ළමා අපචාර සිදු කරන්නන් හට එල්ලුම් ගස නියම කළ යුතු බවත් මරණිය දණ්ඩනය ගෙනෙන පනත පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීම සඳහා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරිම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ඇරඹීමට කටයුතු කරන බවත් ඖෂධ හා අන්තරාදායක පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා පැවසුවේය.
ළමා අපචාර ගණන ඉහළ යෑමට හේතුව වී ඇත්තේ මත්ද්‍රව්‍ය භාවිතය නමුත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ද ක්‍රියාත්මක කරන දඩුවම් ළිහිල් නොකරන ලෙස සමරසිංහ මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට කියන්නේ පය බරවායට පිටිකර බෙහෙත් බදිනවා කියල. බුදු රජාණන් වහන්සේ අංගුලිමාල දමනය කළේ ධර්මයෙන්. අපේ සමාජයේ තියෙන අඩුපාඩු විසදුවොත් මරණ දඩුවම ඕනෙම නැති වෙයි. (බ)
ප්‍රභාත් , රහසත් ඕකමනේ , මරණ දඬුවමට කට්ටිය විරුද්ද වෙන්නේ අපිට ආදරේට නෙවෙයිනේ , ගෙනාවොත් ඉස්සෙල්ලම බෙල්ල දෙන්න වෙන්නේ මේ කට්ටියට කියල එයාල දන්නා නිසානේ (අ)
සනත් ඇත්ත කිව්වේ ඔය ඔය සේරම අයව අපි නැවත පත්කරා (අ)
මිනිස්සුන්ගේ හැටියට ආණ්ඩුව. (බ)
මරණ දඬුවම් දීලත් වැරදී කරු නැතිකරන්න පුලුවන්ද . පාර්ලිමේන්තුවේ සම්මත කරන්න පුලුවන්ද ? (අ)
ඇයි අලුතින් පනතක්? දැනට තියෙන නීතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍යය අත්සන ගන්න වැඩපිළිවෙලක් සකසන්න. (බ)
මේක විහිළුවක්. පාර්ලිමේන්තුවේ ඉන්න සමහරුත් මේවගේ වැරදි කරන අයනේ. කුඩු කාරයෝ, ස්ත්‍රී දුෂකයෝ, එතනෝල් කාරයෝ කවදාවත් මේවට ඡන්දෙ දෙයිද? (අ)
නොදැනුවත් පිරිසක්ද රටේ උත්තරීතර තැන ඉන්නේ (අ)
ප්‍රභාත්, පසු ගියදා තිබුණ ඡන්දයේ ප්‍රතිඵල දිහා බලන්න. ඔය චෝදනා තියෙන කි දෙනෙක්ව අපිම ඡන්දෙන් නැවත පත් කරගෙන තියෙනවද කියල. (අ)