මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමැතිවරයකුව සිටියදී 2006 දී පොළොන්නරුවේ දී ඔහු ඝාතනය කිරීමට ආ කොටි සාමාජිකයා අද බණ්ඩාරනායක සම්මන්ත්‍රන ශාලාවේදී මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය.
ජාතික ඇඳුමෙන් සැරසී වේදිකාවට පැමිණි හිටපු කොටි සාමාජික සිවරාජා ජෙනීෆන් වසර 10ක සිර දඬුවමකට නියම වී සිටියේය.
ඔහුගේ පිටට තට්ටුකළ ජනපතිට ඔහු දෑත් එක් කර ආචාර කළේය.
ජෙනීෆන්ට ජනපති සමාව ලැබිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් හිතුවා මේ ටික. ෙත්රුම් ගන්නතරම් ශක්තියක් තියෙන අයට වැටෙහේවි. (ර)
විෂඝෝර සර්පයා දැක නෑරු මෝඩයා කිවුවලු (නි)
කොටින්ට සමාව! කොටින් විනාශකර රට බේරාගත් ජනපති මහින්ද,ගෝඨාභය ඇතුළු රණවිරුවන් වංචා විමර්ශනය ඉදිරියට... (නි)
ලාල් මැරිලා ඉපදුනාද.... (ස)
ප්‍රභාකරන් සිරගතව හිටිය නම් දැන් කොහොමද? (ස)
අනේ ,අනේ ඇත්තට තේරෙන්නේ නැද්ද? පසුගිය රජයවල් වලින් සමාව ලබාගත් සියලුම දෙනා පොලව යට බුදි කියල. (ස)
කොටින්ටනම් සම්පුර්ණ නිදහස, බොහොම හොඳයි. අනේ එත් අපේ හමුදාවේ සෙබළුන්ට... හිරගෙය! (ස)
ඔය සමව දෙනවද හමුදාවේ සෙබළුන්ට, බුද්ධි අංශ වලට? නෑ නේද, ඒ යට සිර දඬුවම් නේද... කවද ඇත්ත තේරුම් හනියිද සිංහල ජාතිය! (අ)
ඕක රටේ ජනතාව දන්නවා.රණවිරුවන්ට මාංචු,කොටියට සමාව.(අ)
මේ ආණ්ඩුවට ජයෙන් ජයම වේවා! (නි)
දැන් සද්ද නැතිව හිටියට නයි නියමයි (අ)
ඔය කොටි නිදහස් කරන එකේ අර හිරේ ඉන්න රණ විරුවෝ ටිකත් නිදහස් කරන්කෝ, ඉන්නව කියල දන්නේ නැද්ද (අ)
පොඩ්ඩක් හිතන්න මේ වගේ වැඩ වෙනකොට ඒ රණවිරුවන්ගේ සිත් තුළට කොපමණ වේදනාවක් දැනෙනවා ඇද්ද කියලා..... (නි)
හමුදාව ඇතුලට කොටි එලියට අනේ වාසනාවන්. (ස)
වසරේ හොඳම මාධ්‍ය සංදර්ශනය. (ස)
මෙයාම දෙයි පස්සේ (බ)
ඉතා අගනා සත් ක්‍රියාවක් නමුත් වෙනත් රටවල් සැනසීමට රණ විරුවන් ට මරණ දඬුවම ......? (හේ)
මෙහෙමත් වැඩ.(හේ)
කැලේ මාරු වුණාට කොටින්ගේ පුල්ලි වෙනසස් වෙන්න නෑ.පසු ගිය ඡන්දෙදෙත් දැක්ක නේ (අ)
හමුදාවේ අයත් නිදහස් කළා නම් නේද හොඳ.(හේ)
ආදර්ශමත් ක්‍රියාවක්,(හේ)
එතකොට නීතියේ ආධිපත්‍යට මොකද වෙන්නේ ජනපතිතුමනි ? (අ)
එතකොට අර රට වෙනුවෙන් සටන් වැදිලා පෝරකේට ගිය හමුදා සාමාජික සුනිල්ට සමව දෙන්න බැරිද (අ)
දෙන්න හිතෙනවා නොබෙල් ..... සාම තෑග්ග ...(අ)
කුමාර්, මහින්දව ගෝඨාව ජනාදිපති කොමිසමට ගෙන්වන්නේ යුද්ධය අවසන්කළා කියලා නෙමෙයි. මහජනතාවගේ සල්ලි හොරකෑවා කියලා. යුද්ධයක් ඉවරකළා කියලා මජනතාවගේ දේවල් හොරාකන්න බැහැ. මුලින්ම මහින්දවාදීන් ඒක දැනගන්න ඕනෑ. (නි)
සමාවදීම හොඳ දෙයක් වුණත් අපිට හිතන්න ගොඩක් දේවල් තිබෙනවා. ඒත් මම ඒවා සඳහන් කිරීමට අකමැතියි (නි)
බුද්ධි අංශ නිලධාරීන් ගැනත් කරුණාව පහළවේවා! (නි)
හරි ඕකට කවුරුවත් මරාගන්න ඕනෑ නැහැනේ. (නි)
මැරීමත් මැරීමට තැත්කිරීමත් එක හා සමාන දඬුවම් ලැබිය යුතු වැරැද්දක්. එවැනි අය විශාල සංඛ්‍යාවක් තව ඉන්නවා (නි)
සමාව දීම නම් දේව ගතියක්.නමුත්....අනේ මන්දා..(කෞ)
මෛත්‍රිය,කරුණාව වගේම අවශ්‍ය තැනදී දැඩි තීරණ ගැනීමේ හැකියාවත් නායකයෙක් සතුවිය යුතුය. (නි)
හැමොටම සමව දුන්නනම් නේද හොද (කෞ)
පැහැදිලි බෞධකම, ජනපතිගෙන් නියම ත්‍රෛීය පෙන්නුම් කරන අවස්තාවක්.
අනේ අපි නම් ඕවට මොකුත් කියන්නේ නැහැ (නි)
අනේ මන්දා.(හේ)
නිවැරදි මාර්ගයේ යන අපේ ජනපති ලෝකයටම ආදර්ශයකි.(හේ)
මෙවැනි දේ කල හැක්කේ දියුණු මනසකින් යුතු මිසුන්ට පෑමයි. එය බොරු සොභානයන්ට වඩා වටිනවා. මෙය සබැ මෛත්‍රී පාලන කාලයකි.(හේ)
උතුම් ක්‍රියාවක් (නි)
සමාවදීම දේව ගතියක්. නමුත් මේ පුද්ගලයා 2006 සිට වසර 10ක සිර දඬුවමක් විඳලා තියෙන්නේ. ඉතින් කොහොමත් 2016 දී නිදහස් නේද..? (නි)
මේක ලොකු ආදර්ශයක් (නි)
2016 නෝබල් සාම ත්‍යාගය සමහරවිට අපේ ජනාධිපතිට ලැබෙන්න ඉඩ තිබෙනවා. මුළු ලෝකයම ගරුකරන නායකයෙක් අපේ රටට ලැබීම වාසනාවක්. තෙරුවන් සරණ සහ දෙවි රැකවරණයෙන් අපේ රට පාලනය කිරීමට පිහිට පතමි (නි)
ඇත්ත දැනගන්න විට ඔබට බොහෝ දේ නැතිවිය හැකියි. ඔබ නොදන්නා බොහෝ දේ ටෝනි බ්ලෙයාර් මහතා හා නොර්වේ විදේශ ඇමති දැනසිටිනු ඇත. ඔබ තවමත් ප්‍රමාද නැත. (නි)
අනේ මට නම් තේරෙන්නෙ නැහැ මේකෙ ඇති හොඳ. මෙයාට අවුරුදු 10ක සිර දඬුවම නියමවුණේ යුක්තිය පසිඳලන අධිකරණයකින්. එහෙම කෙනෙකුට සමාව ලබාදීම අධිකරණය අභියෝගට ලක්කිරීමක් ලෙසයි මම හිතන හැටියට නම් මට දැනෙන්නේ (නි)
ඉතාමත් ආදර්ශමත් උතුම් ක්‍රියාවක්. මෙවන් දේ හැමෝටම කරන්න පහසු දේවල් නොවෙයි. දියුණු මනසක් ඇති කෙනෙකුටම පමණක් කළහැකි දෙයකි. සිංහල බෞද්ධයෙකු ලෙස ඉතාමත් හොඳ ආදර්ශයක් දී තිබෙන්නේ. මෙයයි බෞද්ධකම. මෙවන් උතුම් ක්‍රියාවක වටිනාකම තේරුම් ගන්න ආගම ධර්මය ඉගෙනගෙන තිබෙන්න ඕනෑ (නි)
ජනපතිතුමෙනි, බෝසත් ගුණයක් පෙන්නුම් කල අවස්ථාවක් (කෞ)
එකනම් හොද වැඩක් (කෞ)
එත් මිනීමරුවන්ට දුෂකයන්ට සමාවදීම එච්චර හොඳ ක්‍රියාවක් නෙමෙයි කියලා මම හිතන්නේ. රටක නීතියක් තිබෙන්න ඕනෑ සැමට පොදුවයි. (නි)
කොටින්ට සමාව වුණත් රට බේරපු රණවිරුවෝ මරණ දණ්ඩනයට! (නි)
වැරදි කිරීම මිනිස් ගතියකි. ඊට සමාව දීම දේව ගතියකි. වෛරයෙන් වෛරය නොසන්සිදේ.... අපගේ ජනපතිතුමා අද මේවා ප්‍රයෝගිකව පෙන්වාදී ඇත. (ර)
උතුම් ක්‍රියාවක්. ජනාධිපති සමාව දුන්නේ ඔහු මැරීමට ආ පුද්ගලයාටයි. අප තේරුම් ගතයුත්තේ එයයි (නි)
වැඩේ නම් හොඳයි .හැබැයි රජෝ පරිස්සමින්.(අ)
මේකනම් හොද ක්‍රියාවක් නමුත් අනිත් හොරුන්ට රාජ්‍ය දේපල හොර කෑ අයටත් සමාව දුන්නොත් ජනතාව මෙතුමාව පත්කරගත්ත එකට පසුතැවිලි වෙන්න සිදුවෙනවා . (ර)
මෙහෙම යනකොට මොනවා වෙයිද මන්දා (නි)
අපි වෙනුවෙන්/රට වෙනුවෙන් සටන්කළ දැන් පෝරකේට නියමවුණ හමුදා බුද්ධි අංශයේ රණවිරුවෙක් ගැන සතිඅන්ත පුවත්පතක විස්තර සහිතවම ලිපියක් පළවෙලා තිබුනා. ඒ රණවිරුවාගේ කුඩා දුව කියනවලු "ඇයි තාන්ති අපිත් එක්ක ගෙදර යන්න එන්නේ නැත්තේ" කියලා? මෙවැනි අයට ජනාධිපති සමාව දෙන්න පුලුවන් නම් (වරදක් කියන්නේ නැහැ) ඒත් අපේ රණවිරුවෙකුට ජනාධිපති සමාව දෙන්න බැරිද? (නි)
ඔය වඳිනා දෑතින්ම ඊළඟ බෝම්බය කාට හෝ ඇටවීමටද ඉඩ ඇත. එමනිසා මෙය හොඳ ක්‍රියාවක් නොවනු ඇත. එහි ප්‍රතිඵල නොබෝ දිනකින් දැකගැනීමට අවස්ථාවක් ලැබීමට ඉඩ ඇත. (නි)
වෛරයෙන් වෛරය නොසංසිදේ.(අ)
උතුම් ගතිගුණ අගයමු. නහී වේරේන වේරානී . (අ)
හොඳ වැඩක්! (නි)
විෂඝෝර සර්පයා අත නෑර මෝඩයා කියා කියුමක් තිබේ. (අ)
කොටි සාක්ෂි වලින් අපේ සෙබළු හිරේ දානවා. මෙහෙ කොටි නිදහස් වෙනවා. මිනිස්සු දැන් අතරමංවෙලා ඉන්නේ. (නි)
මේක හොද දෙයක්. තමන්ව මරන්නආපුකෙනට සමවැදීම
අගය කල යුතු ක්‍රියාවක්. (හේ)
එතකොට අපේ සිංහල දේශය නිදහස් කරගත් රණවිරුවන්? (නි)
ජනාධිපති මරන්න ආව අයට විතරද සමව දෙන්නෙ? (අ)
රටටම ආදර්ශයක්.(හේ)
මෙහෙම සමාව දුන්නොත් හොදට හිටියි.(හේ)
අර දිගුදුර විහිදුම් බළකායේ සෙබළාට කෝ සමාවක්? (නි)
මිනීමරුවන්ට සමාව දුන්නත් හොරුන්ට නම් සමාව දෙන්න එපා (නි)
සියලුම සිර කරුවන් නිදහස් කර,ඉල්ලන ඉල්ලන හැමදේම දීලා,අපි නියම සිංහලයෝ කියලා මුළු ලෝකෙටම පෙන්වමු.අහිංසක දෙමළ ජනයාට සුවයන් පාලනය සහ කැමති කැමති තැනකින් වෙන්කර ගන්න නීති හදලා දුන්නම ගොඩක් සතුටින් හැමෝටම ඉන්න පිළිවනි.(හේ)
මට නම් හිතාගන්න බැහැ මොනවා කියන්නද කියලා (නි)
ඔන්න ඔහේ අර හොරකන් කරා කියපු අයටත් සමාව දීලා හිටියනම් .(හේ)
අනේ අපේ සොල්දාදුවෝ! (නි)
මට නම් මොකුත් හිතාගන්න අමාරුයි (නි)
මොන උතුම්ද? මෝඩ සිංහලයාට පක්ෂ පාට නිසා ඇස් අන්ධවෙලා (නි)
මම නම් කියන්නේ මේක අපේ ජාතියටම අවමානයක්. යුද සෙබළු හිරේ දාලා කොටියව එළියට දානවා (නි)
දැන් ඊලග මැතිවරණයෙන් ඉහලම ජයක් ලබන්න පුළුවන් ඔයාට! ඡන්දය ඉල්ලන්න ලැහැස්ති වෙන්න!(අ)
සමාවදීම උතුම් දෙයක් (නි)
මේවායේ පළවිපාක කෙසේවේද? (නි)
