අධ්‍යාපන චක්‍රලේඛවලට පටහැනිව ළමයින් ඇතුළත් කිරීමේදී ලක්ෂ ගණනින් මුදල් ගෙන, විද්‍යාලයීය කණිෂ්ඨ ආදිශිෂ්‍ය සංගමයේ ගිණුමට බැර කරවා ගත් බව කියන මොරටුව පාසලක විදුහල්පතිවරයකුගේ වැඩ තහනම් කරන ලෙස අමාත්‍යංශ විමර්ශන කණ්ඩායමක් නිර්දේශ කර ඇතැයි අමාත්‍යංශ ආරංචි කියයි.
එම නිර්දේශය සඳහා අනුමැතිය ලබා ගැනීමට රාජ්‍ය සේවා කොමිසමට යවා ඇත. ඒ අනුව හෙට (05) හෝ අනිද්දා(06) ඔහුගේ වැඩ තහනම් කරතියි දැනගන්නට ඇත.
අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් එම් එච් එන් චිද්‍රානන්ද මහතා පැවසුවේ මෙම විදුහල්පතිගේ වැඩ තහනම් කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා රාජ්‍ය සේවා කොමිසමට ලිඛිතව දැන්වා ඇති බවයි. රාජ්‍ය සේවා කොමිසමේ නිර්දේශ ලද වහාම එය ක්‍රියාත්මක කරන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්තුතියි. කරුණාකර සත්‍ය සොයල හරි දෙය වාර්තා කරන්න දැන් සමහර ප්‍රවෘති ගියාලු ළමයි උද්ගෝෂණ කරා කියලා. අමු බොරු, පාසලේ වැඩ නිසි පරිදි වෙනවා. දෙමවූපියෝ සහ ආදී සිසුන් උද්ගෝෂණ කරනවා. (ස)
විදුහල්පතිතුමා පාසලට ඉහමත් සේවයක් කලා.අද මාධ්‍යයම සාක්ෂි දරයි ඒකට. මිත්‍යාව වලපල්ලට යයි. (නි)
වැරදි කරන සියලු දෙනාටම දෙවියන් වහන්සේ දඩුවම් කරන්නේ කවදාද කියලා ආසාවෙන් බලා ඉන්න අපට හොද පුවතක්. හැබැයි එන මාසේ මෙයාට අධ්‍යක්ෂ උසස් වීමක් ලැබුනොත් දෙවියන් වහන්සේ පරාදයි (ත)
ඉතින් අනේ ආදිශිෂ්‍ය සංගමයේ ගිණුමට දාන්නේ නැතුව තමන්ගේ ගිණුමකට දාගත්තා නම් ඉවරයිනේ... අයියෝ සල්ලි! (නි)
මෙයා විතරමද මෙහෙම කරන්නේ? වෙන අය නැද්ද? (ත)
නාකි ආදී ශිෂ්‍යයෝ කිසිම හිරිකිතයක් නැතුව කොටකලිසම් ගහගෙන ඉස්කෝලේ යනකොට මම හිතුව අපුරු පරිපාලනේ ගැන.(නදී)
මොරටුව පාසැලක කියන්නේ ඇයි ඒ පාසලට නමක් නැද්ද ?(නදී)
අර ''බැක් ටු ස්කුල්'' කියලා නාඩගමක් නටන මොරටුවේ පාසැලේ විදුහල්පතිතුමාද ?(නදී)
මොරටුවේ ලක්ෂ ගණනින් පගා ගන්න එකම පාසැලයි තියේන්නේ.(ත)
අර අර එංගලන්තයේ ඔටුන්න හිමි කුමාරයාගේ නම් තියෙන හොර ගුහාවද ? (ත)
මේ විදුහල්පති මුදල් අරගෙන ඇත්තේ පාසලේ දියුණුවට වෙන්න ඕනෑ. කොහොම වෙතත් කඩාවැටිලා තිබුන මේ පාසැල තැනකට ගෙනෙන්න සෑහෙන්න මහන්සි ගත්තා කියලා අපි දන්නවා. ඔබට සාදාරනය ඉෂ්ට වේවා ! (නි)
