මොරටුව විශ්ව විද්‍යාලයේ යාන්ත‍්‍රික ඉංජිනේරු අංශයේ නවතම මෙකාට්‍රොනික්ස් සහ මයික්‍රෝ/ නැනෝ ඉලෙක්ට්‍රෝ යාන්ත‍්‍රික විද්‍යාගාර ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලැබූ දැනට ජපානයේ රිට්සුමිකන් ට‍්‍රස්ට් විශ්ව විද්‍යාල පදනමේ උප කුලපති මහාචාර්ය මොන්ටේ කාසීම් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා ඉංජිනේරු අංශයේදී විවෘත කැරිණි.
මෙකාට්‍රොනික්ස් යනු යාන්ත‍්‍රික ඉංජිනේරු, ඉලෙක්ට්‍රොනික, පරිගණක සහ පාලන පද්ධති ඉංජිනේරු ශිල්ප ක‍්‍රමවල සංකලනයකි. උදාහරණයක් ලෙස රොබෝවරු නිර්මාණය කිරීමෙහිලා මෙම තාක්‍ෂණය වැදගත් තැනක් උසුලයි. මෙම විවෘත කිරීමේ අවස්ථාවට මොරටුව විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන, නියෝජ්‍ය උප කුලපති මහචාර්ය ආර්.ඒ. අතලගේ සහ ඉංජිනේරු පීඨ ප‍්‍රධානී මහාචර්ය යූ.ජී.ඒ. පුස්වෑවල යන මහත්වරු සහභාගි වූහ.
‘විවෘත නව නිර්මාණ’ සංකල්පය තුළින් සමාජයීය හා පාරිසරික වශයෙන් උසස් තාක්‍ෂණය බිහිකිරීමට අවස්ථාව සැලසෙන අතර ජපානය හා මොරටුව විශ්ව විද්‍යාලය අතර තාක්‍ෂණික සබඳතා ගොඩනැඟීමට මෙය හොඳ අවස්ථාවකි.
පර්යේෂණ පිළිබඳව ඉගැන්වීමට, අලූතින් නිර්මාණ සිදු කිරිමට, මෘදුකාංග පිළිබඳව පුහුණුවීමට මෙන්ම කර්මාන්ත ස්වයංක‍්‍රීය පාලක, කාර්මික රොබෝවරු, ජංගම දුරස්ථ පාලක රොබෝවරු, ස්වයංක‍්‍රීය කාර්මික නිෂ්පාදන සහ නිෂ්පාදන පද්ධති මොඩියුල පිළිබඳව හැදෑරීමට මෙම නව විද්‍යාගාරයෙන් හැකිවේ.
බොහෝ ක‍්‍රියාකාරකම් මෙම විද්‍යාගාරයෙන් සිදුකිරීමට හැකි වන අතර මෙම තාක්‍ෂණය සිසුන්ටත්, ඉගැන්වීම් ක‍්‍රියාකාරකම් සඳහා යෙදවීමටත් බලාපොරොත්තු වෙනවා. එමන්ම 2016 වසරේදී ළමයින් 10 දෙනකුට මෙකාට්‍රොනික්ස් ඉංජිනේරු අංශයේ අධ්‍යාපනය හැදෑරීමට අප අවස්ථාව ලබාදී තිබෙනවා.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනාගතය වෙනුවෙන් හොද ආයෝජනයක් (ම)
විශිෂ්ට දෙයක්. (ර)
මහාචාර්ය මොන්ටේ කාසීම් යනු තම උපන් රටට ඉතාමත් ගෞරවයෙන් යුතුව ආදරය කරන උතුම් කෙනෙක්. (නි)
සුබ පැතුම්! (නි)
පසුගිය ආණ්ඩුව කොළඹ පේමන්ට් කීපයක ටයිල් අල්ලන්න විශාල මහජන මුදල් සම්භාරයක් වැය කලත් අධ්‍යාපනයට කරන යෝජනා ගැන ඒ අයට එතරම් තේරුමක් දැනීමක් තිබුනේ නැහැ. (ර)
අනේ අර අන්තරේ කට්ටිය මේකටත් උද්ගෝසන කරයිද ? (ර)
මොනවා තිබුනත් අපිට තවම අපේම කියලා ඇල්පෙනෙත්තක්වත් හදාගන්න නම් බැරිවුනා. (ර)
