රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුදීන්ගේ මරණයට ආසන්න හේතුව සිහි නැති වීම, අවයව ක්‍රියාකාරීත්වය අඩපන වීම හා ගින්නෙන් හටගත් කාබන් මොනොක්සයිඩ් වායුව ආග්‍රහණය කිරීම යැයි කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය විශේෂඥ මහාචාර්ය ආනන්ද සමරසේකර ඔහුගේ අවසන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් කියයි.
උසාවියට ඉදිරිපත් කළ එම වාර්තාව අනුව ගින්න හටගනිද්දී ඔහු පණපිටින් සිටි බවත්, එහෙත් සිහි නැතිව මුළුමනින්ම අකර්මන්‍යව අවසන් හුස්ම හෙළමින් සිටි බව එම වාර්තාවේ සඳහන් වේ.
තාජුඩීන්ගේ ලේවල එතනෝල් අධික ප්‍රමාණයක් තිබූ බවත්, සිද්ධියට දෙපැයකට පෙර ඔහු මත්පැන් බොන්නට ඇති බවත් එම වාර්තාව පවසයි.
අධික ලෙස පත්පැන් බිව් පුද්ගලයකු අර්ධ වශයෙන් අක්‍රය වුවත් වාහනයක් පදවාගෙන ගිය හැකි බව ද ඔහු කියයි.
තාජුදීන්ගේ හිසෙහි වූ තුවාල කාරය ඇතුළුත දී හෝ පිටත දී සිදු වන්නට ඇතැයි ද, මොට වූ අවියකින් පහර දීමෙන් එසේ විය හැකි යැයි ද ඔහු කියයි.
ඔහු කාරයේ සිටිය දී වෙනත් අයකු එළියට අදින්නට ඇද දමන්නට ඇතැයි ද, නොඑසේ නම් වාහනයෙන් බිමට වැටෙන්නට ඇතැයි ද, පහර දීමකින් ඔහුගේ අවයව පුපුරන්නට ඇතැයි ද, ඔහුගේ පපුවේ තුවාල රවුම් උපකරණයකින් තද කිරීමෙන් සිදුවන්නට ඇතැයි ද, එම තුවාල මාරක තුවාල නොවේයැයි ද, මරණයට හේතුව කාබන් ඩයොක්සයිඩ් වායුව ආග්‍රාණය වීම යැයි ද සමරසේකරගේ වාර්තාවේ දැක්වේ.
අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ඉදිරියේ අද නඩු විභාගය ඇරැඹිණි.
මේ අතර තාජුඩීන්ගේ ඥාතියකු සොයා නාඳුනන පුද්ගලයකු වැල්ලවත්තේ ඔහුගේ නිවසට පැමිණ ඔහු ගැන විමසා ඇතැයි රජයේ නීතීඥ ඩිලාන් රත්නායක මහතා අධිකරණය හමුවේ කියා සිටියේය.
මේ අතර තාජුදීන්ගේ මරණය සම්බන්ධයෙන් දෙවැනි අධිකරණ වෛද්‍ය පරීක්ෂණය පැවැත්වූ කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය විශේෂඥ අජිත් තෙන්නකෝන් ඇතුළු වෛද්‍ය කණ්ඩායමට ලබන ඔක්තෝබර 22 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා නොතීසි නිකුත් කළේය. දිගටම පරීක්ෂණ පවත්වන ලෙස මහේස්ත්‍රාත් රහස් පොලිසියට නියෝග කළේය.
