මොරටුව මහ නගර සභාවේ උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර මහතාට ඇප ලබා දීම සලකා බැලීම සඳහා පානදුර මහධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන මහත්මිය විසින් සැප්තැම්බර් 9 වැනි දින දක්වා කල් තැබිණි.
එදිනට උප නගරාධිපතිගේ ජංගම දුරකතන වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහාධිකරණ විනිසුරුවරිය විසින් කොළඹ අපරාධ කොට්ඨාශයේ පොලිස් නිලධාරීන්ට නියෝග කළාය.
උප නගරාධිපති වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් පසුගිය අප්‍රේල් 23 පානදුර මහාධිකරණයට ගොනු කළ ඇප අයදුම් පත්‍රය සම්බන්ධයෙන් සලකා බැලීම සිව් වන වරටත් මහාධිකරණය හමුවේ කැඳැවිණි.
මොරටුව එගොඩඋයන සුනන්දෝපනන්ද විහාරයේ විහාධිපති මැටියගහතැන්නේ විමලවංශ හිමියන්ගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස උපනගරාධිපති පසුගිය පෙබරවාරී 06 දින සිට රිමාන්ඩ් බන්ධනාගාරයේ පසු වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හැම දේම වෙන්නේ අපේ මිනිස්සුන්ගේ වරදින්, අපි නියම සුදුස්සාට මනාප දීල හරි තැනට යවනවා නම් මේවගේ ගැටළු ඇති වෙන්නේ නැහැ. කසිප්පු මුදලාලිලා, තැබෑරුම් කාරයන්, හොරක් හොරු, කුඩු මුදලාලිලා, ස්තිදුෂකයෝ, චන්ඩි වගේ යට ඡන්දෙ දුන්නහම් මිට වැඩි දෙයක් බලා පොරෝත්තුවෙන්න බැහැ. ඒක නිසා මේවට වග කියන්න ඕනේ අපි අපිම තමයි.(නදී)
තව අවුරුදු 20 කට මහ ගෙදර යවන්න ඕනෑ කියලා මම කියනවා (නි)
කොහොමද අපි හොද අයව තෝරලා යවන්නේ ? ඉල්ලන්නේම හොරු,ස්ත්‍රී දුෂකයෝයි,අපරාධකාරයෝයි තමයි.ඉතින් මෙයාලා අතරින් කාව යැව්වත් කරන්නේ ඔයටික තමයි .සාමාන්‍ය මනුස්සයකුට අද ඡන්දය ඉල්ලන්න බැහැ. එහෙම ඉල්ලලා දිනන්න පුළුවන්කමක් නැහැ (නි)
ඔහොම ගිහිල්ලා මෙයාටත් කවදාහරි ඇප දෙයි. ඔක්කොටම ඉස්සෙල්ලා ලංකාවේ මේ දැනට තියන නීති වෙනස් කරන්න ඕනෑ (නි)
ඡන්දෙ දෙන කොට ඒ මිනිහගේ චරිතේ බලලා දෙන්න, රටේ ප්‍රසිද්ධ චරිත වලට ඡන්දේ දෙන්න එපා, නුගත් අයටත් දෙන්න එපා, බලයේ ඉන්න කොට බලුකම් කරනවා දැන් බලු වෙලා, කල කල දේ පල දේ කියන්නේ ඕකට තමයි. (ස)
අදත් ඇප නැහැ කියන්නේ මේ මිනී මරුවාට ඇප දෙන්නද යන්නේ? නගරාධිපති උනාට දැන් එයා මිනී මැරුමක සැක කරුවෙක්. ඇප නොදිය යුතුයි මයේ හිතේ? (අ)
මෙයාලට ඇප දෙන්න හිතන්නවත් එපා (දී)
මෙවැනි අද බාලයන් මහජන ඡන්දෙන් ඉහල තැන්වලට යවන්න ඉස්සෙල්ලා මහජනයා දෙවරක් සිතා බැලිය යුතුය.(නදී)