මොරටුව කල්දෙමුල්ල හංදියේ පදික වේදිකාවේ ගමන් ගන්නා මගීන්ට අවහිර හා අනතුරක් විය හැකි පරිදි දුරකථන රැහැන් ඇද තිබෙන අයුරු දැකිය හැකිය.
ශරීරයේ වදින ආකාරයට මෙලෙස රැහැන් එල්ලා වැටීම එම ස්ථානයෙන් ගමන් ගැනීමේදී මහත් අවහිරයක් බව මගීහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු අම්මෝ ..!! දකිනකොටත් බයයි (නි)
ආසියාවේ ආශ්චර්යය වෙන්න ඇති (නි)
දුරකතන සමාගම තියන්නේ පෙනෙනතෙක් මානයේ නේද? (නි)
මේ ප්‍රදේශයේ දේශපාලන පක්ෂ නියෝජනය කරන අයට ඇයි බැරි මේ දේවල් වලට විසඳුමක් දෙන්න? (නි)
බලන්නකෝ ඒකෙත් හැටි. හරියට බෙල්ලට තොණ්ඩුව වැටෙන්න තියලා වගේ (නි)
මෙච්චර දවසක් ඕවා දැක දැක ඇස් කන් වහගෙන කොහොම හිටියද මන්දා ඒ පැතිවල මිනිස්සුත්.අඩුම තරමේ මේවා ගැන ප්‍රදේශයේ බලධාරින්ව දැනුවත් කලානම් මොකක්හරි විසදුමක් ලැබෙවිනේ. ඔක්කොටොම බලදාරින්ටම දොස් පවරන එකෙත් තේරුමක් නැහැ හැමදාමත් .රටේ පුර වැසියන් හැටියට අපිත් මේවා ගැන හොයාබලා අවශ්‍ය තැන්වලට දැනුම් දීමක් කළ යුතුයි.(හේ)
මේවා ගැන වගකියන්න කවුරුත් නැද්ද? (නි)
මේ අයට මොලයක් නෑ(හේ)
ඔය පලාතට පඩි ගන්න ටෙලිකොම් ලොක්කෙක් නැද්ද? ඉන්නවනම් ඇස් කන් නැති අමුතු කෙනෙක්ද එයා?.(හේ)
දැන් එයාලා ඔක්කොම ඔන්ලයින්නේ. ඒ නිසා එයාලා මේවා දකින්නේ නැහැ (නි)
ආසියාවේ ආශ්චර්යය වෙන්න තව ටික දුරනේ තියෙන්නේ.(හේ)
මේවා ගැන වගකියන්න කවුරුත් ඕන නෑ අපිම වගකියාගමු මල්ලි (දිල්)