තාජුඩීන්ගේ දුරකතනයේ විශ්ලේෂණ වාර්තාවක් ලබා දෙන ලෙස මහේස්ත්‍රාත් කොළඹ විශ්ව විද්‍යාලයයේ පරිගණක පාසලේ කලමනාකරුට නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය උපරිමයෙන් ක්‍රියාත්මකකර අපක්ෂපාතී පරීක්ෂණ පවත්වා දැඩි දඬුවම් දෙන්න ඕනෑ. (නි)
අපේ අය නමට විතරයි, ගංජා කුඩු මත් පැන් සිගරට් ඔක්කොම පාවිච්චි කරනවා. හැදෙන්න බලමු.(නදී)
ඔහු මොනතරම් වේදනාවක් විඳින්න ඇද්ද? (නි)
මමනම් හිතන්නේ නැහැ මෙම සිදුවීමට සාදාරනයක් ඉතුරුවෙයි කියලා. මොකද මේකත් පරණ රොටියම තමයි (නදී)
බටලන්දේ වධකාගරය, සෝම හාමුදුරුවෝ, අන්තරේ කොලුවෝ දෙන්නා ඒ ගැනත් හෙව්වොත් නරකද මං අහන්නේ ? (නදී)
උපරිම දඬුවම් ලබාදිය යුතුයි (නි)
රවුම් උපකරණයකින් තද කිරීමෙන් සිදුවන්නට ඇතැයි ද, එම තුවාල මාරක තුවාල නොවේයැයි ද, යකෝ මේ කියන්නේ ස්ටියිරීන් වීල් එක ද? (නදී)
ඔහුට සාධාරණට ඉටුවේවා! (නි)
එතනෝල් අධික ප්‍රමාණයක් ශරීර ගතවුණා නම් සිහිනැතිවෙනවා කියලයි මම නම් අහලා තියෙන්නේ (නි)
වැරදිකරු කවුරු වුණත්, මොන තරාතිරමක කෙනෙක් වුණත් දැන් නීතිය ක්‍රියාත්මක වියයුතුමයි (නි)
ශ්‍රී ලංකාවට නැතිවුණේ දක්ෂ ක්‍රීඩකයෙක්. අල්ලාහ් දෙවියනේ, යුක්තිය, සාධාරණය ඉටුවේවා! (නි)
වෛද්‍යවරයා කියන දේවල් සැලකිල්ලෙන් කියවන විට පෙනෙන දෙයක් වන්නේ බිමත්ව රිය පැදවීමෙන්ද මේ සිදුවීම විය හැකි බවයි (නදී)
කොහොමහරි කමක් නැහැ. අපරාධකරුවන්ට දඬුවම් දෙන්න (නි)
මේ විදිහට තව කොච්චර සැඟවුණු අපරාධ ඇද්ද? (නි)
පුදුමයි මේකට සම්බන්ද අය තවම නිදැල්ලේ සිටීම.(නදී)
අපරාදේ වටිනා ජීවිතයක්! (නි)
දහම්, ඔයා කොහොමද එහෙම කියන්නේ? (නි)
දෙවියනේ! මේ මොන අපරාධයක්ද? (නි)
නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන්න (නි)
ජගත්,නීතියක් රීතියක් තිබෙන රටක නම් ඔබ කියන දේ වෙන්න ඉඩතිබුනා. බලන්නකෝ මොකද වෙන්නේ කියලා (නි)
ඔහුගේ නැතිවීමෙන් රටට දක්ෂ ක්‍රීඩකයෙකු අහිමිවුණා (නි)
දැන් මේවා කියන්නේ ඇයි කියන එක අපිට ප්‍රශ්නයක් (නි)
මෙම රටේ කවදා සාධාරණය ඉටුවේවිද? යන විදිය ඇමති මණ්ඩලයෙන්ම පෙනෙනවා නේද? (නි)
දෙවියනේ, ඔබේ දිව නෙතින් මේ දෙස බලන්න. ඔහුට සාධාරණයක් ඉටුකරන්න (නි)
ඔහුගේ ආත්මයට දේව ආශිර්වාදය ලැබේවා! (නි)
අපි මේ ගැන අවධානයෙන් බලාගෙනයි ඉන්නේ (නි)
වාහන අනතුරකදී සිදුවන තුවාල විවිධ ආකාරයෙන් විස්තර කරන්න පුළුවන්. අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
රටක් වටිනා ක්‍රීඩකයෙක් නේද මේ අකාලයේ නැතිවුණේ? (නි)
එදා එහෙම වුණාට දැන් සාධාරණය ඉටුවේවි (නි)
පවතින නීති ප්‍රතිපාදන යටතේ, සාධාරන හා අපක්ෂපාතී පරීක්ෂණ පවත්වා උපරිම දඬුවම් ලබාදිය යුතුයි, තරාතිරම නොබලා. මොකද මෙය පෞද්ගලික හේතුවක් මත පදනම් වුවා යැයි කියන නිසා. (නි)
දැන්වත් ඇත්ත හොයාගෙන වැරදිකරුවන්ට දඬුවම් දෙන්න (නි)
හොඳයි. අපි බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)