් ඇති මිනිසුන් තිරිසන් වන්නේ ඇයි. හිත් පිත් නැති තිරිසන් වැඩ හෙලා දැකීම. අපවත් වූ හිමි නමට නිවන්සුව.(නදී)

:       0       0

ඇසිලින් නෝනා Tuesday, 02 December 2014 09:57 AM

මේවා ජාති ජාති පතාගෙන එන කරුම. දකින කොට දුකයි කනගාටුයි. ගින්නට ජලයට ඇස් නැත. එ්ත් ඇස් කන් ඇති මිනිසුන් තිරිසන් වන්නේ ඇයි. හිත් පිත් නැති තිරිසන් වැඩ හෙලා දැකීම. අපවත් වූ හිමි නමට නිවන්සුව. (නදී)

:       0       0

හෆීල් Wednesday, 03 December 2014 09:11 AM

රටේ වෙනසක් අවශ්‍යයිනේද? (ර)

:       0       0

මයියා Tuesday, 02 December 2014 05:31 PM

නියමයි පොලොසියෙන් නිතිය වෙන්නේ නැතිකොට ගම්මු දුන්නා. ඕක තමයි ව්ය යුත්තේ. (නදී)

:       0       0

ගමගේ Tuesday, 02 December 2014 10:04 AM

හැබැට එතකොට මොකක්ද කරන්නේ කියලා හොඳ රොහාන් වගේ පැහැදිලි කරලා දෙන්නකෝ.(ම)

:       0       0

ජගත් Tuesday, 02 December 2014 10:08 AM

වහ වහාම නිතිගරුක සමාජයක් බිහිකල යුතුයි. (ර)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 02 December 2014 10:08 AM

ඒක නේන්නම් රොහාන් මහත්තයෝ.කෝ.. කොච්චර කිව්වත් ඕක තේරෙන්නේ නැහැනේ. (ර)

:       0       0

පතිරණ Tuesday, 02 December 2014 10:11 AM

නීතිය ගැන මිනිස්සුන්ට විස්වාසයක් ඇත්තෙම නැහැ. (බ)

:       0       0

රෝහිත විජෙසූරිය Tuesday, 02 December 2014 10:12 AM

ඉස්සර ඔහොම උනේ නැද්ද?මොනවා කළත් රට බේරා ගත්තේ මහින්ද ජනපති (බ)

:       0       0

කමල් Tuesday, 02 December 2014 10:13 AM

මහජනතාව නීතිය අතට ගත්තේ නැතිනම් අවනීතිය රට පුරා රජයන කාලයක් මේ. හොඳ වැඩක් (බ)

:       0       0

සුමින්ද Tuesday, 02 December 2014 10:14 AM

මේවට ආණ්ඩුව පළි නෑ. තිරිසන්නු ඉන්න කල් මේ රටේ නීති වැඩක් රකින්නේ නෑ. (බ)

:       0       0

දහම් මංගල Tuesday, 02 December 2014 10:15 AM

හැම දෙයක්ම දේශපාලන දැක්මෙන් මනින්න එපා (දිල්)

:       0       0

සෑම් Tuesday, 02 December 2014 10:22 AM

මේකට ආණ්ඩුව පලිද රොහාන්. මේක පුද්ගලික ප්‍රශ්නයක්නේ. අනික ඇමෙරිකාවෙත් මේ දවස්වල ඔය සෙල්ලමනේ කොරන්නේ. මේක අමනයන්ගේ වැඩක්. (ර)

:       0       0

ප්‍රසාන් Tuesday, 02 December 2014 10:24 AM

පවුකාර මිනිස්සු

:       0       0

රසිතා Thursday, 04 December 2014 05:03 AM

මට නම් හිතෙන විදිහට මේ සිද්ධියේ දෙගොල්ලොම වැරදියි. ගමේ මිනිස්සු හාමුදුරුවන්ට ගරුකරන සලකන නිසා එයාලගේ හාමුදුරුවෝ අපවත් කරපු අයට පුළුවන් තරමින් දඩුවම් දුන්නා. ඒත් මේ සිද්ධියේ දී නිවාස යාන වාහන අයිති පාර්ශවය නීතියට වැඩ කරන්න ගත්තොත් සමහරවිට ගමේ මිනිස්සු වැරදිකාරයෝ වෙයි. හාමුදුරුවෝ අපවත් කරපු එකට නීතිය හරියට වැඩ කරොත් අදාල මැර සෙට් එක වැරදි කාරයෝ වේවි. ඒත් දැන් නීතිය දේශපාලනයට යටවෙලා තියන නිසා මම දෙවනියට කිව්ව එක නම් ෂුවර් නැහැ. කොහොමත් මම පළවෙනියට කියපු එකනම් වේවි. හාමුදුරුවෝ අපවත් කරපු අයට නම් මේතනින් වෙලා තියෙන්නේ පොඩි ආර්ථික පාඩුවක් විතරයි. ඒත් හාමුදුරුවන් නැති උන එකෙන් ගමේ අයට නම් කියන්න බැරි තරම් පාඩුවක් වෙලා ඇති. (නදී)

:       0       0

ලලිත් රත්නායක Tuesday, 02 December 2014 10:26 AM

රොහාන් ඔයා කියන්නේ ඒතුන්දෙනත් ආයුද පෙන්නන්න එක්ක ගියානම් හරි කියලද? (අ)