සමාවදීම අගය කරනවා. ඒත් එතකොට අපේ රණවිරුවෝ? (නි)
මෙයයි යහපාලනය! (නි)
"'සුවපත්වේවා,මෙත් සිතින් සමාවදීමම දේවගතිය ,පෙන්නුම් කරනවා සැවොම නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා,සුවපත් වෙත්මා."(හේ)
සමව දීම මානුෂික ක්‍රියාවක්, ඒත් මේ අවස්ථාවේ මේක නොකළ යුතු දෙයක්, කිසිසේත් ආදර්ශයට ගත යුතු දෙයක් නොවෙයි.(හේ)
ඊළඟට කාට සමාව ලැබෙයිද කියන එක තමයි ප්‍රශ්නේ.(හේ)
කළාට එච්චර හොඳ දෙයක් නම් නෙමෙයි මහත්තයෝ. ඔහොම සමාව දෙනවා නම් තව ගොඩක් අය ඉන්නවා සමාවදෙන්න. (නි)
අපේ රටේ ගොඩක් රට කරවන දේශපාලකතුමාලට තිබෙන දෙයක් තමයි බලේට අවම මොළය නැති එකයි, මොළය තිබෙනකොට බලය නැතිකමයි. ආණ්ඩුවේ ඉන්නකම් කරන හැමදේම හරි. විපක්ෂයේ ඉන්නකම් ආණ්ඩුව කරන දේවල් වැරදියි. හැමවෙලාවෙම ජනතාව වෙනුවෙන් කතාත් කරනවා. (නි)
බැරිවෙලාවත් මේ පුද්ගලයා නඩුවෙන් නිදහස් වුණා නම් රිමාන්ඩ් සිටි කාලසීමාව ආපසු ලබා දෙනවාද? ලංකාවේ නීතිය කියන එක පොතේ තිබුනාට ක්‍රියාත්මකවීම කැකිල්ලේ ක්‍රමයට කියලයි අපිට නම් හිතෙන්නේ (නි)
අනේ පව් අහිංසකයා. (ර)
ජේ.ආර් ජයවර්ධන මහත්තයත් එක සැරයක් සමාව දීලා කරගත් හරිය මතකද? (නි)
වසර දහය ඉවර නම් මොකටද ජනපති සමාවක්? ඔහුගේ සිරදඬුවම 2006 සිට 2016 දක්වා කර අවසන් වී තිබෙනවා. (නි)
මට මතක් උනේ හිටපු 2වැනි ජුවාම් පාවුළු පාප්තුමාව. පාප්තුමාට වෙඩිවැදී රෝහල් ගතවී සුවය ලබා පළමුව ගියේ සිරමෙදිරියට වෙඩි තැබු මිනිසට සමාව දිමට. එයින් ඔහු හොද මිනිසෙකු වී දැන් ලොකු සේවයක් කරයි. ලංකා ඉතිහාසයේ පළමු වරට ජනපති කෙනෙක් මෙවෙනි කෙනෙකුට සමාව දිම යනු, මුළු ඉතිහසයම වෙනස් කර රට හරිමගට ගෙන හදන්නට යන පෙර නිමිත්තක්වද්ද. ? (ර)
"අපි සන්තෝෂෙන් ඉන්නේ දුක ශෝකය නෑ දන්නේ - අයියා මල්ලී වාගේ අයියා මල්ලී........." (නි)
නියමයි. නොබෙල් සාම තෑග්ග මෙතුමාට ලැබෙයි. (නි)
මට නම් හිතෙන්නේ සමාවදීම පිළිබඳ මෙතන වැරැද්දක් තිබෙනවා. මෙම පුද්ගලයා මරන්න ආවේ එවෙලේ ඇමතිධූරය දරන පුද්ගලයාව. අනෙක එසේ ආවේ පෞද්ගලික තරහකට නොව ත්‍රස්තවාදී අරමුණු ඉටුකරගන්නයි. පුද්ගලික තරහකට ආවා නම් සමාව දුන්නාට කමක් නැහැ. (නි)
මේවා හැමෝටම කරන්න බැරි විශිෂ්ට වැඩ... (නි)
