IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


‘මැරෙන අපට පක්ෂ බේද අවශ්‍ය නෑ‘

මැරෙන අපට පක්ෂ බේද අවශ්‍ය නැතැයි ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.

 ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පළාත් සභා මන්ත්‍රි ඉන්දික බණ්ඩාර මහතාගේ ප්‍රතිපාදන මත පහළයාගොඩ අවමංගල්‍යාධාර සමිතියකට භාණ්ඩ බෙදා දීමේ වැඩසටහනක ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් මන්ත්‍රීවරයා එලෙස පැවසීය.

මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය.

‘‘ ජනතාවට රටේ බලය දෙන්න ඕනෑ. රට පාලනය කරන්න ඕනෑ ජනතාවයි. ඒ සඳහා ගමේ සමිති සමාගම්වලට බලය ලබා දිය යුතුයි. තීරණ ගත යුත්තේ ජනතාවයි. දැනට පවතින ක්‍රමය වෙසන් කළ යුතුයි. ජනතාවට කතා කරන්න අවස්ධාව දෙන්න ඕනෑ. මෙතෙක් කාලයක් ජනතාවට ඒ අවස්ථාව ලැබුනේ නෑ. ඒ අවස්ථාව ලබා දෙන්න අපි සූදානම්. දේශපාලන වශයෙන් කුල වශයෙන් බෙදෙන්න ඕනෑ නෑ.‘‘

12953259_992591250834354_557895908_o

12528807_992591204167692_123103739_o 12947015_992591197501026_987032703_o



අදහස් (0)

‘මැරෙන අපට පක්ෂ බේද අවශ්‍ය නෑ‘

වසනිජයා Monday, 04 April 2016 12:17 PM

මැරෙන ඔබ එහෙනම් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රී කෙනෙක් වෙලා පෙන්වන්න නිකන් බයිලා එපා (අ)

:       0       0

චතුරි Sunday, 03 April 2016 02:17 PM

තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ. මේ ඩිංගේදී ඇයි පපුවට. ගසා ගනිමින් කෝලම් කරන්නේ (බ)

:       0       0

නිම්මි Sunday, 03 April 2016 02:36 PM

හරියට හරි මුණසිංහ.(බ)

:       0       0

නන්ද Sunday, 03 April 2016 03:56 PM

කවදාහරි මැරෙනවා කියන එක ඉඳලා හිටලා හරි මතක්වෙන එකත් කොච්චර වටිනවද? (නි)

:       0       0

සේපාලි Monday, 04 April 2016 06:25 AM

දැනගෙන අදහස් දාන්න මේ මනුස්සය ඇත්තටම පක්ෂ පාට නැති ඕන කෙනෙකුට උදව් කරන කෙනෙක්. (බ)

:       0       0

චානක් ලොස් ඇන්ජලිස් Sunday, 03 April 2016 08:31 PM

මේ කතා ඔක්කොම බොරු. දේශපාලකයින් කටින් ඔහොම කිවුවත් ඔවුන්ගේ ඇඟ ඇතුළේ තිබෙන්නේ හාත්පසින්ම ජනතාවට විරුද්ධ අදහස්ය. මොවුන් කවදාවත් ඔවුන් භූක්ති විඳින අයිතිවාසිකම් පීඩිත පන්තියට විඳීමට ඉඩ දෙන්නේ නැහැ. ඔවුන් කොහොමත් සමාන අවස්ථාවන්ට කැමැති නැත. (නි)

:       0       0

මුණසිංහ Sunday, 03 April 2016 10:01 AM

කව්ද හිටියත් මැරෙන අපිට -රටට මොනවා වුනාම මොකද? ජීවත් වෙලා ඉන්න කම් මොකක් පාවා දීල හරි සැප විදගෙන ඉන්න තියෙනවා නම් නේද? මේවගේ එවුන් අතීතයේත් දේශපාලනේ හිටිය නම් මුන්දලා අද දේශපාලනේ නැහැ කියල හිතා ගන්න. (බ)

:       0       0

රුවන් Monday, 04 April 2016 01:04 AM

මැරෙන එක මතක් කරගන්න එක මේ වෙලාවේ ඉතාම සුදුසු ප්‍රඥාගෝචර ක්‍රියාවක්! මේ ආණ්ඩුව යන විදියට අපි නම් රෑට රෑට "අද අද එයි මරු පින් කරගන්නේ, කෙලෙසද හෙට මරු නේති සිතන්නේ" යන කවිය ගායනා කරලා තමා නින්දට යන්නේ (නි)

:       0       0

කාන්ති Monday, 04 April 2016 01:08 AM

'මිටීමේ' හුඟක් සෙනඟ ඉන්නවා වාගේ! (නි)

:       0       0

ප්‍රියා Monday, 04 April 2016 03:19 AM

අඥානයෝ හිතන්නේ මැරුණට පස්සේත් ප්‍රේතයෝ යක්ක්ෂයෝ වෙලා ශ්‍රී ලංකා, යුඑන්පී කියල බෙදිලා ගසාකන්න පුළුවන් කියලා. නිශ්චිත ලේඛනගත ප්‍රතිපත්තියක් නැති එක එක පක්ෂ තමාගේ පක්ෂය කියලා කියාගෙන මිනිස්සු මේ කරන්නේ බඩවියත රැකගන්න කාගේ හරි පස්සෙන් වැටිලා කඩේ ගිහිල්ලා ජීවත්වන එක. මේක තමයි සත්‍යය. මොකද්ද පක්ෂය කියලා නොවෙයි, මොකද්ද හරි කියලා හිතලා වැඩ කරන්න බහුතරයට මොළේ පෑදෙනකම් රටටම පව් ගෙවන්න වෙනවා. (නි)

:       0       0

චන්දි Monday, 04 April 2016 03:21 AM

රුවන්, පහුගිය කාලේ වැරදි කරපු හුඟක් අයත්, ඒ අයගෙන් යැපුන අයත් රෑට නිදාගන්නේ ඔහොම කියලලු (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site