(රේඛා තරංගනී ෆොන්සේකා)
මාර්තු අට වැනිදාට යෙදී තිබෙන කාන්තා දිනය වෙනුවෙන් කාර්යාල දුම්රියවල කාන්තාවන් සඳහා වෙනම දුම්රිය මැදිරි වෙන් කිරීමට සැලසුම් කර ඇති බවත් එළඹෙන අටවැනිදා වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් උදෑසන 6.59 මංගල ගමන ඇරඹෙන බවත් දුම්රිය සාමාන්‍ය අධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය සිදු කරන බව ඩිලන්ත ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවැසීය.
කාන්තාවන් සඳහා වෙනම මැදිරි ක්‍රමය ලංකාවේ වසර ගණනකට පෙර ක්‍රියාත්මකව පැවතුන බවත් පසු කාලීනව එය අඩාල වූ බවද ඒ මහතා කීය.
දියුණු රටවල මෙම ක්‍රමවේදය සාර්ථකව ක්‍රියාත්මක වන බව සඳහන් කළ ඒ මහතා කාර්යාල දුම්රියවල පවතින අධික තදබදය හේතුවෙන් ඒවායේ ගමන් කරන කාන්තාවන්ට මුහුණ දීමට සිදුවනු ඇතැයි කියන අපහසුතා සහ අතවරද නව මැදිරි ක්‍රමයෙන් වැළකෙනු ඇති බවද පැවසීය.
මේ අනුව කාර්යාල දුම්රියන් වන බංගදෙනිය, සාගරිකා, සමුද්‍රදේවී, රඹුක්කන, මහව, පව්සි යන දුම්රියන්හි තුන්වන පංතියෙන් එක මැදිරිය බැගින් වෙන් කරන බව ඒ මහතා පැවසීය.
කාන්තාවන්ට වෙන් කළ මැදිරියට පිරිමි පුද්ගලයන්ට ගොඩවීම වැළැක්වීමටත් කාන්තාවන්ට වෙන් කළ සේවා මැදිරිය ඒ ලෙසම පවත්වාගෙන යෑමට ක්‍රමවේදයක් තිබේදැයි දුම්රිය ආරක්ෂක අංශ නිලධාරීන් ඒ සඳහා යොදවන්නේද යන්න විමසීමේදීෙ එයට පිළිතුරු දුන් ඒ මහතා කියා සිටියේ සිය අයිතිවාසිකම් රැකගැනීම උදෙසා අපේ කාන්තාව නොබියව ක්‍රියා කරන බවත් කාන්තා මැදිරි වලට කොස්සක් සහ ඉදලක් ලබා දීමෙන් මැදිරිය පුරුෂයන්ගෙන් රැක ගැනීමේ වගකීම ඔවුන්ටම බාර දෙන බවත්ය.
මහව කාර්යාල දුම්රියේ තුන්වන පංතියේ මැදිරියක් කාන්තාවන්ට වෙන් කිරීමේ කාර්ය අද දෙමටගොඩ ජල ශක්ති ධාවනාගාරයේදී එහි ප්‍රධාන අධික්ෂණ කළමනාකරු සනත් තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ සිදු කෙරිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වැඩක්
එතකොට අනිත් මැදිරි වලට කාන්තාවන්ට නගින්න බැරිද? මේක සමතැන වෙනුවට විශේෂ තැනක් ලබාදීම නොවේද?
පිරිමින්ට පමණයි කියලත් එකක් දැම්මනම් හරිනේ, ඔය කියන විදියට බස් වල , කෝච්චි වල යන අපිට ගැහැණු 90% ටම අතවර වෙනවනම් එක ඉබේම පෙනෙනවානේ. මොකද අනිත් මිනිස්සුන්ගේ ඇස අන්ධ නැහැනේ. මට හිතෙන්නේ මේක නිකන් බොරුවට පුම්බල තියෙන තත්වයක්
එක කාන්තාවක්වත් කමේන්ට් ඒකක් නැහැ හොදයි කියලා එයලා අකමැති ද දන්නෙ නෑ
අපි කැමති නෑ මෙහෙම යන්න.
දියුණු රටවල ගමන් කරන මගීන්ට සෑහෙන තරම් ප්‍රමාණවත් දුම්රිය සේවා තියෙන බැවින් මෙවැනි ක්‍රම සාර්ථකව භාවිතා කරයි. එහෙත් අපේ රටේ ඇතැම් අවස්ථාවලදී මගීන්ට දුම්රිය ඇන්ජිමේ සහ ජනෙල් වල පවා එල්ලී ගමන් කිරීමට සිදුව තිබියදී මෙවැනි සංකල්ප කොතරම් ප්‍රායෝගික ද? මත්ද්‍රව්‍ය භාවිතා නොකරන බවට දිවුරුම් ගැනීම මෙන් කාන්තා හිංසනය නොකරන බවට සියළුම පිරිමි පුද්ගලයින් ගෙන් දිවුරුම් ගැනීම ප්‍රශ්නයට හොඳම විසඳුම නොවේද?
