(මහින්ද නිශ්ශංක)

මරදාන ඩීසල් විදුලි ධාවනාගාරයේ තාක්ෂණ ශිල්පීන්, සහායක ශිල්පීන් සහ සන්ටින් රියැදුරන් ඇතුළු 10 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා එම ධාවනාගාරය තාවකාලිකව වසා දමා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

මෙම ධාවනගාරයේ දුම්රිය ධාවන කටයුතු නතර වි ඇති අතර එම ධාවනාගාරය සතු දුම්රිය තුනක් මහව ධාවනාගාරයට අනුයුක්ත කර ඇතැයි ද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.