ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිරකරුවන් 13 දෙනකුට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සූදානම් බව වාර්තා වී ඇති බවත් එමගින් මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මෙතෙක් පවත්වාගෙන පැමිණි කීර්තිනාමය දැඩි ලෙස පළුදු වනු ඇති බවත් ප්රජාතන්ත්රවාදය සඳහා නීතිඥයන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මරණ දඬුවම ක්‍රියාත්මක නොකරමින් ශ්‍රී ලංකාව වසර 43ක් මුළුල්ලේ දකුණු ආසියානු කලාපයේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට ප්‍රමුඛත්වය දෙමින් ජාත්‍යන්තර බැඳීම්වලට අනුකූලව යමින් ජාත්‍යන්තරයේ විශ්වාසය දිනාගත් බව ද එම නිවේදනයේ සඳහන් වේ.
මරණ දඬුවම පැනවීමෙන් මත්ද්‍රව්‍ය උවදුර සාර්ථකව තුරන් කළ බවට කිසිදු ප්රත්යක්ෂ සාධකයක් නැති බවත් විවිධ අධ්‍යයනවලින් ද ඒ බව තහවුරු වී ඇතැයි එහි සඳහන්ව ඇත.
එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරවලදී ශ්‍රී ලංකා රජය මරණදඬුවම ක්‍රියාත්මක නොකිරීමට පක්ෂව දිගින් දිගටම ඡන්දය ප්‍රකාශ කළ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මරණදඬුවම ක්‍රියාත්මක කළහොත් එය ශ්‍රී ලංකාව මෙතෙක් පවත්වාගෙන පැමිණි ප්‍රතිපත්තිය කඩ කිරීමක් යැයි ද එම නිවේදනයේ සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ අපරාධ අධිකරණ පද්ධතිය විමසා බැලීම, අදාළ ප්‍රතිසංස්කරණ සිදුකිරීම, නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම, මත්ද්‍රව්‍යවලට ගොදුරු වන පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීම, මත්ද්‍රව්‍ය ජාවාරමේ අක්මුල් සොයා ඒවා විනාශ කිරීම යනාදිය මත්ද්‍රව්‍ය උවදුර මැඬලීමේ වඩාත් ළුලදායී ක්‍රියාමාර්ග යැයි ද ප්රජාතන්ත්රවාදය සඳහා නීතිඥයන්ගේ සංගමය නිකුත් කළ එම නිවේදනයේ දැක්වේ.
මත්ද්‍රව්‍ය උවදුර මැඬලීම සඳහා දීර්ඝකාලීන විසඳුම් අවශ්‍ය බවත් ජනප්‍රියත්වය වෙනුවෙන් ජනප්‍රිය තීන්දු තීරණ නොගෙන සිටින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු භාවිතය හා මිනීමැරුම් නිසා වෙන අපකීර්තියට මොකද කියන්නේ. ඇමරිකාවේ විදුලි පුටුව ක්රීයාත්මක නම් මෙහෙ එල්ලුම් ගහ ක්රීයාත්ම උනාට කිසිම අපකීර්තියක් නොමැත.
නැතිවෙන්න කීර්තිනාමයක් තියෙන්න එපාය
සහතික ඇත්ත. බල්ලෝ අපිව හැපුවට අපි බල්ලව හපන්නේ නැහැ වගේ අපේ ශිෂ්ටකම රැකගෙන ඉමු. ආර්ථිකය දියුණු කරාම ඔය ප්‍රශ්න විසඳෙනවා.
කට්ටියටම වැඩේ පාඩු ඇති
දැන් ඉතින් ඕක නුදුන්නොත් අපේ ජනාධිපතිතුමාගේ කීර්තිනාමයට පළුද්දක්
ඔක්කොටම ඉස්සරලා කරන්න තියෙන්නෙ නීතියේ ආධිපත්‍ය ඇතිකරන එකයි. මේ රටේ නීතිය රකින්න ඉන්න අය නීතියට වංගු දානවා, අපරාධකරුවන් ආරක්ෂා කරන්නෙ ලොකු තැන්වලින්මයි. එක එක්කෙනාට නීතිය ක්‍රියාත්මක වෙන්නෙ එක එක විදියටයි. මෙහෙම රටක මරණ දඩුවමත් එක එක විදියට සිද්ධ නොවෙයිද?
