IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මොරටුව - පේරාදෙණිය විශ්ව විද්‍යාල සරසවි කී‍්‍රඩා උළෙලේ හොකී ශුරතා දිනති

කොළඹ පොලිස් ආරක්ෂක සේනා මූලස්ථාන කී‍්‍රඩාංගනයේදී පැවති අන්තර් විශ්ව විද්‍යාල කී‍්‍රඩා උළෙලේ හොකී (පිරිමි) ශුරතාව මොරටුව විශ්ව විද්‍යාලය විසින් දිනාගන්නා ලදි. කාන්තා ශූරතාව පේරාදෙනිය විශ්ව විද්‍යාලය විසින් දිනාගන්නා ලදි.

පිරිමි අවසන් මහ තරගයේදී යාපනය විශ්ව විද්‍යාලය ගෝල 2-0 ක් ලෙස පරාජය කිරීමට මොරටුව විශ්ව විද්‍යාලයීය කී‍්‍රඩකයෝ සමත්වූහ.

අවසන් පූර්ව වටයේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ගෝල 1-0 ක් ලෙස පරාජය කරමින් මොරටුව විශ්ව විද්‍යාලය අවසන් තරගයට සුදුසුකම් ලබාගත් අතර යාපනය විශ්ව විද්‍යාලය අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේ දඬුවම් පහර 5-2 ක් ලෙස කැළණිය විශ්ව විද්‍යාලය පරාජය කරමිනි.

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සහ කැළණිය විශ්ව විද්‍යාලය අතර තෙවැනි ස්ථානය වෙනුවෙන් පැවති තරගයේදී ගෝල 3-0 ක ජයක් ලබාගැනීමට ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සමත්විය.

කාන්තා අවසන් මහ තරගයේදී පේරාදෙණිය විශ්ව විද්‍යාලය හමුවේ ගෝල 1-0 ක් ලෙස පරාජයට පත්වූයේ කොළඹ විශ්ව විද්‍යාලයයි.

කාන්තා අවසන් පූර්ව වටයේදී මොරටුව විශ්ව විද්‍යාලය ගෝල 3-2 ක් ලෙස පරාජය කරමින් කොළඹ විශ්ව විද්‍යාලය අවසන් තරගයට සුදුසුකම් ලබාගත් අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලය අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේ දඬුවම් පහර 4-2 ක් ලෙස ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය පරාජය කරමිනි.

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ගෝල 2-0 ක් ලෙස පරාජයට පත්කළ මොරටුව විශ්ව විද්‍යාලයීය කී‍්‍රඩිකාවෝ තෙවැනි ස්ථානය සඳහා වූ තරගය ජයගැනීමට සමත්වූහ.

පිරිමි ශූරතාව දිනූ මොරටුව විශ්ව විද්‍යාල හොකී කණ්ඩායම
ඒ. ජී. සිල්වා, ඒ. එම්. රුක්ෂාන්, ඒ. ඒම්. අමරසිංහ, ඒ. විනොත්, සී. එස්. ගුණසේකර, ඊ. කේ. එදිරිසූරිය, ජී. පී. ගමගේ, ජී. එල්. හරේන්ද්‍ර, එච්. එෆ්. ෆොන්සේකා, එච්. ජී. ජයසේකර, එච්. එච්. නානායක්කාර, අයි. ජී. ප‍්‍රසාද්, කේ. ජී. හේෂාන්, එම්. බී. ගුණරත්න, එන්. සී. වීරසිංහ, පී. ඒ. අබේරත්න, එස්. ජී. කරුණාරත්න, එස්. එන්. බස්නාගොඩ, ඩබ්. කේ. රාජපක්ෂ සහ ඩබ්. එම්. වීරසේකර

කාන්තා ශූරතාව දිනූ පේරාදෙනිය විශ්ව විද්‍යාල හොකී කණ්ඩායම
ඒ. ඒ. අතාවුද, බී. ජී. බෙලිගල, බී. එම්. පේ‍්‍රමචන්ද්‍ර, ඞී. ඞී. පෙරේරා, ජී. ජී. ජයවීර, අයි. එම්. ඉලංගසිංහ, කේ. ඒ. නදීෂානි, කේ. ඒ. ආරච්චි, කේ. ඞී. කෞමිණි, කේ. ඞී. නිෂාමලි, කේ. එම්. අබේරත්න, එන්. සී. පින්නවගේ, පී. ඞී. මදුෂානි, ආර්. බී. වරුනි, එස්. ඩබ්. පැල්පොල සහ වී. එන්. කනකහේවා

(*)



අදහස් (0)

මොරටුව - පේරාදෙණිය විශ්ව විද්‍යාල සරසවි කී‍්‍රඩා උළෙලේ හොකී ශුරතා දිනති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 138 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site