(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ නිල සංචිත අප්‍රේල් මාසය අවසන් වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 5.43 දක්වා වැඩි වී ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (07) පැවැති මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.
මාර්තු මාසය අවසන් වන විට මෙරට නිල සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 4.96 ක් වූ බවත් ඒ අනුව අප්‍රේල් මාසය අවසන් වන විට මෙරට නිල සංචිත මිලියන 400 කින් පමණ වැඩි වී ඇති බවත් මහ බැංකු අධිපතිවරයා එහිදී පැවැසුවේ ය.
රුපියල් තුන් කෝටි තිස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් ඔස්සේ , වායුසමනය යන්ත්‍රයක ’’ කොම්ප්‍රෙෂරයක්’’ තුළ සගවා , කූරියර් පාර්සල
වත්මන් පරපුරේ සතිමත් බව ඇති කිරීම සඳහා “බුද්ධ රශ්මි’’ ජාතික වෙසක් මංගල්‍යයට සමගාමීව ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ අධ්‍යාපන අමාත්‍යා
පළාත් පාලන මැතිවරණය කල් දැමූ ආකාරයෙන් ජනාධිපතිවරණය පැවැත්වීම වලක්වන්න නොහැකි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක ම
බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් ගැටලුව විසඳීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මුලින් ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉතා පැහැදිලිව ප්‍රකාශ කර ඇතැයි ජනාධිපති වෘත්තීය සමිත
ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි, විදේශ අමාත්‍ය අමීර් අබ්දුල්ලාහියන් සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ ඉරාන නිලධාරීන්ගේ අභාවය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කම්පනයට සහ ශ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මෙරට නිල සංචිත ඩොලර් බිලියන පහ පනියි
Prabha Tuesday, 07 May 2024 02:58 PM
එත් එක්කම කියන්න ගෙවන්න තියෙන ණ ප්‍රමාණය ගැනත්
බුද්ධික Tuesday, 07 May 2024 04:49 PM
ඇත්තටම ඒකත් එක්කම කිව්වා නම් හැටනව ලක්ෂයේ පිරිස තේරුම් නොගත්තා වුණත් අනෙක් පිරිස් තේරුම් ගනීවි විශේෂයෙන් අපි ආවොත් අරක කරනවා මේක කරනවා කිව්වම ණය ප්‍රමාණය ගැන දැනුවත් වුණත් කොහොමද කරන්නෙ කියලා ප්‍රශ්න කරන්න පුළුවන් වෙනවා විවාදයක් කලොත් බුද්ධිමත් පිරිසක් ප්‍රශ්න කරන නිසා රට වැසියන්ට රටේ තත්වය තේරුම් ගන්න පුළුවන් වේවි
අමරTuesday, 07 May 2024 05:14 PM
කියන්න අවශ්‍ය නෑ පම්පෝරි ගැහැවම ළඟදිම ණය දුන්න උන් මහබැංකුව වටලන්න කලින් ගෙවන්න වෙයි
ජයනාත් Tuesday, 07 May 2024 03:10 PM
අපේ ආදායම් මෙතන කීයක් තියෙනවා ද . චීනෙ 1.5 යි...ලෝකෙ බැංකුව ණයට දීපුවත් එක්ක නේද මේ... අපි කාගෙන් හරි ණයට අරගෙන අපේ බැංකු පොතේ දාගෙන මට ලක්ෂ 50 තියෙනව කිව්වා ම හරිද..
සුපුන් චාමර Tuesday, 07 May 2024 03:11 PM
මම ඉස්සර හිතන් හිටියේ හොද මිනිහෙක් කියලා. කයිවාරු පප්පෙක්. සංචිත වැඩි උනාට ණය වැඩි උන එක කිව්වෙ නෑ නේද. ණය ගෙවන්නෙ නෑති එකත් කිව්වෙ නෑ. තමන්ගෙ පඩිය විතරක් වැඩි කරගත්ත කුහකයෙක්. දේශපාලන ඝට්ටැඹියෙක්
amila Tuesday, 07 May 2024 03:19 PM
රට ඉන්න අපිට ඩොලර් වලින් ටැක්ස් එක අය කරගෙන ජපන් වාහනයක් දාන්න අවස්තාවක් දෙන්න.තව සංචිත වැඩි කරගන්න පුළුවන් ඉක්මනින්
Hafeel Tuesday, 07 May 2024 03:38 PM
ඒ කියන්නේ ගත්තු විදේශ ණය නොගෙවා මේ ප්‍රමාණය වැඩි වෙලා. මේ කතා කියන්න හොඳයි කුඩා දරුවන් නිදි කරවන්න.
Rohan Tuesday, 07 May 2024 03:53 PM
මහ බැංකුවල අයගේ තව ටිකක් පඩි වැඩි කරගමුද ?
Jayantha Tuesday, 07 May 2024 04:05 PM
රටේ පාලකයා හොරා කනකොට, වැටුන රට ගොඩගන්න රට ගිහින් ඩොලර් එවපු පුරවැසියන්ට ස්තූතියි. එහෙම නැතිව මේ පාලකයෝ කොරපු දෙයක් නෑ.
End Game @ Tuesday, 07 May 2024 04:25 PM
අපේ බදු වලට පිං සිද්ධ වෙන්න
සිල්වා Tuesday, 07 May 2024 04:47 PM
එහෙම නම් ණය ටික ටික හරි ගෙවීමට පටන් ගත්තොත් වැඩිවන පොලිය බේරගන්න හැකියි.
Thushara Tuesday, 07 May 2024 05:54 PM
ශ්‍රී ලංකාවේ ජාතික ණය 2022 දී, 2021 ට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලර් බිලියන 32.5 කින් (සියයට 54.25) වැඩි විය. 2022 එක්සත් ජනපද ඩොලර් බිලියන 92.43 ක් , ජාතික ණය එහි ඉහළම අගයට ළඟා විය.
chandima Tuesday, 07 May 2024 06:55 PM
එහෙනම් පහුවෙලා ඡන්දේ තියන්න සල්ලි නැ කියන්න බෑනේ... ඒ වගේම සෑහෙන පිරිසකට හාල් බෙදාගන්නත් පුළුවන් නේද?
Nihal Tuesday, 07 May 2024 08:50 PM
බීල් ගේට් ගෙන් බිලියන 5 ක් ගමු,අනිත් බිලියනපති ලගේ නම් මතක් වුණාම කියන්නම්
Perera Wednesday, 08 May 2024 01:00 AM
ණය ගෙව්වාම රට තමා බංකොලොත්
latha Wednesday, 08 May 2024 09:05 AM
ණය ගෙවන්නේ නැතුව හිටියාම බිලියන සීයත් පන්නන්න පුළුවන්... හැබැයි රට තාමත් බංකොලොත් .... මරු තියරි