ඔය නීතිඥ සංගමයේ අයගේ වත්කම් පරීක්ෂා කලානම් ඔවුන් මරණ දඬුවමට විරුද්ධ වෙන්න සැබෑ හේතුව හොයා ගන්න පුලුවන්. කුඩුකාරයෝ බේරලා ලක්ෂ ගණන් හම්බ කරන අයට වැලේ වැල් නැති වෙනවා මරණ දඬුවම ක්‍රියාත්මක කලොත්.
හැමදාටම කුඩු නඩුවල එල්ලිලා සල්ලි හම්බකරන්න බලාගෙන ඉන්න රටට පලදායීතාවක් නොමැති ත්රීවිලර් කාරයින් වගේ කොටසක් මෙයාල.
කිර්ති නාමය තිබුනට වැඩක් නැහැනේ මරණ දඩුවම නියම වෙලා හිරේ ඉන්න කුඩු ජාවාරම්කාරයෝ දුරකථන මාර්ගයෙන් අවුරුද්දකට කුඩු ටොන් ගණනින් බිස්නස් කරනවා. පාතාලයෝ කුලියට මිනි මරනවා. මොවුන් නිසා අව්රුද්දක්කට නැතිවෙන ජිවිත ගණන දහස් ගණනක්. රටේ ආර්ථිකයට වෙන පාඩුව බිලියන ගණනක්.
නීතිවේදීන් හදන්නේ ජනාධිපතිතුමාව චංචල කරන්න. වතුර බේසමෙ කිඹුල්ලු පෙන්වන්න. අනික මේ කරන හොරකම් මැරකම් දිහා බලපුවහම මොන කීර්ති නාමයක්ද.
මානව හිමිකම් කීර්තීනාමය කන්නද රටක් ජාතියක් මේ කුඩු හින්දා විනාශ වෙනකොට. ඔය මානව හිමිකම් ගැන කථා කරන්න ගිහින් මැද පෙරදිග රටවල. ඇමරිකාව, සිංගප්පූරුව වගෙ රටවල් වලටත් සිංගප්පූරුව දියුණු වීමෙ රහස ජාතියක් වශයෙන් එක පෙලට ඉදන් දැඩි නීති පනවපු නිසා. කොහෙද ඒකට අපෙ රටෙ මානව හිමිකම්, ප්රජාතන්ත්රවාදය ගැන කථා කරනවා රට විනාශම වෙනවා කවුද ඒකට වග කියන්නෙ ඔගොල්ලොදදේශපාලකයන්ද නැත්නම් අපිද? මෙ රට හදන්න නම් විනය දැඩි නීති අවශ්‍යයි. හැබැයි සෑම පුද්ගලයෙක්ටම එක හා සමානව නීතිය ක්‍රියාත්මක විය යුතුමයි. දැන් මේවට කෑ ගහන්නෙ බොරුවට ඩොලර් ලැබෙන නිසා තමන්ගෙ මඩිය තරවෙන නිසාම නේද..?
දැන් ඔය ඇමෙරිකාවේ මැද පෙරදිග ආදී රටවල්වල මරණ දඬුවම යහමින් ක්‍රියාත්මක වෙද්දී කිර්ති නාමේ ඇතිවෙන්න තියෙන්නේ.
ඔව් එතකොට මේ නීතිඥයන්ට නඩු නැතිවෙනවනේ
සහතික ඇත්ත, කීර්තිනාමයක් තියෙන්න එපාය නැතිවෙන්න
කිර්තීනාමය ෆුඩ් සිටියෙන් තමා ගන්න වෙන්නේ කුඩු වැහි වැහැලා
සියල්ලන්ම නොව බොහෝ පෙරකදෝරුවෝ කුඩුකාරයන් බේරගන්න ලක්ෂ ගණන් සල්ලි ගන්නවා. මේ කුඩු ජාවාරම තුරන් කෙරුනොත් මේ ගොල්ලන්ටත් පාඩු ඇති. ඒකනේ ...?
ස්ත්‍රී දුෂකයන්ට ළමා අපචාරකයන්ට කුඩු කාරයන්ට මොන කීර්ති නාමයක්ද ?
