දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ බැංගලෝර් නගරය ආසන්නයේ චිත්‍රපටයක රූගත කිරීමක් අතරතුර සිනමා නළුවන් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.
හෙලිකොප්ටරයකින් ජලාශයකට පැනීම එම දර්ශනය වූ අතර, එලෙස දියට පැන ඇති චිත්‍රපටයේ ප්‍රධාන නළුවා ගොඩට පිහිනීමට සමත් වී තිබේ. දුනියා විජේ නමැති කර්ණාටක නළුවා මෙලෙස දිවි ගලවා ගත් නමුදු අනිල් වර්මා සහ රාගව් උදායි නමැති සහායක නළුවන් දෙදෙනාට එලෙස ගොඩබිමට පිහිනීමට හැකි වී නොමැත.
ඔවුන් පිහිනීමට සමත් නොවූවන් වන අතර, ජීවිතාරක්ෂක කබා පවා රැගෙන ගොස් නොමැති බව පසුව හෙළිදරව් වී තිබේ. මෙහිදී සාපරාධී නොසැලකිල්ල සම්බන්ධයෙන් චිත්‍රපටයේ නිෂ්පාදකට නඩු පැවරීමට කටයුතු කෙරෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
ඩිලාන් ක්‍රිෂාන්ත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd