කොළඹ 10, ශ්‍රී සංඝමිත්තා බාලිකා විද්‍යාලයට වසර 125 ක් පිරීම නිමිත්තෙන් සමරු මුද්දරයක් හා විශේෂ සමරු කවරයක් තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී අද නිකුත් කැරිණි.
1889 දී සංඝමිත්තා විද්‍යාලය ආරම්භ කරන ලද්දේ මරදාන ඔඩේ පන්සලේදීය. අමාත්‍යවරයා පළමු මුල් දින කවරය විදුහල්පතිනි තුෂාරි ද සිල්වා මහත්මියට ප්‍රථමයෙන් පිළිගැන්වීය. පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකා ගතාරි රවිප්‍රභා දියණියටද, විද්‍යාලයීය මුද්දර සමාජය භාර ආචාරිණී ප්‍රියදර්ශනී කරුණාසේන මහත්මියටද පිළිගැන්විණි. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ජයන්ත වික්‍රමනායක ද මෙම අවස්ථාවට එක්විය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සඟමිත් විදු මව දිගුකල් වැජඹේවා! (නි)