මේ රටේ වන බරපතල අපරාද ගැන කතා නොකරන මෙයාල මේ එන්නේ මොකටද? කුඩු සල්ලි වලට නේද මේ කතා කරන්නේ .......මේ වගේ හරකුන්ගේ කතා වලට වඩා මේ රටේ බහුතර ජනතාවගේ හට වැදගත් දේවල්තියෙනවා. අපරාද කාරයන්ට මරණ දඩුවම දීමට ජනාධිපති තුමාට ශක්තිය ලැබේවා අපරාද කාරයෝ බේරන්න සල්ලි පස්සේ යන මේ කණ්ඩායම රටට වැඩක් නැහැ...
කිර්ති නාමයක් රැක ගන්න හැදුවේ පාර්ලිමේන්තුවේ මරාගන්න ගිහින් නේද තව මොන කිර්තියක්ද උවමණා කුඩු තිබෙනවානම් දේශපාලුවන්ට කොච්චර ජයද .
ඔන්න පුතෝ කරනවනම් වැඩේ ...!!! හැබැයි ඉතිං මේකත් නාටකයේ කොටසක්මද දන්නෙ නැහැ.
රටක් ලෙඩරෝගවලින් වලින් මිදී සෞඛ්‍ය සම්පන්න වෙනවිට දොස්තරලාට පාඩුයි. රටක් හොරමැරකම්, කුඩු කාරයින්ගෙන් මිදී, මිනීමැරුම් වලින් මිදී සාමකාමී උනොත් ලොයර්ලාට පාඩුයි ඒ කීර්තියට ඔවුන් කැමති නැත.
කුඩු ව්‍යාපාරේ ඇනහිටියොත් නීතිඥයින්ට විශාල වශයෙන් පාඩු සිදුවෙනවා. ඒ ගැන හිතල කියන කතාවක් මේ. මත්ද්‍රව්‍ය, පාතාල වැඩ සහ ළමා අපචාර වගේ දේවල් වලීන් රටේ කීර්ති නාමය වැඩි වෙනවා ඇති. මේවා හොඳයි කොන්ඩේ බැඳපු චීන්නුන්ට.
ජනතාවට දැනගන්නත් ඕන නේ මේ රටට ආදරේ මහත්ම මහත්මීන්. නම් පෙළ පලකරන්නකො තොරතුරු දැනගැනීමෙ අපේ අයිතියත් රැකදීලා.
ඇත්තෙන්ම ඔබ සඳහන් කල කරුණ තමයි මෙහි ප්‍රධානම හේතුව. නැතුව මේ තම උපන් මව්බිමට ආදරේටවත් මව්බිමේ කිර්තිනාමය ගැන හිතල නොව. මොන ජාතියෙන් හරි මුදල් ලැබෙනවානම් රටේ නොවේ දිව්‍යලෝකෙට හෙන වැදුණත් ගැටළුවක් නැත.....
මෙසේ හඩ නගන්නේ පෙරේත කබාකාරයන්ය. මෙසේ හඩ නගන ගොඩ කබාකරයන්ගේ පසුබිම සොයා බැලීමෙන් ලංකාවාසී සැමට මොවුන් පිළිබඳව හොද අවබෝධයක් ලබාගත හැක. මේ කෙකර ගානේ සහමුලින්ම තම තමන්ගේ පැවැත්ම ගෙනනයාමටය. එමෙන්ම ඉතා හොද අවංක පෙරේකදොරුවන් ද නැතුවාම නොව අප ඔවුනට අපගේ හදපිරි ප්‍රනාමයද පුදකිරීමට කැමැත්තෙමු.
මොකක්ද ලංකාවේ තියන කිර්තිනාමය................. හිතාගෙන ඉන්නේ එහෙම තමයි....
කීර්ති නාමය අපිට එපා අපිට ඕනා කුඩු නැති රටක්..... අපරාධ අඩු රටක්....
අනිවාර්යෙන්ම මේ සංගමය පිටිපස්සේ ඔය ජරමකරුවන්ගේ බළල් අතක් ඇති.
