සයිටම් අහෝසි කරන ලෙස ඉල්ලමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංසදය ආරම්භ කළ මාරාන්තික උපවාසය මීට ටික වේලාවකට පෙර නතර කරනු ලැබීය.
නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සමඟ පැවැති සාකච්ඡාවකින් පසු ඔවුහු එම උපවාසය අත්හැරියහ.
සයිටම් අහෝසි කරන ලෙස ඉල්ලමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංසදය ආරම්භ කළ මාරාන්තික උපවාසය මීට ටික වේලාවකට පෙර නතර කරනු ලැබීය.
නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සමඟ පැවැති සාකච්ඡාවකින් පසු ඔවුහු එම උපවාසය අත්හැරියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ ඒ රිලා නැටුම නැවැත්තුවේ. ඒක ඉතාම වැරදි වැඩක්. මේ රටේ මහා ජනතාව කොච්චර ආසද රිලා නැටුම් නොමිලේ නරඹන්න.
මේ වගේ අයට දෙමව්පියෝ කියනවද? අපි නම් හිතාගෙන හිටියේ සත්තුන්ව උපද්දවන්නේ සත්තු විතරයි කියලයි.
අවසානයේ සත්‍ය ජයගත්තා. සයිටම් යනු බැඳුම්කර වංචාවටත් වඩා ප්‍රෝඩාකාරී වංචාවක් බව රටටම හෙළිවුණා. සයිටම් වෙනුවෙන් කඩේගිය සියලු දෙනා පරාජය වී නිරුවත හෙළිවුණා. මෙය මුදල් ගෙවා ලබාගන්න අධ්‍යාපනය වෙනුවෙන් මෙන්ම නොමිලේ ලබාගන්න අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටින සැමගේ ජයග්‍රහණයක්. මෙවැනි වංචාකාරී ආයතන ඉදිරියේත් බිහිවීම වලක්වා ප්‍රමිතිගත සහ ගුණාත්මක රාජ්‍ය හා පුද්ගලික අධ්‍යාපනය ආයතන බිහිවීමට වැඩි වැඩියෙන් ඉඩ සැලසිය යුතුයි. පුද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කිරීමට බලාපොරොත්තු වන අය නොකළයුතු වැඩ සියල්ල මොනවද කියලා සයිටම් වංචාකාරීන් විසින් මැනවින් පෙන්නුම් කළා.
ඇත්තටම මේක නම් රිළාවඳුරු නැටුමක්....
මෙච්චර කල් මේ දේට කොච්චර කල් නැටුවද? දෙපැත්තට කොච්චර සාධාරණ ක්‍රියා තිබුණද? පොහොසත්, දුප්පත්, දක්ෂ, අදක්ෂයින් වෙනුවෙන් මේවට මුදලට, බලයට, ආධාර, අනුබල දීම සුදුසු නැත.
සත්‍යය ජයගනී. දිවි පරදුවට තබා සටන් අයට අපගේ උපහාරය !!!
රජය හරක් ටික ගාල් කළා. ලුසේනා
අයි උඩපනින්නේ ? මේකම නේද දැන් දවස් ගණනකට ඉස්සෙල්ල රජයෙන් කිව්වේ . මේ කුහකයන්ට කොහොමහරි උවමනා වෙලා තිබුනේ උපවසෙන් මගහරින්න
ඔබට සතුටුයිද දැන් ?
දැන් ඉතින් ඒ සල්ලිටිකත් ඕස්ට්‍රේලියාවේ නවසීලන්තයේ චීනයේ හෝ බංගලිදේශයේ කැම්පස් වල තමා නවතින්නේ. ඔවුන් පස්ස පැත්තෙන් අපට හිනාවෙනවා ඇති . ඔබට සතුටු ද දැන් .
සයිටම් නෙවෙයි ලංකාවේ බහුතරයක් කුහක වැඩිහිටියන් තමන්ගේ දරුවාට ඇරෙන්න අනුන්ගේ දරුවෙකුට යමක් ලැබීමට විරුද්ධයි. පහේ ශිෂ්‍යත්වයේ සිට සරසවිය පමණක් නොවේ රැකියාව විවාහය දක්වා තමන්ගේ දරුවාට හැරෙන්න වෙන කෙනෙකුට ලැබීමක් සිදුවිය නොහැක. මගේ දෙමව්පියන්ට මේ කුහක මානසිකත්වය නොතිබීම ගැන මම සතුටු වෙමි.
නරකද පුද්ගලික ටියුෂන් කඩ ඉස්සරහට වෙලා ඊළඟ උපවාසය පටන් ගත්තොත්. දැන් ඒවායේ මොන ප්‍රමිතියක් තිබුනත් කමක් නැහැ. ලජ්ජා නැති වැඩිහිටි නඩේ ඊළඟට ගිහින් තමන්ගේ ළමයි පුද්ගලික චැනලින් වලින් ගසා කනකොට මිනිස්සු සාප කරන ටිකත් අහගන්න !
