මොරටුව විශ්ව විද්‍යාලයීය තොරතුරු තාක්ෂණ පීඨයේ සුළු සේවක මණ්ඩලයේ සේවය අගය කිරීම සඳහා උත්සවයක් පසුගියදා එහි අන්තර් ක්ෂේත්‍ර අධ්‍යයන අංශයේ මෙහෙයවීමෙන් තොරතුරු තාක්ෂණ පීඨ සිසු සිසුවියන් විසින් සංවිධානය කරනු ලදි.
එම අංශයේ හිටපු පීඨාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයට සුළු සේවක මහත්ම මහත්මීන්ගේ පවුල්වල සාමාජිකයන්ද එක්ව සිටි අතර ඔවුන්ට තිළිණ ප්‍රදානය කිරීමක්ද සිදුවිය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අශාන් කොයි රටේද ඒ. හැම රටේම රැකියාවල උස් පහත් බව තියෙනවා. එකම වෙනස ලංකාවේ තරම් පරතරයක් නෑ. කොයි රටේවත් ඔක්කොම එකයි කියන්න බෑ. (බ)
සුදු මහත්වරුන්ගේ රටවල සේවය කරන කළු මිනිසුන්ට සලකන අයුරු සිත් කම්පා කරවන සුළුයි. කොහොම නමුත් මොරටු දරුවන් අපේ සිහිනයක එක සොඳුරු දසුනක්. (බ)
ලලිත්, ඔයා වලිගය පාගාගෙන. රස්සාවල පරතරය තිබුනට කිසිම කෙනෙක් පහත් රැකියා කියලා පහතට දාන්නේ නැහැ .මම කිවුවේ ඒ ගැන. මම ඉන්නේ ඕස්ට්‍රේලියාවේ.මම ඇහැට දැකලා තියෙනවා අපේ ආයතනයේ කළමනාකරු ක්ලීනස්ලට උදවු කරනවා.අනික අපි කවදාවත් ලොක්කන්ට සර් ,බොස් කියලා අමතලා නැහැ. ඒකයි මම කිවුවේ (නි)
නියම වැඩක්. (ර)
සිසුන්ගේ හොඳ වැඩක්. මේ වගේම ඔබලාට මෙම ආයතනය බිහි කරදුන් ආදිසිසුවන්ට උස් පහත් මට්ටමකින් තොරව සලකන්න. (ර)
ලොකු-පොඩි කම නොසලකන යුතුකම (බ)
රටේ ප්‍රධානතම තාක්ෂණික විශ්ව විද්‍යාලයක පුවතක් ලෙස මෙය දුටු විට මට සිතුනේ මීට වඩා වැදගත් දෙයක් මේ විශ්ව විද්‍යාල ගැන ලියන්න නැද්ද කියාය. (ම)
සුළු සේවක කියන වචනය අයින් කළ යුතුයි. එම කාර්ය මණ්ඩලය කරන සේවය සුළු පටු දෙයක් නෙමෙයි (බ)
විද්‍යා හරියට හරි. ලංකාව වගේ රටවල තමයි රස්සාවෙන් මිනිස්සු මනින්නේ.අපි ඉන්න රටවල ඔක්කොම එකයි. (නි)
ඔයාලා හොද වැඩක් කරලා තියෙන්නේ. මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ ඔයාලා ඔක්කොම පිළිබද දැනෙන්නේ ඇත්තටම ආඩම්බරයක්. (ර)
හොඳ වැඩක්.(හේ)
හොද වැඩක්, ඔබ සැමට තිසරණ සරණ පතමි. (බ)
සරසවි ශිෂ්‍ය ශිෂ්‍යයාවෝ දෙස සමාජයේ ඇතැම් අය දකින්නේ අමුතු විදිහට. නමුත් ඔවුන් නිසා තමයි නිදහස් අධ්‍යාපනය මේ විදිහටවත් රැකිලා තියෙන්නේ. ඔවුන්ගේ හැකියාවන් ගොඩක් තියෙනවා. හැබැයි ඒවා කරන්නේ කැට ව්‍යාපාර වලින්. රජයෙන් මීට වඩා උදව් අවශ්‍යයයි. ළමයිව තේරුම් ගන්න පුළුවන් ගුරුවරු අවශ්‍යයි. (ම)
ඒවා හොද වැඩ. මුල අමතක නොකරන හොද කොල්ලෝ කෙල්ලෝ ටිකක්.(ම)
පළමුව ම විද්‍යා" සමග එකඟ වෙනවා." මම මොරටුව ආදී සිසුවෙක්. අපට එදා කාලේ පටන්ම ඉංජිනේරු උන තිබුනේ නැහැ .අපි සියලු සේවකයන්ටත් ගමේ අයටත් ආදරයෙන් සැලකුව . එනිසා තමයි අද මොරටුව විශ්ව විද්‍යාලය නො 1 වෙලා තියෙන්නෙ (බ)