(ඩයනා උදයංගනී )
දුම්රිය ප්රමාදය හේතුවෙන් පීඩාවට පත් මගීන් මරදාන දුම්රිය ස්ථානයේ දී විරෝධය පළකිරීම නිසා දුම්රිය ස්ථානාධිපති කාර්යාලය අසල ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවිය.
ප්රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය 50ක් පමණ රාගම දුම්රිය ස්ථානයෙන් ඉදිරියට ධාවනය වූයේ බොහෝ වේලාවක් ප්රමාද වී බැවින් මගීන් දුම්රියෙන් බැස පයින්ම ගමන් කරනු දක්නට ලැබිණි.
එම මගීන් මරදාන දුම්රිය ස්ථානයේ දී කලබල කිරීම නිසා එහි ආරක්ෂාවට පොලීසිය හා හමුදා සෙබඵ ද පැමිණි සිටිනු දක්නට ලැබිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් ඔතන හිටියා.නිවේදනය කරන කෙනා එක පාරක් කීවා 8 වෙනි වේදිකාවේ තියෙන කෝච්චිය මුලින් යනවා කියලා. ඊට පස්සෙ කීවා 7 වෙනි වේදිකාවේ කෝච්චිය මුලින් යනවා කියලා. මිනිස්සු උඩු යටිකුරු වෙනවා ඒ වෙලාවට. වගකීමෙන් දෙයක් කිව්වනම් ඉවරනේ. අනික බස් ස්ට්රයික් අර ස්ට්රයික් මේ ස්ට්රයික් එක්ක මිනිස්සු දැන් මාර කේන්තියකින් ඉන්නේ.
රටේ අධිකරණයක් කුමටද ? මෙය සැලසුම් කළ සිග්නල් දෝශයකි . මොවුන් තවත් හුරතල් නොකර ඉවත් කරනු.
සුද්දා හදලා දුන්න දුම්රිය සංවර්ධනය තියා අඩුම තරමේ තියෙන මට්ටමෙන්වත් නඩත්තු කරගන්න බැරුව අපි කන කට්ටක් . මේ සේවකයන්ටත් ඕන පඩි සහ දීමනා විතරයි. කාටවත් හරියට වැඩක් බැහැ. හැබැයි රස්සාව මොකක්ද කියල ඇහුවම මහා උජාරුවෙන් කියන්නේ.
එක එක්කෙනාගේ ඉල්ලීම් වෙනුවෙන් දුක් විඳින අහිංසක මගීන්ට සිදුවෙන හානිය පිළිබදව බලධාරීන් කුමක් කියන්නේද ? ඉල්ලීම් පිලිබදව කෑ කෝ ගසන අයගෙන් අපි මෙසේ විමසීමට කැමැත්තෙමු. ඔබලා මහජන මුදලින් ලබාගන්න වැටුපට සරිලන සේවයක් අවංකව කරන්නේද යන්න කීදෙනෙකුට කිව හැකිද ? තමන්ගේ යුතුකම් ඉෂ්ඨ කරමින් ඉල්ලීම් වෙනුවෙන් සටන් කරන්නේනම් මහජනතාවද සහය දක්වනු ඇත. මහජනතාවගේ ආශිර්වාදයද ලැබෙනු නියතය.
ඕව නෙමේනේ ස්ථානාධිපතිට දැන් තියෙන ප්රශ්න. අර අහිංසක රණවිරුවෝ ටික ඔතන ඉන්න එකේ අමාරුවන. ලැජ්ජා වෙන්න ඕනේ ඔය වගේ මිනිස්සු.
ඒ ඇසුනේ නිවේදක හඩ නොවේ. කාලකන්නි රජයක හංස ගීතය.
මට වැටහෙන විදිහට මේ විදිහට රට පුරාම සැලසුම් සහගත විදියට ස්ට්රයික් ආදිය කරන්නේ යම් කල්ලියක දේශපාලන උවමනාවන් අනුවයි. මට මතකයි කාලෙකට කලින් ජනාධිපතිවරණයකට කලින් රට පුරාම කතෝලික පල්ලි වලට ගහගෙන ගියා සිංහල ඡන්ද කඩන්න. විපක්ෂේ අපේක්ෂකයා යාන්තමින් දිනුවේ ඒ නිසයි. මේ සැරෙත් ඔවුන්ම මේවා කරවන්නේ මිනිස්සුන්ට ආණ්ඩුවට කලකිරවන්න විරුද්ධව ඡන්දය දෙන්න පොළඹවන්න. අපි නොදන්නා චෙස්.
දුම්රිය දෙපාර්තමේන්තුවේ සංඥා පද්ධතිය වසර 50 කින් නවීකරණය කරලා නෑ. ඒකට මුදල් වෙන්කරලා නෑ. ඒ වුණාට අප්පුච්චාගේ නම යන්න නෙළුම් කුලුන හදන්න මුදල් වෙන් කරගත්තා. ඔහොම වෙලා මදි.
ජේ ආර් 1980 කළදේ හරියටම හරි. දැන් ඉන්න පාලකයින්ට කොන්දක් නැහැ . මේක ප්රජාතන්ත්රවාදය නොවේ. බල්ලන් විසින් මිනිසුන් පෙලා තලා තම ඉල්ලීම් දිනාගැනීමට තැත් කිරීම. මුන් ගෙදර යවන්න. මහජනයා ඡන්දය දෙනවා සිකුරුයි.
වර්ජන කොතරම් සාදාරන වුවත් නැතත් මොවුන් ගුටිකන දිනය ඈතක නොවේ