මරදාන දුම්රිය පොළේ දී නිල් පාට නිල ඇඳුම ඇඳගත් පිරිසක් දුම්රිය මගියකුට පහර දුන් පිරිසට එරෙහිව පැමිණිල්ලක් ලැබී නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
එම නිල ඇඳුම ඇඳගත් පිරිස ඔහුට පහර දෙද්දී දුම්රිය ආරක්ෂක සේවයේ නිල ඇඳුමට සමාන නිල ඇඳුම් ඇඳ සිටි පිරිසක් එම පුද්ගලයා බේරාගෙන යෑමට එම ස්ථානයට යෑම වැලැක්වූ බවත්, රාජකාරියේ සිටි පොලිසිය ද එම පුද්ගලයා බේරා ගැනීමට උත්සාහ නොකළ බවත් සිද්ධිය ඇසින් දුටුවෝ කියති.
මහව දුම්රියේ රියදුරුට අලව්වේ දී පහර දුන් බවට සැකපිට දුම්රිය මගීන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්රිය රියදුරන්ට ගහපු එකත් මඟියාට ගහපු එකත් වැරදියි.ගහනවා නම් ගහන්න ඕනෑ ඔය දෙගොල්ලන්ටම නෙමෙයි. දුම්රිය රියදුරන් උත්සාහ කරන්නේ කොහොමහරි මඟීන්ව ගෙනියන්න. (නි)
පැමිණිල්ලක් නැහැ කියන්නේ ඉතින්... (නි)
සරත්, ඔව්. එ් නිසා තිලක් ඩුබායි බේරුණා. අනිත් එක අපිත් අන්තර්ජාලේ තිලක් ඩුබායිව හොයා හොයා හිටියනේ. එයා හොරෙන්ම ඇවිල්ල යනකම් දන්නෙත් නැහැ! (ස)
පැමිණිල්ලක් කලොත් ගෙදර ඉන්න අඹු දරුවන්ටත් ගුටි කන්න වෙයි.අද තියෙන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට අත පොවන්න බැරි ක්‍රමයක්. සාමාන්‍ය මිනිහට තියෙන්නේ ඡන්දෙ දීලා පත් කරන එක විතරයි.(ස)
රටේ නීතිය බල්ලටම ගිහින්.අනේ මන්ද තව කොච්චර කල් මේ විදිහට රටක් වශයෙන් ඉදිරියට යන්න පුලුවන්ද කියල. (ස)
ලංකාවේ නිවාඩුව ගත කල මාසේ මම මොන තරම් බයෙන්ද හිටියේ කාගෙන් කොටි විදිහට,මොන වගේ කෑමක් ලබීවිද කියල..(ස)
පොලිසියේ ඇස් පේන්නේ නැහැ මේ දවස්වල. නැත්නම් සෙල්ලම් පිස්තෝල අරගෙන සෙල්ලම් කරන අයවත් අල්ලන්න තිබුනනේ.(නදී)
මම දන්නා විදිහට මීට ටික කලකට පෙරත් මේ වගේම සිදුවීමක් වුණා. දුම්රිය රියදුරාට පහරදීම මම අනුමත කරන්නේ නැහැ.නමුත් එයා පිළිගන්න ඕනෑ මඟීන් හට මේ ප්‍රමාදය නිසා විශාල බලපෑමක් වන බව. දුම්රිය මඟියාට පහරදීමට නම් මම 100% විරුද්ධයි. (නි)
දුම්රිය පොළේ මඟීන් විශාල පිරිසක් ඒ සිද්ධිය ඇසින් දුටුවා කියලා කියනවා නේද? (නි)
දුම්රිය රියදුරෝ හීනමානයෙන් පෙළෙන්නන් යැයි මට හිතෙනවා.එහෙම බලපුවම පුද්ගලික බස් රියදුරෙක් අජටාකාශගාමියෙක් වගේ වෙන්න එපායැ. (නි)
ඔයා ඩුබායි වලටම වෙලා ඉන්න . (ස)
ලංකාවෙ හැම කෙනාම අන්තර්ජාලයේ පුවත් නොබලන නිසා ඩුබායි තිලක්ට ලංකාවෙ නිවාඩුව ගත කරන්න පුළුවන් වුනා (ස)
සි.සි.ටී.වී. කැමරා තිබෙනවා නේද? අර රියදුරු නැති එන්ජිම පටිගත වෙලා තිබුනෙ. කොහොම හරි ඔය මහජන මුදලින් වැටුප් ලබන ගමන් රස්සාව මඟහැරලා මඟීන්ට ගහන මැරයන්ට නිසි දඩුවම් ලබා දෙන්න. (නි)
නිල ඇඳුමක් දුන්නම ඒගොල්ලෝ හිතන්නේ හරි ලොකුයි කියල. (ස)
ඒ වෙලාවේ පොලිසියේ රාජකාරී කරන්න කව්රුත් හිටියේ නැද්ද? (නදී)