මොරටුව රාවතාවත්ත සුසාන භූමියේ වසර 20 ක් පමණ පැරණි තේක්ක ගස් කැපීම තහනම් කළ පොලිසිය සුසානයට පොලිස් මුර දැමීය.
නගරාලංකාරය සඳහා යැයි කියමින් නගර සභාවේ සම්මත යෝජනාවක් අනුව ගස් කපන බව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු කියයි. එහෙත් ඒ සඳහා වූ ලියවිලි කිසිවක් ඉදිරිපත් නොකළ බව පොලිසිය පවසයි.
උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර මහතා ගේ පැමිණිල්ල අනුව පොලිසිය එහි පැමිණ ගස් කැපීම නතර කළේය. ඒ වනවිට ගස් 4ක් කපා දමා තිබිණි.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහුගිය කාලෙත් මතකද ගස් පාලුවෝ ගොඩාක් පාර්ලිමේන්තුවේ හිටියා (නි)
නගර අලංකාරයට ගස් කපන්න ඕනෑද කියන එක නම් ප්‍රශ්නයක්.තේක්ක ගස් අවරුදු දහයක් පහළොවක් වුණාම කපලා වැඩට ගත්තේ නැත්නම් කඳේ මැද කුහරයක් වර්ධනය වෙලා ප්‍රයෝජනයක් ගන්න බැරි තත්වයකට පත්වෙනවා (නි)
දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේත් ඔය වැඩේම වුණා නේද? (නි)
පාරක් අතුගාන්නේ නැහැ. කාණුවක් අස්කරන්නේ නැහැ. හැබැයි ගස් ටික නම් දෑකලා. (නි)
නීතියට යම් කිසි බලයක් ලැබී ඇති බව නම් පේනවා පහුගිය ආණ්ඩුවේ වුණා නම් පොලිස් නිලධාරීන් එතනට එන්නෙවත් නැහැ (ම)
බොහෝ තැන්වල තේක්ක ගස් හදන්න පටන්ගත්තේ දැව සදහා කොස් ගස් කැපීම නතරකිරීමේ සහ ස්වභාවික වනය රැකගැනීමේ අරමුණින්.අනික සොහොන් බිමේ හැම තැනම දැවැන්ත ගස් තිබුනොත් මිනි වලලන්නේ තේක්ක ගස් බෙන වලද? හැම දෙයකටම හේතුවක් ඇතුව හෝ නැතිව විරුද්ධ වීම යනු තම හිතේ ඇති කෝපය කාගේ හෝ පිටින් පිටකිරීමේ වුවමනාවය. (ම)
ගස් කපන්න අවසර ගන්න ඕනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්, නගර සභාව කොහොමද ගස් කපන්න අවසර දෙන්නේ (බ)
සත්‍යපාල, යන්නේ කොහෙද මල්ලේ පොල්. ගස් කැපීමට හේතුව ලෙස සඳහන් කර තිබෙන්නේ නගරාලංකාරය නැතුව මිනි වළලන්න ඉඩ මදි කම නොවේ. (බ)
ගසට ගසක් සිටුවන්න නිතියක්ක දාන්න.සිංගප්පුරු වල එහෙම තමයි ගස් රකින්නේ.අපට හුස්මගන්න බැරිවෙනවා කියල දන්නේ කීදෙනාද මේ රටේ! (බ)
පරිසරය විනාශ කරලද මේ නගරය අලංකාර කරන්න හදන්නේ කොහෙන්දැ දන්නා මේ අලුත් ක්‍රමය පුරුදු වුනේ.මෙය නතර කිරීම ගැන පොලිසියට අපගේ ප්‍රණාමය.(හේ)
ගහට -කොළට වින කරන අලංකරණය කුමටද (ම)
පොලිසිය කළ දේ අගය කළ යුතුයි.(හේ)
