මොරටු මහ නගර සභාවේ පුරප්පාඩුවක් පවතින බව මැතිවරණ කොමිසමෙන් එම පුරප්පාඩුව පවතින පක්ෂයේ ලේකම් දැන්වීමෙන් පසුව ඔහු එවන නම හිමි පුද්ගලයා එම පුරප්පාඩුවට පත් කරනු ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
එම පුරප්පාඩුව තමා තවම පක්ෂ ලේකම්ට දන්වා නැතැයිද ඔහු පවසයි.
මන්ත්‍රීන් දෙදෙනෙකුගේ අභාවයෙන් පුරප්පාඩු වූ මොරටු නගර සභා මන්ත්‍රී පදවිය ඉල්ලා ලැයිස්තුව් ඊලඟට නම සඳහන් බව කියන අජිත් චන්ද්‍රසෝම මහතා දින 3 ක් තිස්සේ මොරටු නගර සභා භූමියේ වේදිකාවක් මත වාඩි වී සිටී.
හිටපු ඇමති වරුන් වන බැසිල් රාජපක්ෂ ගාමිණී ලෝකුගේ සහ මොරටු පුරපති සමන්ලාල් ප්‍රනාන්දු, දෙහිවල ගල්කිස්ස පුරපති ධනසිරි අමරතුංග යන මහත්වරු ඔහුට සහාය පළ කරමින් ටික වේලාවක් එහි වාඩි වී සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට සේවය කරන්න මේ මහත්වරු දඟලන හැටි දැක්කහම පුදුම හිතෙනවා. (නි)
ලංකාවේ දේශපාලනයේ ගොඩක් හොරු ඉන්නේ. එකිනෙකාව හැමෝම ආරක්ෂා කරනවා. (බ)
සහතික ඇත්ත; දිනපු මිනිස්සු බරගාණක් ගෙදර ගියා, පරාද උන් ඇතුලේ ගියා (බ)
රටටම හෙනයක් වෙලා තියෙන්නේ. තව දවසකින් වතුර පොවයි (බ)
හොරු ළංකරගෙන මන්ත්‍රීකම ලබාගන්න බැරිබව දන්නේ නැතිද (බ)
බලයට මේ මිනිස්සු මේ තරම් කෑදර ඇයි.(හේ)
ඔබලාගේ සටනට ජය වේවා (හේ)
තෙවරප්පෙරුම මොකද ඔතන කරන්නේ (කෞ)
බැසිල් අාව කියන්නේ උදවු කරන්න සෙට් වුනා කියන එකද? (බ)
ඇවිත් ඉන්න සෙට් එක දැක්කම හිතා ගන්න පුළුවන් කොහොමද කියල (බ)
මිට පස්සේ ඡන්ද තියන්න එපා ලේකම් කැමති කෙනෙක් පත්කර ගන්න කියන්න. අපරාදේ අපේ සල්ලි කා දමන්න එපා (නි)
ඇත්තටම මේ අයට ලජ්ජා නැතිද මන්ද කොහෙද ඉතින් මේ අය ලජ්ජා නහර කපලනේ තියෙන්නේ (හේ)
මේ පාලනය යටතේ යුක්තිය ඉල්ලනවට වැඩිය හොඳයි ඉබ්බාගෙන් පිහාටු ඉල්ලනවා. (බ)
ඔය කට්ටිය ආවයින් වෙන්නේ ලැබෙන්න තිබ්බ මන්ත්‍රී දුරයත් නැතිවෙන එකයි (බ)
ජනතාවට වැඩ කරන්න තියෙන උනන්දුව (හේ)
කවුද හිතුවේ මේ අය මේ තත්ත්වයට වැටෙයි කියලා (හේ)
මොරටු පුරපති ගමේ අය දන්නවා ඔහු කවුද කියලා? (බ)
නියම කට්ටියනේ එකතුවෙලා තියෙන්නේ (නි)
කට්ටියට දැන් ඕනෑතරම් වෙලා තියන හින්දා පැල් රකින්න පුළුවන් (නි)
දැන් අසනීප සනීප ඇති (නි)
බැසිල් මහත්තය ඉන්නවා නම් ඉතින් ‘සොරිම‘ තමයි ... (නි)
මේවා ඉතින් ලෝකයාට පෙන්වන්න කරන බොරු සංදර්ශන පමණයි. සටන යුක්තිසහගත නම් ලැබෙන්න තිබෙන දේ ලබා ගැනීමට ඔහුට තිබෙන අවස්ථාවත් මේ මුක්කුගැහීම් නිසා අහිමිවෙයි නේද? (නි)
මේක කොමඩි කන්ට්‍රියක් (බ)
බැසිල්ට හොඳටම අමාරුවෙලා නේද වැලිකඩ සිට ගිලන් රථයෙන් අාවේ? (නි)
උසාවි ගියොත් ලෙඩ. මේවා නම් පුලුවන් (නි)
කට්ටියම නැවත එකතුවෙලා ඉන්න හැටි විතරක්? බූවල්ලෙන් ගහලා එළවන්න තියෙන්නේ. (නි)
අපුරු කට්ටියක් එකතුකරගෙන තියෙන්නේ. බොහොම හොඳයි (නි)
බැසිල්ලා දැන් අහසින් පොළවට වැටිලා. දෛවයේ සරදමක්. ඉස්සර ඔටුන්න හිමි කුමරු වගේ හිටි කාලේ නගර සභා මන්ත්‍රීවරයෙක් තියා කැබිනට් අැමතිවරයෙකුවත් සත පහකටවත් ගණන් නොගත් අය අද කොතැනද? හිනාත් යනවා. (නි)
මේවා දකිනකොට අපේ ඇඟේ මාළු නටනවා (නි)
සරත් ෆොන්සේකා හිරේ දුක් විඳිද්දී කතානොකළ කට්ටියද මේ යුක්තියක් ගැන කතාකරන්නේ? (නි)
බැසිල්ට එයාගේ නඩු වලට පෙනී හිටින්න හරිම අමාරුයි. හැබැයි මේ වගේ තැන් වල උපවාස කරනකොට කිසිම ලෙඩක් නැහැ. අනේ මෙහෙමත් ලැජ්ජා නැති මිනිස්සු. ගිලන් රිය ඔය ළඟද? (නි)
දිනන මිනිහගේ ඡන්දය දාගන පැරදුන එවුන් ඇතුලට ගන්න නගර සභාවක් ඕක , දිලිප් තෙන්නේකොන් ඒ කරුමේ පඩිසන් දීල ජීවන්ට කේලම් කියල කියල මැරිලා ගිය අඩු කලෙන්ම,කී දෙඅනෙක් ගේ නම් ඡන්ද ජීවන් ඕකට දාල නගර සභාවට ගත්තද .........;(බ)
මේ මුහුණු ටික දකිනකොටත් හිතට පුදුම තරහක් එන්නේ (නි)