දූවිල්ල සමඟ මුසුවන ඊයම් ප්‍රබල සෞඛ්‍ය තර්ජනයක් බව පර්යේෂණ මගින් හෙළි කැරගත් බව ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධානී කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා පැවසීය.
විෂ සහිත ඊයම් ඇතැම් තීන්ත වර්ගවල ඇති බවත් තීන්ත ලීටරයක තිබිය යුතු අනුමත ඊයම් ප්‍රමාණය මිලි ග්‍රෑම් 90 දක්වා අඩු කිරීම ඒ සඳහා වන නීතීය තදින් ක්‍රියාත්ම කිරීම මේ තත්ත්වය හුවේ අනිවාර්යෙන්ම සිදු විය යුතු බව වෛද්‍ය ගුණතිලක මහතා සඳහන් කළේය.
ඊයම් රහිත තීන්ත නිපද වීමට නිෂ්පාදකයින් දැනුම්වත් කළ යුතු බවත් හෙතෙම කීවේය.
‘එළිමහනේ නිතරම ගැවසෙන දරුවන්ට විශේෂයෙන්ම වයස අවුරුද්දේ සිට අවුරුදු හය දක්වා දරුවන්ට ආශ්වාසය මගින් ඊයම් ශරීර ගත වෙයි.එසේ ශරීරගත වන ප්‍රමාණය මයික්‍රෝ ග්‍රෑම් 100ක් පමණ වෙයි.
‘‘ දරුවන්ගේ මධ්‍ය ස්නායු පද්දතියට එනම් මොළය, වකුගඩු, රුධිර සංසරණ පද්ධතියට සංකීර්ණතා ඇති කිරීමට ඊයම් ප්‍රබල හේතුවක් තිබෙන බව පර්යේෂණ මඟින් හෙළදරව් කරගෙන ඇතැයිද වෛද්‍ය ගුණතිලක කිවේය.
එම නිසා ගැබිණි මව්වරුන්, දරුවන් නිවෙස්වල සිටියදී එම නිවස අලුත්වැඩියා නොකළ යුතුය. ඊට අමතරව දූවිලි රැදෙන ස්ථාන ඇහැට පමණක් ප්‍රමාණවත් නැත. වතුරෙන් පිරිසිදු කළ යුතුය. නිවසේ හෝ ගොඩනැගිලිවල ජනෙල්, උළුවහු ජලයෙන් සේදීය යුතුය. කාන්තාවක් ගැබ් ගත් විට ගෙවල් හැදීම නරක යැයි පුරාණයේ සිට පවතින පුරුද්දක් ඇති බව මේ අතර පැරැන්නන් කියයි.
පැරණි තීන්ත ඉවත් කිරීමේදී මතුපිට දූවිල රැදෙන ලෙස සූරා දැමීම වෙනුවට ජලයෙන් තෙත්කර ඉවත් කර එම තීන්ත පතුරු නිසි ලෙස බැහැර කළ යුතු බවද වෛද්‍යවරයා පැවැසීය.
ඊයම් ශරීරගත වූ විට මේදය අඩු කැල්සියම්, විටමින් සී, යකඩ අඩංගු ආහාර බහුලව ගැනීමෙන් ඊයම් ශරීරයට අවශෝෂණය වීම අඩුකර ගත හැකි බවද හේ කීවේය.
‘‘පොදු ස්ථානවල සහ නිවසේ ඊයම් රහිත තීන්ත ආලේපන කිරීමට පියවර ගත යුතු අතර ඊයම් රහිත තීන්ත නිපදවීමට හා භාවිතයට දැනුම්වත් කිරීම් සිදු කළ යුතුය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේ තත්ත්වය රටපුරාම පිළිලයක් වගේ පැතිරිලා අවසානයි (නි)
ඒ පුරාන කාලේ බිත්ති වල ඊයම් සහිත තීන්ත ගෑවේ නෑනේ. මැටි හුණු වගේ ස්වාභාවික දේවල් ආලේප කලේ. කොහොම නමුත් ඊයම් විෂයි කුඩා ළමයින්ට දෙන සෙල්ලම් බඩු වලත් තිබිය හැකියි.මේවා ගැනත් පර්යේෂණ කරන්න. (හේ)
මෙම පරීක්ෂණය සිදු කලේ පරිසර යුක්ති කේන්ද්‍රය විසින්. ඒ බව සටහනක් තියන්න (දිල්)
මේවා ගැන ලෝකයේ අනිත් රටවල් දැනුවත් වෙලා බොහෝ කල්. අවාසනාවට අපේ රටේ ගොඩක් මාද්‍ය වලට මේවා ප්‍රශ්න නොවෙයි. ඔවුන් කරන්නේ උදේ සිට රෑ වෙනතුරු කොට්ට උරයක් මහන විදිහ, මනාලියක් අන්දන විදිහ, කොහේ හරි පහත් පෙලේ දේශපාලුවෙකුගේ ගොන්පාර්ට් විකාශනය කිරීමයි. මේ කුණු විකුනන්නේ නැතිව නිතර නිතර හදිසි රෝගියකු සදහා ප්‍රථමාධාර දෙන විදිහ,වාහනයක පොඩි කොටසක් තමන්ම අලුත්වැඩියා කරන විදිහ,නිවසක් ඉදිකරනවිට නිවැරදිව බදාම ටිකක්, කොන්ක්‍රීට් අනන විදිහ වගේ දේවල් නිතර පෙන්වනවා නම් ඒක එදිනෙදා ජීවිතයට ප්‍රයෝජන වත් වේවි නේද? (නදී)
අනේ සතළුපාල ටී.වී චැනල් 10 ම උදේට උයනවා නැතිනම් මහනවා. ඔබේ කතාව සම්පූර්ණ සත්‍ය. (නදී)
ඔය කියන විදියටම කරාවී (අ)
අවුරුදු 40-50ක් තිස්සේ වෙන හැම රටක්ම දැනගෙන හිටපු, අනෙක් රටවල් වල පොඩි ළමයින් පවා දන්නා දෙයක් "අලුත් හොයාගනීමක්" උනේ කොහොමද? (ර)