මිරිදිය මත්ස්‍ය සම්පත සංවර්ධනය සඳහා රජය පියවර ගෙන ඇතැයි ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා අද (9) පැවැසීය.
මෙරට මිරිදිය ධීවර කර්මාන්තය නගා සිටුවීම සඳහා චීනයේ පූර්ණ සහයෝගය හිමිවන බව ශ්‍රී ලංකාවේ මිරිදිය ධීවර කර්මාන්තය නගා සිටුවීම සඳහා චීනය හා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමේ අවස්ථාවට එක්වෙමින් අමරවීර මහතා මේ බව පැවසීයෙ
ග්වැංක්ෂි ධීවර ආයෝජන සමාගම ( චීනයේ ග්වැංක්ෂි ෂොං පළාතේ පිහිටි ධීවර, සත්ත්ව නිෂ්පාදන සහ පශු වෛද්‍ය කාර්යාංශය, ) හා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා හා බලාගෙන, දැන් ඔන්න කට්ටියක් ඔය වැඩේට විරුද්ධවෙයි. (නි)
දැන් චීනය හොඳයි වගේ (නි)
බොහොම හොඳයි (නි)
ඔව්, දැන් ඉතින් මිරිදිය මසුන් තමයි අල්ලන්න වෙන්නේ. කොළඹ මුල්‍ය නගරය නිසා ගාල්ලේ සිට පුත්තලම දක්වා මුහුදු වෙරළ විනාශයි. රැල්ලට වෙරළ හෝදගෙන ගිහින්. රජයෙන් වෙරළට ගල්දමලා. ධීවරයින්ට මුහුදු යන්න බැහැ. චීනයට ලංකාව වටේ මුහුදේ මාළු අල්ලන්න අවසර දීලා. චීනය දැන් මිරිදීය මාළු රට තුළ සංවර්ධනය කරන්න උදව් කරනවා. සංචාරක ව්‍යාපාරයයි, ධීවර කර්මාන්තයයි දෙකම විනාශයි (නි)
වික්ටර්, ඔබට එකතුකිරීමක් තමයි මේ. සංවර්ධන වැඩ වලදී අපිට අඩුපාඩු වන අවස්ථාවන්හිදී චීනය කරනලද සහ ඉදිරියටත් ඔවුන්ගෙන් අවශ්‍ය වන උදවු බොහෝය. එහෙත් අපිට ස්වාදේශිකව පාලනය කරගත හැකි දේවලට ඔවුන් අවශ්‍ය නැත. මිරිදිය මසුන් දියුණු කරන්න චීනය අවශ්‍යද. අපගේ ගමේ මාළුවෝ වන තිත්තයාගේ පටන් ලූලා දක්වා විනාශ කළ කාෆ් නම් අනවශ්‍ය මාළුවා අතීතයේදී අපගේ පාලකයින් මඟින් අපිට දුන්නෙත් ඔවුන්ම තමයි. ඉතින් මේ එන්නේ මොකටද කියා අවබෝධ කරගන්න අපේ නායකයන්ට හැකිවේවිද. (නි)