Doctors are happy they can make money through private channels, who is the looser the people
සටන මෙතනින් ඉවරවෙනවානම් යහපත්. එත් තව මොනවහරි වැරදි අල්ලාගෙන සටන ඉදිරියට ගෙනියමට ඉඩඇත. ප්‍රවේශමෙන්. මේ දේ කරන්ඩ දෙන්නේ නැත්තේ ජ වී පෙ සහ පෙරටුගමියෝ. ඔවුන්ගේ බලල් අත සරසවි සිසුන්.
මීට කලිනුත් හර්ෂ සිල්වා මහත්තයා කියපු දේවල් ඔක්කොම කරලා තියෙනවද ? බොරුවට ඒක අල්ලාගෙන හරි උපවාස නවත්තපු එක හොදා .
ඒ විදිහට ලංකාවෙ සල්ලි ඉතුරුකරගන්න ආසනම් ලංකාවෙ නිපදවන දේවල් පිටරටින් ගේන එක සම්පූර්ණයෙන් නවතමු.ලංකාවෙ ජාතික සම්පත් පිටරැටියන්ට විකුණන එක නවතමු.ඒවායින් ඔයිට වැඩිය ඕනතරම් සල්ලි ඉතුරු කරගන්න පුළුවන්.
ඔබ ගැනත් අපිට වැටහුනේ අබ කාපු මිනිහාගේ නහය දානවා මතක කරලා. වෙනත් ,කෙනෙකුට සටහන් පොතක්වත් නොදෙන කුහකතරුණ පරම්පරාවක් මෑතකදී බිහි වුනේ මේ වගේ උපවාසකාර දෙමව්පියන් හින්දා තමයි. වපුරන හැටියට උන්දලා නෙලා ගනීවි.
අපරාදේ තව දවස් දෙකතුනක් උපවාසය කරන්න දෙන්න තිබුනේ.
තව කෙනෙක්ට ඉගෙන ගන්න තියෙනේ අවස්ථාවක් නැති කරලා සතුටු වෙන කුහක පිරිසක්, ප්‍රමිතිය හොද නැත්තන් හොද ප්‍රමිතියකට හදල පිටරට ගිහින් වෛද්‍ය උපාධි අරන් එන අයට දෙන විභාගේ දීලා සයිටම් එකේ අයත් පාස් හරි ෆේල් හරි කළා නං ඉවරනේ.
අපරාදේ උපවාසය නැවැත්වූයේ, රටේ කිසිම ළමයෙකුට අධ්‍යාපනයක් ලබා දෙන්න එපා අපේ දොස්තර පුතාලාට විතරයි ඉගෙන ගන්න අයිතිය තියෙන්නේ කියලා ආයෙත් පටන් ගන්න . ඔබලා දරුවන්ට කුහකකම ඉගැන්වුවා නම් තමන්ගේ වැඩේ පමණක් කරගන්නා හැටි පෙන්වූවා නම් අනාගතේ මහලු මඩම් වල ජීවත් වෙන්න දැන්ම ලැස්ති වෙන්න .
දැන් බස්, දුම්රිය වගේ ඒවයෙත් ප්‍රමිතියක් නෑනේ. ඒවත් වහමු. ප්‍රමිතියක් නැත්නම් ප්‍රමිතිය හදන්නේ නැතුව, දොස්තරවරුන්ට ඕන විදියට වැඩ කරන්න නම් රජයක් මොකටද? අනේ අපේ රටට ගිය කලක්.
අපේ අයගේ සාක්ෂරතාවයේ හොඳකම කියන්නේ, එකම දේ දෙපාරකට දෙවිදියකට කීවාම තමයි හරියටම තේරුම් යන්නේ. සමහරවිට මොළය පිහිටා තිබෙන ස්ථානය අනුව එසේ වෙන්නටද බැරි කමක් නැත.
ඊළඟට මේ දෙමව්පිය නඩය පාරට බහීවි දොස්තර පුතාලාට වාහන බලපත්‍ර , මුණුපුරන්ට සුපිරි පාසල් වහාම දෙන්න කියලා. මේක දොස්තරලාටම ගිය රටක් වුනානේ.
සයිටම් දොස්තරලා ආවා නම් පුද්ගලික චැනලින් වලින් ගසා නොකාම ඉඳියි. විශ්වාසයක් ඇතුව බෙහෙතක් ගන්නත් බෑ. පිට රටට යන සල්ලි ඉතුරු කරගන්න පුළුවන් ක්‍රම තියනවා. නිකම් බොරු එපා. දොස්තර කෙනෙක් හරියට බිහිවෙන්න ඕනෑ. ඒක අනෙක් විෂයයන්ගෙන් වෙනස්. ජීවිත...බාරදෙන්නේ දොස්තර හර්ෂට පින්. හොඳ තීරණයක්...