කලු කෝට් කාක්කන්ට රිදිල. මුන්ගේ තර්කවලින් ස්ත්‍රී දූෂකයන් එලියට දාල නිවරදිකරුවො ඇතුලට දාලා තියෙන්නේ කියල උන් දන්න නිසා දැන් හෘදය සික්ෂියට බය වෙලා වෙන්න ඇති. කිර්ති නාමේ කිය කිය මේ එක එකාට බයේ ජනාධිපති නටන්න ඕන නෑ රටේ යහපත වෙනුවෙන් කෙලින් තීරණ ගන්න ඇයි බය වෙන්නේ.
ඔයාලට පාඩුද?
ඔය ලිස්ට් එකේ ඉන්න තෝරු මෝරු කී දෙනෙක්ට මේ ප්රජාතන්ත්රවාදය සඳහා නීතිඥයන්ගේ සංගමය ඉන්න කට්ටිය නීති සහය දෙනවද දන්නෑ.
හිරේ ඉඳන් කරන කුඩු ජාවාරම් ,කප්පම් ගන්න එක, මර්ධනය අපහසුවෙලා තිබෙන්නේ, ජේලර්ලා පගාව අරන් මේවට උදවු කරන නිසා , මෙවැනි දරුණු ජාවාරම්කරයන්ට ජනාවාසවලින් පිටින් විශේෂ හිර ගෙවල් හදල ඒවාට ජංගම දුරකථන භාවිත කරන්න බැරි වෙන විදිහට තාක්ෂණික උපකරණ සවිකොට , මේවගේ ජේලර් රස්සාවට සුද්දෝ හරි චීනෙන් හරි (පගානොගන්න මිනිස්සු ඉන්න රටකින්) ගෙනත් දමා, අවට ආරක්ෂාව විශේෂ කාර්ය බලකායට පවරන්න ඕනේ.
දිර්ඝ නඩු විභාගයකින් පසු උසාවියෙදි මරණ දණ්ඩනය නියම කරානම් එය නිතිමය තින්දුවක් එහෙම තින්දුවක් මානව හිමිකම් උල්ලංඝනය විමක් වෙන්නෙ කෙසෙද එසේනම් උසාවියෙන් මරණ දඩුවම් ඉවත්කල යුතුයි උසාවියෙ තින්දුව ක්‍රියාත්මක නොවිම වරදක් නොවෙද මම නිතිය ගැන තර්ක දන්නැ නමුත් මෙතන කාගේ තිරනයද පිලිගත යුතු
කෝ යුරෝපා රටවල නෑ නේ මරණ දඩුවම් ........ පාතාල කථාවත් අඩුයි. නමුත් ලංකාවට වඩා ඕන තරම් සිවිල් ජනයාට ආයුධ වලින් සෙල්ලම් දාන්න පුලුවන් , දැම්මොත් ඒ කරන එකාටම දණ්ඩනය ලැබෙනවා. ලංකාවේ වගේ ඇසින් දුටු සාක්ෂි වගේ කතා නෑ. වැරදි කලොත් බේරිලි නෑ. ඔන්න වෙන්න ඕන දේ. ඒ කියන්නේ තියෙන්නෙ නීතියේ අඩුපාඩුව මය.
අනේ මෙහ්! කීර්තිනාමය, ඔය කියන මහත්වරුන්ගේ ළමුන් කුඩු , ගංජා බොනවානම් ඒ දුක දැනේවි, එනිසා ඔය වෙන්න යන වැඩේට අකුල් හෙලන්නේ නැතුව ඉන්නවනම් එක අපේ රටටම කරන යහපතක්,
විකි මහත්මයාගේ කතාව ඇත්ත , නමුත් යුරෝපයේ රටවල සහ ලංකාවේ තිබෙන වෙනස මෙන්න , යුරෝපා රටවල පොලිස් නිලධාරීන් ඇතුළු රජයේ නිලධාරීන් ලංකාවේ වගේ පගාව ගහන්නේ නැහැ , මාස කිහිපයක් ඇතුලත නඩු අහල තීන්දුව දෙනවා ,අපරාධ නඩු අහල ඉවර කරන තෙක් , සැකකරුට ඇප දීල ගෙදර යවන්නේ නැහැ , ඔහුව රිමාන්ඩ් කරලා තබනවා .
ඔය කිබුල් කඳුළු හලන අය ගැනත් හොයාගන්න