සම්පත් සර් පාසැලට කරලා තියෙන සේවය මේ අවුරුදු 2 තුල අති මහත්. වල පල්ලට ගිය ඉස්කෝලෙ නැවත ගොඩගන්න දරපු මහන්සිය දන්නේ අතලොස්සයි. ගේමස් සර්ගෙන් පසුව වේල්ස් කුමරුවන්ට ලැබුණු පාසැල ගොඩගන්න ආපු උසස්ම ගනෙය් විදුහල්පති වරයෙකි. ඔහු වෙනුවෙන් සාදාරනයක් ඉශ්ඨ විය යුතුයි.(නදී)
රාජ්‍ය සේවා කොමිසමේ නිර්දේශය එන්න පරක්කුවෙයි මයෙ හිතේ! (ත)
ගාල්ලේ බාලිකාවක විදුහල්පතිනිටත් පත්තුවෙලා තියෙන්නේ..අධ්‍යාපන චක්‍රලේඛවලට පටහැනිව ළමයින් ඇතුළත් කිරීමේදී ලක්ෂ ගණනින් මුදල් ගෙන, මන්ත්‍රී ලේකමිගෙනුත් සල්ලි ගත්තා. ගහපු ගැහිලි අහුවුනොතින් රටෙත් ඉන්න බෑ.(නදී)
මේ විදුහල් පති එක්ක මොකක් හරි තරහක් ඇති. අනිත් පාසල් වලත් බැංකු ගිනුම් පරික්ෂා කලානම් ඒ ගිනුම් වලත් ලක්ෂ ගනන් මුදල් ලැබිලා බව තේරේවි. බයිලා තමයි.(නදී)
මගේ පුතා 2002 ඉදන් හිටිය නිසා මම දන්නවා. පසුගිය වසර 11ට හිටියේ පාසැල හදන්න වැඩක් කරපු දරුවන් වෙනුවෙන් මහන්සි වූ ගුරු මහත්මයෙක්. පසුගිය වසර දෙකේ සහ එයාට කලින් වසර වල පාසැල ගැන දෙමව්පිය සහ ගුරුවරුන් කියන දේ අසන්න. මේ සතියෙම මම දන්නා ගැටළුවක් ඉදිරිපත් කලාම විනාඩි කිහිපයකින් නිසි පිළිතුරු ලබා දුන්නා. ක්‍රමානුකුලව වීනයනුකුලව පාසැල දියුණුකළ මහත්තයෙක්.විදුහල්පතිතුමාට ඉදිරියටත් පාසලේ වැඩකරන්න හැමෝම උදව් කරන්න. (නි)
අපේ ගමේ තියෙන ලොවපුරා නම පරසිඳු විදුහල කන්න සුදානම් වෙන්න එපා. කරුණාකර දරුවන් වෙනුවෙන් එතුමාට වැඩකරගෙන පාසැල සහ දරුවන්ගේ අනාගතය දියුණු කරන්න ඉඩ දෙන්න. එතුමා කළ වැඩ සියල්ල දරුවන්ගේ සහ පාසලේ දියුණුව වෙනුවෙන් කළේ. (නි)
තමන්ගේ ගිණුමට බැර කරගෙන අනිත් නිලධාරීන්ටත් බෝතලයක් දෙකක් දුන්න නම් රස්සාව බේරාගෙන ගෙවල් දොරවලුත් හදාගෙන ඉන්න තිබුන අපුරුවට.(නදී)
පාසලට ඇතුල් වීමේ ගාස්තු ආදී ශිෂ්‍ය සංගමයේ ගිණුමට දැම්මේ හේතුවක් ඇතුව වෙන්න ඇති. ඒක සාධාරණ හේතුවක්.ඔය කට මැත දොඩවන නැන්දලා මාමලා හොදට හොයලා බලලා කතා කරන්නේ හොදේ.පාසලේ ළමයෙක් විදිහට කියන්නේ අපේ විදුහල්පතිතුමා අපිට හොදයි. (දී)
මෙයා විතරමද මෙහෙම කරන්නේ, වෙන අය නැද්ද? වෙන අයත් ඉන්නවා නමුත් නම් ගම් සහ කරපු දේ දන්නේ නැහැනේ එම නිසා ඔබ දන්නවනම් පැමිණිලි කරන්න ඒගොල්ලෝ ක්‍රියාත්මක උනේ නැතිනම් මට කියන්න. (නදී)
පාසැල දියුණු කල එක හොදයි. ඒ එයාගේ රාජකාරිය. එහෙම කලට එයාට පඩියක් ගෙවනවා. දියුණු කලා කියලා පගා අරන් ළමයි පාසලට ගන්න බැහැ. ඒක වැරදියි. තව ආදි ශිෂ්‍ය සංගම් කියන ඒවා එක්ක එකතු වෙලා මුදල් ගන්න එක වහාම නවතා දැමිය යුතුයි. ගොඩක් පාසල් වල ඔය දේ වෙනවා. (නි)