කාන්තාවන්ගෙන් පිරිමින්ට වන අපහසුතා මගහැරීමතත් පියවර ගන්න, සම අයිතිවාසිකම් වෙනුවන් සටන් කරන සමයක මෙය පමණක් වෙන් කිරීම කොපමණ සාධාරණද ?
ස්තූතියි.
මෙය අර්ථාන්විත වෙන්නනම් තව දුරටත් බෙදිය යුතුය. කාන්තාවන් සඳහා පන්සල් හා අනෙකුත් පූජ්‍යස්ථාන, කාන්තාවන් සඳහා බස් රථ, කාන්තාවන් සඳහා ගුවන් යානා, කාන්තාවන් සඳහා රෝහල් රෝග මොනව වුනත් වෙන් කල සේවා සහ ස්ථාන තිබිය යුතුය. යම් හෙයකින් බිරිඳ සහ සැමියා එකට සිටිය යුතුනම් විවාහ සහතිකය රැගෙන ආ යුතුය. පෙම්වතුන් පෙම්වතියන්ට? කරන්න දෙයක් නැත සිංහල බෞද්ධ සංස්කෘතිය ආරක්ෂා කල යුතුය.
ඉතාමත් හොද තීරණයක් හරියට ක්‍රියාත්මක වෙනවා නම්. හැම රටකම වගේ මෙට්‍රො සහ දුම්රියවල් වල කාන්තාවන් සදහා වෙනම දුම්රිය මැදිරි තිබෙනවා. ලංකාවේ විතරයි අඩුවකට තිබුනේ. ඉතාමත් හොද වැඩක්
කළ යුත්තේ සියලුම දුම්රිය මැදිරිවල පහසුකම් වැඩිදියුණු කිරීම සහ මැදිරි ගණන වැඩි කිරීමයි. කොසු ඉදල් දී ආදරයෙන් ජීවත්වන ජනතාව බේදභින්න කිරීම නොවේ. දියුණුව කියන්නෙ ගැහැණු පිරිමි වෙන්කිරීම් නොවේ.
හරියට නමි පිරිමින්ටයි වෙනම දුම්රිය මැදිරියක් ඕනේ. මොකද දැන් පිරිමින්ට ගෑනුන්ගෙන් බේරිලා දුමිරියේ යන්න බෑ. සීටි දෙක අතරටත් ඇවිල්ලා පිරිම්න්ට ඉන්න දෙන්නේ නෑ. ගෑනු 5ක්ත 6ක් විතර ෂීට් දෙක අතරට ඇවිත් හිර කරනවා. තව ටික දවසක් යන කොට පිරිම්න්ට උකුල උඩ තියන් යන්න කියලා තර්ජනය කරයි. මේ කියන්නේ විහිළුවට නොවෙයි සිරාවට ඇත්ත. පුදුම වැඩක් පිරිමින්ට වෙලා තියෙන්නේ.
ලෝක කාන්තා දිනය 2019 වෙනුවෙන් අපේ රටේ ලොකු පොඩි සෑම කාන්තාවකටම නිදහසේ හිතන්න, කල්පනාකරන්න, ජීවත්වෙන්න පුළුවන් සමාජ පරිසරයක් ලබාදෙන්න.
මේ මෝඩයින්ගේ පාරාදීසය තව දුරටත්, බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු සංස්කෘති හා ආකල්ප පවතින රටක් නොවේ. එක අතකින් බොහෝ දුරට මැදපෙරදිග රටක සංස්කෘතියට බොහෝ සෙයින් සමානකම් දැක්වුවත්, එම රටවලවත් නොමැති, පුහු ආකල්ප වලින් පිරුණු, එකිනෙකාට ගරු නොකරන, අශිෂ්ඨ ගොත්රිකයින්ගෙන් පිරුණු දිවයිනක් බවට මේ රට පත්වෙලා වෙලා. කුමන අඩුපාඩු මැද්දේ හෝ අප ජාතිය සතුව තිබුණු ශිෂ්ඨසම්පන්නකමට මොකද උනේ???
තම ස්වාමි පුරුෂයා එක්ක යනකොට වෙනම යන්න කියලද කියන්නේ
මේක අලුත් දෙයක් නෙමෙයි මහත්තයෝ. කලිනුත් ඔහොම වෙන් කරලා තිබුනා. ඒව සාර්ථක වුනේ නැත්තේ ඇයි කියලා හොයලා බලන්න තරම් මොලයක් ඔය ඇමතින්ට නැහැ.