:       0       0

සී.කේ.ලංකාපුත්‍ර Tuesday, 02 December 2014 10:28 AM

හිතන්න වෙලාව ඇවිත්. (අ)

:       0       0

කිංකිණි Tuesday, 02 December 2014 10:28 AM

ජනතාව නීතිය අතට ගන්නවා කියන්නේ ජනතාවගේ වැරද්දක් ඉතින් ඇයි පවතින රජයට බනින්නේ (දිල්)

:       0       0

අසංග Tuesday, 02 December 2014 10:29 AM

මේ හැම දෙයකටම දේශපාලනය ගාව ගන්න එපා මිත්‍රයනි. අද ලෝකේ කොයි රටෙත් මෙවැනි ප්‍රශ්න තියනවා. (දිල්)

:       0       0

ආනන්ද Tuesday, 02 December 2014 10:30 AM

අද දේශපාලන හෙන්චයියන්ට නීතිය හෝ දඩුවම් නැහැ. ඒ නිසා උන් බය නැතුව වැරදි කරනවා. ඒ නිසා මිනිස්සු නීතිය අතට ගන්නවා.(දිල්)

:       0       0

මාරි විලිම්ස් Tuesday, 02 December 2014 10:52 AM

අනේ ඉතින් එකටත් රටේ නීතියට බනිනවා. අපේ මිනිසුනේ නීතියක් රටක ක්‍රියාත්මක වෙන්න පුරවැසියන් ශීලාචාර වෙන්න ඕන නේද. අද රටේ සාමය රකින දහම කියාදෙන අය දේශපාලනයට ඇවිත් තමාගේ රාජකාරිය පටලවාගෙන. එතකොට දහම කියා දෙන්න අය නැති වෙනකොට ඔය දේවල් වෙනවා. අපි අපිට අදාළ දේ විතරක් කරන්න පුරුදු උනානම් ඕක වෙන්නේ නැහැ. හැම දේටම දේශපාලනේට සහ රටේ නායකයන්ට දොස් කියන්න එපා. (ර)

:       0       0

අශෝක රළපනාව Tuesday, 02 December 2014 11:03 AM

නීතිය හරියට කලානම් ඔහොම දේවල් ඇති නොවන්න තිබුන.එ්ත් දැන්නම් මොකවත් කරන්න බැරි වෙයි. (අ)

:       0       0

බමුණු Tuesday, 02 December 2014 11:13 AM

පව්කාර මිනිස්සු කවුද? හාමුදුරුවන්ට මැරෙන්න ගහපු මිනිස්සුද ?හාමුදුරුවන්ට ගහපු මිනිසුන්ගේ ගෙවල් ගිනි තිබ්බ මිනිස්සුද පව්කාර. (ම)

:       0       0

සුසිරි Tuesday, 02 December 2014 11:24 AM

කව්ද මරුවේ (අ)

:       0       0

සුනෙත් Wednesday, 03 December 2014 06:25 PM

රටේ වෙනසක් වුණා කියලා මේවා වෙනස් වෙන්නේ නැහැ. එදත් එහෙමයි, හෙටත් මෙහෙමයි. ලෝකේ කොහෙත් එහෙමයි. (නි)

:       0       0

උපුල් Tuesday, 02 December 2014 12:24 PM

මාරි හරියට හරි.(හේ)

:       0       0

ධම්මික Tuesday, 02 December 2014 12:28 PM

මේකත් ආණ්ඩුවේ එකක් කියයි දැන්. (ස)

:       0       0

උදිත Tuesday, 02 December 2014 12:35 PM

රොහාන්, එතකොට 1977 දී දවස් 3 පොලිසියට නිවාඩු දීල ගෙවල් ගිනිතියන්න කියපු එකද හරි ක්‍රමය? මම හිතන්නේ ඒ කලේ ඔයා ඉපදිලා නැතිව ඇති . නැත්තම් ඔහොම කතාවක් කියන්නේ නෑ. (ස)

:       0       0

සිරිමල් Tuesday, 02 December 2014 12:44 PM

කවුරු වුණත් මේ කරලා තියෙන්නේ අපාගත වෙන වැඩක් හිමිනමට නිවස් සුව ලැබේවා (දිල්)

:       0       0

චින්තක Wednesday, 03 December 2014 02:17 AM

"වී වැපිරුවොත් වී අස්වැන්නක් මිස කුරහන් ලැබෙන්නේ නැත" වැරදි කළ අයට දඩුවම් ලැබේවි (නි)

:       0       0

චන්දන Tuesday, 02 December 2014 01:13 PM

මේකට මූලිකම හේතුව නීතිය හරියට ක්‍රියාත්මක නොවීම. වැරදි කල පළමුවෙන්නාට දඬුවම් හම්බ වුනා නම් දෙවැන්නා එවැනි දෙයක් කරන්න ලේසියෙන් පෙළඹෙන්නෑ. කිසිම නීතියක් ක්‍රියාත්මක නොවෙන කොටසක් රටේ ඉඳිද්දී, මේ වගේ අවාසනාවන්ත සිද්ධීන් වැඩිවීම පුදුමයක් නොවේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 687 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site