ජංගම දුරකතන සමාගමකින් සුසුකි මරුටි කාරයක් ඇඳුනු බව කියමින් එම සමාගමේ සේවකයකු ලෙස පෙනී සිට තැපැල් දෙපාර්තමේන්තු සේවිකාවකගෙන් ලියැවිලි ගාස්තු ලෙස රුපියල් 31300 ක් වංචාකළ කිරිඳිවැල අජිත් සංජීවට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා අත්හිටුවූ සිරදඬුවම් හා දඩ නියම කළේය. ඔහු වරද පිළිගත්තේය. වංචා කළ මුදල ගෙවන ලෙසද ඔහුට නියම විය. ඔහුට මාස හයක සිරදඬුවමක් නියම කැර එය පස් වසරකට අත්හිටැවීය. රුපියල් 1500 ක දඩයක්ද නියමවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර වංචාවක් කරලා දඩුවම මදි නේද? අවුරුදු 5 ක් වත් හිරේට නියම කළොත් තමයි නීතිය හරියට ක්‍රියාත්මක වූ බව වැටහෙන්නේ.(නදී)
දඬුවම අත් හිටවනවා කියන්නේ දඬුවමක් දීලා නැහැ වගෙයි නේද? ඔය සුදන්ගේ කාලේ නීති දැන් වෙනස් කරන්න කාලේ ඇවිල්ලා. (නි)
කඩුවෙල, ගම්පහ, කිරින්දිවෙල වගේ පැතිවල වාහන ව්‍යාපාර කරන ගොඩක් අය කරන්නෙම හොර වැඩමයි.(ස)
රස් 1500 ක් අනේ මන් දැන්නේ නෑ. මෙපමණ දෙයක් කරලා රු. 1500 ද? (ස)
දඬුවම ප්‍රමාණවත් තව මේ වගේ ක්‍රියා වැඩි වෙන්න. (ස)
මේ වංචාවට අහුවෙන්නේ කාන්තාවන්මයි. තණ්හාවයි මෝඩකමයි නිසා කපටින් ප්‍රයෝජන ගන්නවා.(ස)
ඒත් ලයිෂන් එකක් නැතිව ගියොත් 5000 දඩ...? (නි)
ගයාන්, නොදන්නා දේ ගැන නොලියා ඉන්න. ගෙදරට මෝඩයෙක් වුණාට රටට මෝඩයෙක් වෙන්න එපා (නි)
තණ්හාය ජායතී සෝකෝ.... (නි)
දැන් ඔය දඩුවම් නියම කරන්නේ නඩුකාරයට හිතෙන හිතෙන විදිහටද ? මම දන්නේ නැති නිසයි අහන්නේ.(නදී)
ගයාන්, මේ අවස්ථාවේ අත් හිටවූ සිර දඬුවම කියන්නේ මාස 6ක සිර දඬුවම අවුරුදු 5කට අත් හිටවලා, ඒ අවුරුදු 5 ඇතුලත මොනම වරදක් කරලා අහුවුනොත් අර මාස 6යේ දඬුවමට අමතරව අලුත් වරදේ දඬුවමත් එකතු කරලා ගෙවන්න වෙනවා. (නි)
මෙවැනි කාන්තාවන් වැඩි වැඩියෙන් මෝඩ වැඩ කිරීමෙන් නඩුත් වැඩි වෙනවා, නීති මහත්තුරුන්ගෙ බඩත් ලොකු වෙනවා. (නි)
දඩුවම් දෙන්න ඕනෑ මේ වගේ බොලද බොරුවලට අහුවෙන මෝඩ මිනිස්සුන්ට (නි)
මරුටිය ඉතින් හුගක් හුරුබුහුටි එකක්නේ. ඒක වෙන්න ඇති (නි)
කුණු ටිකක් පාරට දැම්මොත් දඩය රුපියල් 2500/= ක්ලු නේද..? (නි)
අපේ රටේ තියන නීතිය හොරුන්ට සල්ලාලයන්ට හරියට උදව් කරනවනේ. (නි)
මෝඩකමට අහු වෙන දේවල් ඕවා. දඩුවම් දෙන්න ඕනෑ අහුවෙන අයට (නි)
ඒ කාන්තාව පහසුවෙන් රැවටීමට හැකිවීමෙන් ව්‍යාපාරික ක්ෂේත්‍රයට හෝ දේශපාලන ක්ෂේත්‍රයට ප්‍රවේශ වීමට අවශ්‍ය මුලික සුදුසුකම් තමා සතු බව මෙයා පෙන්නුම් කරලා තියෙනවා. (නි)
දඬුවම ප්‍රමාණවත් නැහැ නේද? (නි)