ලෝකේ කිසිම දියුණු රටක මෙහෙම දේවල් නැහැ. ඒ රටවල මිනිස්සුන්ට කුඩා කාලයේ සිට සමාජ ආචාර ධර්ම සහ රටේ පොදු නීතියට ගරු කරන්න උගන්වලා තිබෙනවා. අපි පිටරටක සංචාරයකට ගිහින් බස් එකේ ගමනක් ගියා. පොඩි දරුවෙකු ප්‍රෑම් එකේ තියාගෙන බසයට ගොඩවූ මවකට නියමිත ආසනය සහිත ඉඩ ලැබුනා. වයසක උදවියට නම් කල ආසන තිබුනා. එව්වයේ හිටපු උදවිය වයසක අයෙකු බසයට නැගුන පමණින් නැගිට ආසනය පිරිනැමුවා. රියදුරාට යටි ගිරියෙන් බෙරිහන් දීලා ඔය අම්මට සීට් එකක් දෙන්න කියන්න වුනේ නැහැ. කාන්තාවන්ගේ ඇඟට හේත්තු වෙලා බසයේ ගිය එකම පිරිමියෙකු වත් නැහැ. තරුණ දැරියන්ගේ අඟපසඟ චායාරුපගත කරන උදවිය බසයේ සිටියේ නැහැ. පික්පොකට් ගැහුවා කියලා විලාප තියෙන මිනිස්සු හිටියෙත් නැහැ.ඒ විතරක්ද ? බසයෙන් යනකොට රියදුරාට අත වනලා ස්තුතියි කියලා බසයෙන් මිනිස්සු බැස්සේ. මෙහෙට ඔය තත්වයට ළඟාවෙන්න කල්පයක් ගියත් බැහැ. ඒ මොකද කාන්තා මැදිරියේ සීට් අස්සේ කැමරා තියනවාද කියලා තමයි නගින්න වෙන්නේ. ඊට හොඳයි තියෙන බස් එකක වෙනදා වගේම එල්ලිලා යනවා.
ඕක ක්‍රියාත්මක වෙන්නේ 8 වෙනිදා උදේ කෝච්චියේ පමණි. අත්දැකීමෙන් කියන්නේ.
ඇත්තටම හොඳ සංකල්පයක්. මේකෙන් කියවෙන්නේ නැහැනේ අනිත් මැදිරි වල කාන්තාවන්ට යන්නට බැහැ හෝ කාන්තාවන් පිරිමින් අනිවාර්යයෙන්ම වෙනම යා යුතුයි කියලා. කැමති කාන්තාවන්ට නිදහසේ යන්න වෙනම මැදිරියක් සලසා දීම ඉතාම වටිනා සහ හොඳ සංකල්පයක්
ගැහැනුන්ටයි පිරිමින්ටයි වෙන්කරපු දුම්රිය මැදිරි හදනවට වැඩිය හොද නැද්ද එකට ජීවත්වෙනහැටි කියල දුන්නනම් .
යුරෝපයේ කිසිම රටක ගැහැණුන්ට වෙනම කෝච්චි පෙට්ටි වෙන් කරලා නැ. ලන්ඩනයේ පැරිසියේ ඇතුළු නගර වල පික් පොකට් ගහන්නේ වැඩිපුරම දකින්න ලැබෙන්නේ ගැහැනු
ගැහැණුන්ට සමතැන නම් අපිත් එක්ක හරි හරියට එකට යන්න එන්නකෝ. ඔය ගැහැණු කෝච්චි පෙට්ටි සංකල්පය මීට කලින් තිබිලා ඉබේම දිය වුනා. අනිත් කාරණේ මේක කරන්න මතක් වුනේ කාන්තා දිනය දාටයි ! ඊට කලින් ඔය පෙට්ටි කතාව අපේ උගත් බලධාරීන්ට තිබුනේ නැතිද ? අවුරුදු හතරක් තිස්සේ ඔය සංකල්ප යට ගිහින් අවසාන අවුරුද්දේ හරියටම උත්සවයක් ගන්න පුළුවන් දවසක් එනකන් හිටියා. මාස ගාණක ඉඳලා ඔය පෙට්ටි හදාගෙන හිටියේ. අවංක සේවයක් කරන්න ඕනේ නම් හදන හදන පෙට්ටි ඒ ඒ වෙලාවෙම කෝච්චියට අමුණන්න තිබුනේ නැතිද ? පරම යථාර්තය නම් වසරේ සැම දිනයක්ම අම්මාවරුන්ගේ දිනයි. පියවරුන්ගේ දිනයි. කාන්තාවන්ගේ දිනයි. කාන්තාවන්ට පහසුකම් දීම ගැන අපිත් සතුටු වෙනවා. වසර හතරකට පසුව මේවා ඡන්ද ගුණ්ඩු කර ගැනීම අවංක සේවයක් ලෙස දකින්නට බුද්ධිමත් ජනතාව සුදානම් නැහැ.