පොලිිසිය අනවශ්‍ය ලෙස දඩකොළ දි හිරිහැර කරතියි කියමින් මොරටුව කොළඹ 100 හා 101 පුද්ගලික බස් සේවකයෝ අද වර්ජනයක් ඇරඹූහ. පොලිසිය එම චෝදනාව මුළුමනින්ම බැහැර කරයි. දුරගමන් සේවා බස් නවත්වන ස්ථානයේ එම බස්වලට අවහිරවන සේ නවතා තිබූ බස් කිහිපයකට එරෙහිව රාජකාරී කිරීම මේ සිද්ධියට හේතු විය හැකි බව ද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිගටම වර්ජනය කරන්න දෙන්න (නි)
ඇත්තටම මාත් මේ ගැන මොරටුව පොලීසියට කිහිපවරක් කතාකරලා දන්වලා තියෙනවා. මොරටුව ජාතික ඉතිරි කිරීමේ බැංකුව අසල දුරගමන් සේවා නැවතුමේ වගේම රාවතාවත්ත හංදියේ බස් නැවතුමේත් නිතරම මොරටුව පිටකොටුව බස් 4 ක් හෝ 5 ක් පමණ නවත්වලා තියෙනවා. මේවායේ රියදුරෝ කොන්දොස්තරවරු දුම්පානය කරනවා බස් නැවතුමේම ඉදගෙන. බස් නවතාගෙන සිදුකරන කරදරයට අමතරව එයාලාගේ වෙනත් චර්යාවන් නිසාත් මගීන් පුදුම විදිහකට ඔය තැන් දෙකේදි පීඩාවට පත්වෙනවා. මේ සම්බන්ධයෙන් ස්ථිර ක්‍රියාමාර්ගයක් ගන්න අවශ්‍යයි මගී ජනතාව පීඩාවට පත්නොවන. (නදී)
කටුබැද්ද හෝල්ට් එකෙත් ඔය තත්වය මයි. පොලිසිය හරි දඩුවම් කරන්න මහජනතාව පොලිසිය සමගයි (නදී)
ගමගේ ඔබ හරි. මේ සමහර පුද්ගලික බස් කාරයෝ තමන් ගැන විතරයි හිතන්නේ (නදී)
අනේ අපි නොදන්න 101, 100?? (නි)
මේ 100 සහ 101 බස් නම් හරිම 'වාතයක්'. මුළු ගාලු පාරම අවහිර වෙලා තියෙන්නේ මේ බස් නිසා. පුදුම ගෑටිල්ලක් ගාටන්නේ. උපරිම දඩ ලියන්න ඕනෑ. (නි)
බස් වල පාරේ හැසිරීම අන්තිම්යි නිතිය තදින් ක්‍රියාත්මක කරන්න. මහජනතාව පොලීසිය සමගයි (නදී)
මේ වර්ජනය මහජනතාවට ලොකු සහනයක්. දිගටම වර්ජනය කරන්න කියන්න. මේ 100,101 බස් වලින් පුදුම වදයක් තියෙන්නේ ගාලු පාරේ යන මිනිසුන්ට. (නි)
බස් කතාබස්- නොකරනු මඟීන් කම්බස්... (නි)
දිගටම වර්ජනය කරපුවාවේ.... (නි)
මොරටුව පිටකොටුව බස් එකක නගිනවා කියන්නේ දවසේ වැඩ සියල්ල ඉවරයි. ඉතිරි කිරීමේ බැංකුව ළඟ බස් එකක් අඩුම විනාඩි 10-15 නවත්වාගෙන ඉන්නවා. එයාලා පාතාලේ මිනිස්සු වගේ. ඉතුරු සල්ලි ඉල්ලන්න බැහැ. රුපියල් දෙක නම් දෙන්නෙම නැහැ. කිසිම කෙනෙක් මේවට කතා කරන්නේ නැහැ (නි)
මේ කතාව ඇත්ත. මම කවදාවත් 100, 101 යන්නේ නැහැ. ගාටනවා ඒ බස් කාරයෝ (නදී)
