ශ්‍රී ලංකාවේ සිදුවු බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් පමණක් නොව අනෙක් සෑම කටයුත්තක් සම්බන්ධයෙන්ම පරීක්ෂණ පැවැත්වීමේ දී මෙරට සිදුවන කවර අන්දමක හෝ යාන්ත්‍රණයකට දෙමළ ජාතික සන්ධානය අකැමති බවත්, සලකා බැලීමක් හෝ කරන්නේ ජාත්‍යන්තර විනිසුරුවන්ගෙන් යුතු යාන්ත්‍රණයක් ඇත්නම් පමණක් බවත් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් පැවසීය.
මෑතදී රටවල් හයක තානාපතිවරුන් හා යුරෝපා සංගමයේ නියෝජිතයයින් අවස්ථා කීපයක්ම වරින්වර පැමිණ සාකච්ඡා කළේ කවර කරුණුදැයි යාපනයේ මාධ්‍යවේදීන් මහ ඇමැතිගෙන් ඇසීය.
තමන් එසේ පැවසුවේ දැනට රටේ පවතින වාතාවරණය අනුව අධිකරණය සම්බන්ධයෙන් පමණක් නොව සෑම තැනකම සාධාරණය ඉටු නොවන වටපිටාවක් ගොඩනැගී අති අයුරු දක්නට ලැබීම නිසා යැයි ඔහු කියා සිටියේය.
පක්ෂයක් වශයෙන් දෙමළ ජාතික සන්ධානය රජයෙන් ඉල්ලා සිටි කිසිම ඉල්ලීමක් හෝ මෙතෙක් ඉටුවී නොමැති බව පවසන ඔහු දකුණේ ඊනියා ජාතිවාදී පක්ෂවල අදහස් හා විරෝධතා මත යැපෙමින් රටේ දෙමළ වැසියන්ගේ ප්‍රශ්නවලට විසඳුම් සෙවිය නොහැකි බවද පැවසීය.
ශ්‍රී ලංකාවේ දෙමළ වැසියන්ගේ ප්‍රශ්නයට එකම විසඳුම උතුරු නැගෙනහිර පළාත් එකට එකතු කොට පෙඩරල් පාලන ක්‍රමයක් ලබාදීම පමණක් යැයි තමන් උතුරට පැමිණි සියලුම විදේශීය නියෝජිතයින්ට පැවසූ බව කී මහ ඇමැතිවරයා මෙම අදහසෙන් ඉවත් වීමට දෙමළ ජාතික සන්ධානයට මෙන්ම දෙමළ ජනයාටද අවශ්‍යතාවයක් නැතැයිද කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා කියන දේ අහන මිනිස්සු දැන් යාපනෙත් නැහැ (බ)
කිසිදා මව්බිමට ද්‍රෝහී වෙන්න එපා.
අමාරුවෙන්, අප්ප්රියාවෙන් මේ රටේ ඉන්නවට වැඩිය ඔය කොහේ හරි රටකට යන්නකෝ. ඉන්දියාවෙනම් ලොකු තනතුරකුත් ලැබේවි. (බ)
දෙක එකට එකතු පෙඩරල් පාලන ක්‍රමයක් ඉල්ලන තමුන්නාන්සෙලා උතුරේ ඊනියා ජාතිවාදීන් නෙමෙයිද (බ)
උඹලට මෙහෙ යාන්ත්‍රණය හරි නැත්නම් වෙන රටකට පලයන්, මේක අපේ සිංහල රට මේකේ වැඩ කෙරෙන්න ඕන ලංකාවේ මිනිස්සුන්ට ඕනි විදියට. නැතුව උඹලට ඕන විදියට නෙවේ අන්න එක දැනගනින් (බ)
හර්ෂ මචෝ, උඹේ කතාව හරි (බ)
හර්ෂ ඔබතුමා හරියටම හරි අපේ රටේ ඉන්න බැරිනම් යන්න පුළුවන් රටකට පලයල්ලා. දකුණේ ඊනියා ජාතිවාදී පක්ෂ නෙවෙයි උතුරේ ඊනියා ජාතිවාදීයො ට්ක කිව්වොත් තමයි හරි .මුන් කතාකරන්නේ දකුණු පලාතේ එක දෙමළ මනුෂ්‍යයෙක් නෑ වගෙයි (බ)
මමත් එදාපටන් මේ මනුස්සයා කියන දේවල් වලට විරුද්දයි. අපේ රටේ කොච්චර වැරදි තිබ්බත් ඒවා අපේ රට තුල විසදගන්නවා මිස වෙන රටක සහය පැතීම අපේ රටට කරන ද්‍රෝහී වැඩක්. ඒ වගේම ඒ පුද්ගලයත් රටට ද්‍රෝහියෙක් ලෙසටයි මමනම් දකින්නේ. (ර)
කොන්ද පණ ඇතුව මොවුන්ට මුහුණදෙන්න. එච්චරයි අපි බලාපොරොත්තු වෙන්නේ (නි)
රටක් කන්නේ නායකයින් කියාගන්නා උන්මත්තකයින්. විග්නේශ්වරන්ද එවැන්නෙක් ලෙසයි අපි දකින්නේ. (නි)
ඉල්ලීමක් දිනාගන්න කලින් පවතින රජය සමග සහයෝගයෙන් කටයුතු කරන්න ඕන. හැම දේම වර්ජනය කර කර ඉන්නේ නැතුව.(ම)
ඔන්න මම හැමදාම උදේට කිලෝමීටරයක් පයින් ඇවිත් දෙකක් ත්‍රීවීල් එකේ යනවා. මේක බලන් ඉඳපු ත්‍රීවීල් කාරයෙක් නොදන්නා ගානට ඇවිත් මගේ හයර් එක ගන්නවා. දවසක් මේ කෙනා මම ගමන පටන් ගන්න තැනින් නොදන්නා ගානට ඇවිත් හයර් එක ගන්න බැලුව. කතාව තේරෙනවනේ. සිංහල සහ දෙමල මිනිසුන් උපායමාර්ගික ලෙස එකතුවිය යුතුය. මේ ජන වර්ග දෙකම අඩු තණ්හාව ඇති ජන වර්ගයන්ය. තරමක් පසුගාමී ජනවර්ග ලෙස හැඳින්වුවද වරදක් නැත.(බ)