අපේ නිෂ්පාදනයක් නැති බවට කෑගහන කීයෙන් කීදෙනාද අපේ දෙයක් වෙළඳ පොලේදී අරගෙන ආරම්භ කරන ව්‍යාපාරයකට අත දෙන්නේ? උපුල් දන්නේ නැති උනාට ලංකාවේ නිෂ්පාදන කිහිපයක් හා බොහොම සාර්ථකව (කෞ)
ප්‍රමාද වී හෝ දියුණු ලෝකය සමඟ උරෙනුර ගැටෙන්නට මෙවන් තාක්ෂණික ක්‍රමවේදයන් හඳුන්වාදීම අපේ දරුවන්ගේ වාසනාවක් (නි)
පිටිගල මිලානෝ, දන්නාදේටයි නොදන්නාදේටයි දෙකටම කට නොදා ඉන්නවද? (නි)
ලංකාවේ අනිත් ඉංජිනේරු පිඨ ටිකත් දියුණු කරා නම් තවත් හොදයි. (ම)
මේ උතුම් මිනිසාගේ චාම් ඇදුම, සරලබව එතුමාගේ උගත්කම මනාවට පෙන්නුම් කරනවා. මෙහෙම දෙයක් ඉදල හිටලා වත් දකින්න ලැබීම වාසනාවක් අපිට.(කෞ)
උගන්වලා විතරක් මදි..... උගතුන් ලංකාවේ තියාගන්න නම්, හොඳ පඩියක් දීල, අදාළ දීමනා දෙන්න වෙනවා. (නි)
අධ්‍යාපනය වෙනුවෙන් කරන ආයෝජනයන් කවදාවත් අහක යන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මේවායේ ප්‍රතිඵල රටට ලැබෙනවා. වැදගත් වෙන්නේ දේශපාලන ඇඟිලි ගැසීම් වලින් තොරව සෑම විශ්ව විද්‍යාලයකටම අවශ්‍ය තාක්ෂණය සහ ගුණාත්මක පහසුකම් ලබාදීමයි. මොරටුව විශ්ව විද්‍යාලය කවදත් රටට උසස් වෘත්තිකයන්, ඉංජිනේරුවන්, තාක්ෂණ ශිල්පීන් දායාද කළ ආයතනයක්. (නි)
ඉදිරියට යන ලෝකයට නව විද්‍යාත්මක හා තාක්ෂණික දැනුමින් යුතු ඉංජිනේරුවන් බිහිකිරීමට ගන්නා මේ උත්සාහය ඇත්තටම අගය කළයුතුයි. (නි)
අධ්‍යාපනය නඟාසිටුවීම, ඊට මුලික යටිතල පහසුකම් සපයන එක රජයේ වගකීමක්. පසුගිය වසර 20 තුළ අපි ලෝකෙට ඔබින රට ඉදිරියට ගෙනියන්න පුළුවන් මානව සම්පතක් ගොඩනැඟුවේ නැහැ. ඉදිරිය සතුටුදායක වෙයි කියා සිතනවා. (නි)
පමාවී හෝ අපේ දරු දැරියන් හටත් ලෝකයේ බිහිවී ඇති තරඟකාරී ඉංජිනේරු තාක්ෂණිකයන් සමඟ කරට කර සිට, අනාගත මිනිසාට සෙත සැළසෙන නැවුම් යන්ත්‍රෝපකරණයන් නිපදවීමට හා ඒවා සමඟ නොබියව ගැටීමට අවස්ථාව සළසාදීම අගය කළයුතු ක්‍රියාවකි. (නි)
ඩී උපුල්, හැමතිස්සෙම ඍණාත්මක අදහස් දාන්න එපා. (නි)
සුබ පැතුම්! (නි)
ඔබගේ උත්සාහයට අපේ සුබ පැතුම්! (නි)
නියමයි. නියමයි. ඔහොම යමු. කවදාහරි මොරටු විශ්ව විද්‍යාලය ලෝකයම ජයගන්නවා (නි)
තව තවත් දියුණු වේවා! (නි)
තාක්ෂණික පහසුකම් සහ දැනුම අතින් නම් අපේ අය පොහොසත්. ඒත් තාක්ෂණික නව අදහස් නිපැයීම අතින් නම් විශාල දියුණුවක් පෙන්වන්නෙ නැහැ. (නි)
ලංකාවේ උසස් ප්‍රමිතියක් තිබෙන ගොඩක් දේවල් හදනවා. නමුත් සමහර දේවල් චීනයෙන් ගෙනෙන එක ලාභයි. ලංකාව ආසියාවේ අධ්‍යාපනික හා සේවා කේන්ද්‍රය වියයුතුයි. (නි)
සුබ පැතුම්! ලොකු දෙයක් කරාවි අපේ කොල්ලෝ ටික. (නි)