නගර ලස්සන කරන්න ගස් කපන්නේ මොන රටේද මොන රටේද ලංකාවේ.(හේ)
නගරයේ තිබෙන ගස් මෙහෙම කපන එකේ, කැලේ ගස් කොහොම කපනවද කියලා හිතාගන්න පුළුවන්. (නි)
පොඩ්ඩක් හිතන්න. මේ අලංකාරය සඳහා පමණි. වෙළදාම සඳහා නොව.ජනතාව වෙනුවෙන්, (ම)
කරුණාකර දෙහිවල ගල්කිස්ස කනත්තේ තේක්ක ගස් ටිකට මොකද වුණේ කියල හොයල බලන්න (ම)
පුදුම රටක් මේක. නගර අලංකාර කරන්න තව කොච්චර නම් දේවල් තිබෙනවද, මේ වන සම්පත විනාශ නොකර. (නි)
දැන් ඉතින් වැඩක් නෑ. ගස් කපලනේ.(හේ)
ඡන්ද දායකයෝ බුද්ධිමත් නම් අනාගතයේදී මේ ගැන බලා ගනිත්වා...(හේ)
ගස් නැති කොට සොහොන් බිම ලස්සන. දිවය ලෝකයක් වගෙයි. (හේ)
මොරටුවෙ නගරාධිපති ගහට ගහක් මුණගස්වන්න හදලද කොහෙදෝ...(හේ)
මෙම තේක්ක ගස් පැරණි බැවින් කපා ඉවත් කිරීමට කිව්වත් වට ප්‍රමාණය බැලුවිට පැරණි බවක් නොපෙනේ. කොහොමටත් ඉතින් මොරටුවෙනේ (නි)
ඔන්න බලන්න බොරුද කියලා. ලබන සතිය වෙනකොට මේගොල්ලෝ ඕනෑකරන සියලුම බලපත්‍ර අරගෙන සියළු ගස් කපනවා (නි)
ගස් කපන්න අනුමැතිය දුන්නේ මොන හිතකින්ද? (නි)
නගර සභාවෙන් මොරටුව පැත්තේ මියයන උදවියට තේක්ක පෙට්ටි හදන්න වගේ හදන්නේ (නි)
මේ දේශපාලඥයෝ අන්තිම ටිකත් නැතිකරන්නද හදන්නේ?? (නි)
අනේ කරුණාජීව, ලංකාවේ කොහෙන්ද බුද්ධිමත් ඡන්දදායකයෝ? එහෙම ඉන්නවා නම් මෙහෙම වෙන්නේ නැහැ. කොහොම වුණත් පොලිසියට මගේ ප්‍රණාමය...! (නි)
නගර අලංකාර ගස් කපලද. මේ අය ගියේ කොයි ඉස්කෝලෙටද දන්නේ නැහැ.(ම)
අනේ මෙහෙමත් අපරාධ? (නි)
ආනන්ද, ඒ අපේ ලංකාවේ, අපේ ලංකාවේ... (නි)
ගස් ඉතා පැරණි බැවින් මේ ආකාරයෙන් තිබීමෙන් ප්‍රයෝජනයට ගත නොහැකි තත්වයක් ඇතිවිය හැකි බැවින් එම ගස් කපා වෙන්දේසි කිරීමට අවශ්‍ය කටයුතු කරන්නලු. මොරටුමුල්ලේ ඉන්න බාස්ලගෙන් අහන්න ඕනෑ ගහ පරණ වුණාම එහෙම වෙනවද කියලා. අනේ රට ගැන තිබෙන කැක්කුමක්? (නි)
මොවුන්ට උපරිම දඬුවම් දෙන්න ඕනෑ (නි)
ගස් එක්ක පුදුම තරහක් තියෙන්නේ දේශපාලඥයෝ (නි)
යහපාලනයට පින්සිද්ධ වෙන්න මේවාට නීතිය හරියට ක්‍රියාත්මක කරන්න ඕනෑ (නි)
පරිසරයට ආදරයක් නැති මිනිස්සු පාර්ලිමේන්තුවට, පළාත් සභා වලට, නගර සභා වලට පත්කරලා යැවුවහම ඔය වගේ දේවල් බලාපොරොත්තු වෙන්න වෙනවා. වළේ වැටුනට පස්සේ වැළපිලා වැඩක් නැහැ. (නි)
ආනන්ද, නියම සින්දුව. (නි)
ශ්‍රී ලංකාව කවදාකවත් ලස්සන වෙන්නේ නැහැ මිනිස්සු හොඳ නැත්නම්. (නි)