වැරදි සහගත ප්‍රකාශයකින් කිරුළපන පූර්වාරාමාධිපති පත්බේරියේ විමලඥාන හිමියන් විසින් තමන්ට සිදුකළ අපහාසයක් වෙනුවෙන් රුපියල් කෝටි 100ක් වන්දියක් ඉල්ලා නාරාහේන්පිට අභයාරාමයේ වැඩවෙසෙන ,රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි අද (06) කොළඹ දිසා අධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කළේය.
තමා රටේ කීර්තිධර භික්ෂුවක් වන බව, අභයාරාමේ අයිතිය ගැන නඩු නිමිත්තක් තිබියදී එම විහාරයේ අයිතිට ගැන වගඋත්තරකාර හිමි නම ප්‍රකාශ නිකුත් කිරීමෙන් තමාට දැඩි හානියක් සිදුව ඇති බවත් ආනන්ද හිමි සිය පැමිණිල්ලෙන් කියා සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දෙයියනේ අපි කොහොම හරි හිඟා කාලා පන්සලට දානේ ටික යවනවා. ඒ ගොල්ලෝ කොටි ගණන් වලින්නේ වැඩ? අනේ හැබෑටම මෙහෙමත් නාටක?(හේ)
ඉල්ලන ගානේ හැටියට මං කල්පනා කළේ එක්කෝ මුදලේ වටිනාකම බින්දුවටම බැහැලා, නැත්නම් හාමුදුරුවරුන්ගේ වටිනාකම බින්දුවටම බැහැලා. (නි)
කෝටි 100ක් තිලා ලක්ෂ 10ක්වත් දෙන්න සල්ලි තියෙනවද දන්නේ නෑ.(හේ)
මම මේ දැන් නැති නිසෛ අහන්නේ බුදු පුතුන්ට මුදල් කැපද වෛරය චීවරයට ගැලපේද මන්ද ,(හේ)
හාමුදුරුවනේ අටලෝ දහමෙන් කම්පා නොවන්න. "නින්දා - ප්‍රශංසා " ගැන ගිහියන්ට වඩා පැවිදි උතුමන් දන්නවා.(හේ)
අනේ ඉතින් මේ හාමුදුරුවරු කවදා නිවන් දකින්නද මන්ද (බ)
බුදු බණ නම් “තණ්හාය ජායති ශෝකෝ“ යි (නි)
බුදුන් වදාළේ වෛරයෙන් වෛරය නොසන්සිඳේ කියලානේ. මෙතන ආදර්ශය දෙන්නේ එහෙම නෙමෙයිනේ. (නි)
අපි නොමැරෙන මිනිස්සු නොවන බව මේ හිමිවරුන්ට කියලා දෙන්න සිද්ධවෙලා (නි)
අපේ හාමුදුරුවරු අපට දේශනාකරන බණ අපේ හාමුදුරුවරුම පිළිනොපදින යුගයක් මේක අපේ හාමුදුරුවනේ. (බ)
හෙද සංගමයේ පසුගිය කාලේ සිදුවුණ වර්ජන වලට කෝටි ගණන් වන්දි ඉල්ලන්න ඕනෑ ලෙඩ්ඩු. උන්නාන්සේට ඔච්චර සල්ලි මොකටද? (නි)
"අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආශාවක්." (නි)
ගාණ වැඩි නැද්ද?(හේ)
කෝටි 100 දෙන්න ඒ හාමුදුරුවෝ මහණ වුනේ හිස් අතින් මිසක් දැවද්දක් එක්ක නෙමේ කිරුලපන පන්සල විකුනන්න වෙයි පන්සල් තියෙන්නේ ආගමික වැඩ වලට මිසක් දේශපාලනය කරන්න නොවේ නඩු කාර තුමා කිව්වද . කොටි100අරං දෙන්නම් කියල නාමල් මන්ත්‍රීට කියන්න එයා නිතිය දන්නවා (බ)
අනුන්ගේ දේපල බලහත්කාරයෙන් අල්ලාගෙන බිස්නස් කරනවා මදිවට තණ්හාව උතුරා ගිහින් .මේ රටේ කිසි නඩුවක් ඉක්මනට විසදෙන්නේ නැහැනේ . (කෞ)
අනේ මන්ද අද කාලේ ගිහි අපට බණ කියන්න වෙලා තියෙන්නේ හාමුදුරුවරුන්ට , පාත්තරෙයි සිවුරයි විතරක් හිමි වුන බුදු පුතුන්ට දැන් කෝටි ගණන් වත්කම් , මදැයි සසරෙන් එතෙර වෙන්න ගොහින් වෙච්චි දෙයක් නේද අවසර අපේ හාමුදුරුවනේ (බ)
රටේ කීර්තිධර භික්ෂුවකට රාජ්‍ය සේවා හෙද සංගමයත් එක්ක මොකක්ද තිබෙන ගනුදෙනුව? (නි)
පන්සලක වුනත් අයිතිය ගැන ඔයතරම් ආශාවක් තණ්හාවක් ඇති කර ගත්තොත් දවසක මළ පෙරේතයෝ වෙනවා නේද? ආනන්ද මෛත්‍රීය මහනාහිමි නම් පන්සල ගැන වත් වෙන දෙයක් ගැනවත් ආසාවක් ඇති කර ගත්තේ නැහැ. (බ)
ඇයි මෙච්චර මුදල්.(හේ)