සමාව දීලා ඔලුවත් අතගානකොට අනිත් රටවල් හිතන්න බැරි නැද්ද කොටි අපිට හොඳ නම්, මොකටද අපේ රටේ කොටි තහනම් කරන්නේ කියලා. නැවත විදේශ වලදී වේගයෙන් කොටි ශක්තිමත් වෙන දිනය වැඩි ඈතක නොවනු ඇත. අපිත් පුදුම රටක ඉපදුන මිනිස්සු! (නි)
සමන්, රොහාන්, රණසිංහ බුදුහාමුදුරුවො නම් කෙලේ, බුදුහාමුදුරුවො මරන්නට ආපු අය පැවිදි කෙරෙව්වා. (කෞ)
මට නම් අදහාගන්නත් බැරිවුණා (නි)
විශිෂ්ටයි! (නි)
ඔය වගේම හමුදා බුද්ධි අංශ විරුවන්ට සමාව දුන්නා නම් මොකද? (නි)
ඉහළින්ම අගය කරනවා (නි)
මිනිහෙක් යහමඟට ගන්න උදව් කිරීමයි උතුම් (නි)
මේ වගේ දෙයක් මම ඇහුවේ ජීවිතයේ පළවෙනි වතාවට (නි)
නීතියේ ආධිපත්‍යය ගැන කතාකරන අය, ඉස්සර මිනීමරලා හිරේට ගිය ඇමති බිරින්දෑවරු, ස්ත්‍රී දුෂකයෝ, නීතියට අපහාස කළ අය නිදහස් කරනකොට ඒවා දැක්කේ නැද්ද? (නි)
මුලාවී තමාව මරන්නට හිතපු කොටි සංවිධානේ මනුස්සයට සමාවදීම උතුම්. එහෙත් මේ සිද්ධියේදී සතුටු වන අය බොහෝදෙනෙක් කොටියාගෙන් අපිව බේරාගත් රණවිරුවන් අතින් වුණා කියන සහ යුද්ධයට දේශපාලන නායකත්වය දුන් හිටපු ජනපතිගෙන් සිදුවී ඇතැයි කියන තාමත් ඔප්පු නොකළ වැරදි වලටත් ඔවුන්ට දඬුවම් නොදෙන්නේ ඇයිද කියා අසන එක පුදුමයි. (නි)
ඇත්තටම උතුම් මිනිසෙක්! (නි)
එසේම රට ජාතිය රැකගත් රණවිරුවන්ද වහා නිදහස් කළයුතු නොවේද? (නි)
මෙතුමාගේ මේ ගතිගුණ ලොවටම ආදර්ශයක් (නි)
අනේ මන්දා මොනවා වෙයිද කියලා මෙහෙම යනකොට? (නි)
අපි දැන් වන්දි ගෙවා අවසන්. අනාගත පරපුරටවත් ජීවත්වීමට ඉඩ දියයුතුයි (නි)
කොසොල් රජ දැක තිබෙන්නේ දවල් හීන නොවන බව දැන්වත් ලාංකිකයෝ තේරුම් ගතයුතුයි නේද? (නි)
කවුරුන් වුණත් වැරැද්දක් කර ඇත්නම් දඬුවම් විඳිය යුතුබව පිළිගත යුතුයි. (නි)
මේ ගැන අපි නරක විදියට බලන්න හොඳ නැහැ. සමාව දීම ජාතින් අතර හොඳ ගතියක්. එයාලා නරකට ආවොත් අපේ ආරක්ෂක අංශ සීරුවෙන් (නි)
මෙවැනි උතුම් රාජ්‍යනායකයෙකුගේ හදතුල පවතින මෛත්‍රිය මන්ද බුද්ධිකයන්ට හිතාගන්නවත් බැරුව ඇති. රටේ වසනාවටම පහළඋන උතුම් මනුෂ්‍යයෙක්. මුළු ලොවටම ආදර්ශයක්. (ර)
සමාවදීම උතුම් දෙයක්. නමුත් දමිළ ආණ්ඩුවකින් සිංහලයාට මෙම සාධාරණත්වය ඉටුවෙයිද? (නි)
උතුම් කටයුත්තක් (නි)
සියලුම දේ සිදුවන්නේ, නොසිතූ ලෙසයි. පිටසක්වල බලපෑමක්වද්ද? (නි)