පොලිස්පති තුමනි ගාලුපාරේ වාහන තදබදයෙන් 50% ඇතිකරන්නේ මේ මොරටුව පිටකොටුව ගාට ගාට යන බස් නිසාවෙනි. සමීක්ෂණයක් කල හොත් ඔබතුමාට පිලිවන් වෙයි ඇත්ත නැත්ත දැනගන්න. කරුණාකරලා මේ තත්වයට පිලියම් යොදන්න. බොහෝ දුර නිවෙස් වලට යන අයට මේකෙන් වන හිරිහැරය කියා නිම කරන්න බැහැ. දරුවෝ බඩගින්නේ බලං ඉන්නවා දෙමාපියෝ එනකම්. රථවාහන ඉන්ධන දහනය රටේ ආර්ථිකයටත් බලපානවා. අනිත් කාරණාව අනවශ්‍ය විදිහට පොලිස් නිලදාරීන් යොදවන්න එපා වාහන හසුරවන්න. නිකමට පොලිස් නිලදාරියෙකු ඉන්න විට හා නැති විට වාහන තදබදය ගැන සොයාබලන්න ඔබතුමාට වැටහේවි. සුදුසු පියවර ගනු අැතයි විශ්වාසයි (නදී)
මම කවදාවත් මොරටුව බස්වල නගින්නේ නැහැ. (නදී)
මේ කතාව ඇත්ත, ඊයේ මම ආපු බස් එකේ පාපුවරුවේ කව්රුවත් හිටියේ නෑ. එත් පොලිසියෙන් පාපුවෙරුවේ සෙනග අරන් ගියා කියලා බොරුවට 15000 ක දඩයක් ගැහුවා. (නදී)
මොරටුව -කොළඹ 100, 101 ගැන ඔය කියූ සියලු දේ හරි 100, 101 පමණක් නොවේ බොහොමයක් පෞද්ගලික බස් සේවා ඔහොම නේද? ප්‍රවාහන වෙළඳ ව්‍යාපාර මිසක් ප්‍රවාහන සේවාවක් නැත. ප්‍රවාහන සේවාවක් කිරීමට නම් මහා ප්‍රතිසංස්කරණයක් කරන්නම වෙනවා. (ම)
පොලිසියේ රාජකාරිය වැරදිනම් උසාවියේදී කියලා විසදා ගන්න. පොලිසියේ රාජකාරියට විරෝදය පෑමට රියදුරු මහතුන්ට අයිතියක් හෝ බලයක් නැත.(ම)
මෙයාලට දඩ කොළ දෙන්නේ නැතුව උසාවියේ නඩු දැම්මා නම් හරි. එතකොට විනිශ්චයකාරවරු ඉදිරියේදී නඩු අහල මෙයාල නිවැරදි කරුවො නම් නිදහස ලේබෙවීනේ . යහපාලන රජයට බස් කාරයෝ පාලනය කරගන්නවත් බැරිද. පොලිසියේ නිතිය ක්‍රියාත්මක කිරීමේදී නිවට නොවිය යුතුයි (නදී)
පොලිසිය වැරදි නම් දඩ කොලේ නොගෙවා ඉන්න. නඩු දැම්මහම උසාවියේදී තමන් නිවැරදි බව ඔප්පු කරන්න. සරලයි. (නි)
ලංගම ශක්තිමත් කරන්න (ම)
අනේ අපි නොදන්න 101, 100?? පුදුම ගෑටිල්ලක් ගාටන්නේ. උපරිම දඩ ලියන්න ඕනෑ. (බ)
රාවතාවත්තේත් එහෙමයි. හෝල්ට් එක ඇතුලේ බස් එක තියන්නෙ නැතුව එක මංතීරුවක් සම්පූර්ණයෙන්ම වහලා තමයි තියන්නේ. එතකොට ඉක්මණට ගමනක් යන්න හදන අපිට දුර ගමන් බස් පෙනෙන්නේ නැති නිසා. හරිම කරදරයක්. අනික මොරටුව කොළඹ බස් යන්නේත් නැහැ ඉක්මණට. අපිට ඕනෑ නම් සාක්ෂි කැමරා කරලාහරි දෙන්න පුුලුවන්.... (නි)
දන්නා ලංගම (ම)
බොහෝ පුද්ගලික බස්රථ මහජනයාට පුදුමාකාර වදයක් වෙන විදිහට තමයි කටයුතු කරන්නේ. දැන්වත් පොලිසිය මේ ගැන දැඩිව ක්‍රියා කළයුතුයි. (නි)