මැරෙන අපට පක්ෂ බේද අවශ්‍ය නැතැයි ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පළාත් සභා මන්ත්‍රි ඉන්දික බණ්ඩාර මහතාගේ ප්‍රතිපාදන මත පහළයාගොඩ අවමංගල්‍යාධාර සමිතියකට භාණ්ඩ බෙදා දීමේ වැඩසටහනක ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් මන්ත්‍රීවරයා එලෙස පැවසීය.
මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය.
‘‘ ජනතාවට රටේ බලය දෙන්න ඕනෑ. රට පාලනය කරන්න ඕනෑ ජනතාවයි. ඒ සඳහා ගමේ සමිති සමාගම්වලට බලය ලබා දිය යුතුයි. තීරණ ගත යුත්තේ ජනතාවයි. දැනට පවතින ක්‍රමය වෙසන් කළ යුතුයි. ජනතාවට කතා කරන්න අවස්ධාව දෙන්න ඕනෑ. මෙතෙක් කාලයක් ජනතාවට ඒ අවස්ථාව ලැබුනේ නෑ. ඒ අවස්ථාව ලබා දෙන්න අපි සූදානම්. දේශපාලන වශයෙන් කුල වශයෙන් බෙදෙන්න ඕනෑ නෑ.‘‘



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැරෙන ඔබ එහෙනම් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රී කෙනෙක් වෙලා පෙන්වන්න නිකන් බයිලා එපා (අ)
තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ. මේ ඩිංගේදී ඇයි පපුවට. ගසා ගනිමින් කෝලම් කරන්නේ (බ)
හරියට හරි මුණසිංහ.(බ)
කවදාහරි මැරෙනවා කියන එක ඉඳලා හිටලා හරි මතක්වෙන එකත් කොච්චර වටිනවද? (නි)
දැනගෙන අදහස් දාන්න මේ මනුස්සය ඇත්තටම පක්ෂ පාට නැති ඕන කෙනෙකුට උදව් කරන කෙනෙක්. (බ)
මේ කතා ඔක්කොම බොරු. දේශපාලකයින් කටින් ඔහොම කිවුවත් ඔවුන්ගේ ඇඟ ඇතුළේ තිබෙන්නේ හාත්පසින්ම ජනතාවට විරුද්ධ අදහස්ය. මොවුන් කවදාවත් ඔවුන් භූක්ති විඳින අයිතිවාසිකම් පීඩිත පන්තියට විඳීමට ඉඩ දෙන්නේ නැහැ. ඔවුන් කොහොමත් සමාන අවස්ථාවන්ට කැමැති නැත. (නි)
කව්ද හිටියත් මැරෙන අපිට -රටට මොනවා වුනාම මොකද? ජීවත් වෙලා ඉන්න කම් මොකක් පාවා දීල හරි සැප විදගෙන ඉන්න තියෙනවා නම් නේද? මේවගේ එවුන් අතීතයේත් දේශපාලනේ හිටිය නම් මුන්දලා අද දේශපාලනේ නැහැ කියල හිතා ගන්න. (බ)
මැරෙන එක මතක් කරගන්න එක මේ වෙලාවේ ඉතාම සුදුසු ප්‍රඥාගෝචර ක්‍රියාවක්! මේ ආණ්ඩුව යන විදියට අපි නම් රෑට රෑට "අද අද එයි මරු පින් කරගන්නේ, කෙලෙසද හෙට මරු නේති සිතන්නේ" යන කවිය ගායනා කරලා තමා නින්දට යන්නේ (නි)
'මිටීමේ' හුඟක් සෙනඟ ඉන්නවා වාගේ! (නි)
අඥානයෝ හිතන්නේ මැරුණට පස්සේත් ප්‍රේතයෝ යක්ක්ෂයෝ වෙලා ශ්‍රී ලංකා, යුඑන්පී කියල බෙදිලා ගසාකන්න පුළුවන් කියලා. නිශ්චිත ලේඛනගත ප්‍රතිපත්තියක් නැති එක එක පක්ෂ තමාගේ පක්ෂය කියලා කියාගෙන මිනිස්සු මේ කරන්නේ බඩවියත රැකගන්න කාගේ හරි පස්සෙන් වැටිලා කඩේ ගිහිල්ලා ජීවත්වන එක. මේක තමයි සත්‍යය. මොකද්ද පක්ෂය කියලා නොවෙයි, මොකද්ද හරි කියලා හිතලා වැඩ කරන්න බහුතරයට මොළේ පෑදෙනකම් රටටම පව් ගෙවන්න වෙනවා. (නි)
රුවන්, පහුගිය කාලේ වැරදි කරපු හුඟක් අයත්, ඒ අයගෙන් යැපුන අයත් රෑට නිදාගන්නේ ඔහොම කියලලු (නි)