යාපනය ඓතිහාසික නාගදීප විහාරයට මැණික් පුටුවක් පරිත්‍යාග කිරීමට මොරටු තරුණයෙක් සැරැසෙයි. කොහොඹ ලීයෙන් තනා නිල් මැණික්, රතු මැණික් හා පුෂ්පරාග 484 ඔබ්බවා මේ පුටුව තනා නිම කළ මොරටුව ඉදිබැද්දේ එන්. තිලංක සිල්වා කියනුයේ උතුරත් දකුණත් එක් කිරීමේ සංකේතයක් වශයෙන් මේ පුටුව නාගදීපයට තෑගි කරන බවයි. අරලියගහ මැදුරට රැගෙන ගිය මේ පුටුව කැලණියට ද ඉන්පසු එතැනින් නාගදීපයට ද රැගෙන යනු ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කටුගෙදෙට්ට කරපු හරියම ඔය පුටුවටත් කරයිද දන්නේ නෑ
ඕක ඔබේ සතුට.බොරුවට කෑ ගහන අයයි පල් හොරු
නාගදීපෙට ගෙනියන්න පුළුවන් වෙයිද කියන එකයි සැක
සාදු...! සාදු.. !!සාදු...!!!
මේ පුටුව හදන්න වියදම කරපු වෙලේ අජිත් කිව්වා වගේ අසරණ හිසට වහලක් නැති මිනිස්සුන්ට උදව්වක් කලානම් මොකද.. එහෙම කලානම් ඒ මිනිසුන්ගෙන් ලැබෙන පින අනන්ත අප්‍රමාණයි.
ඕව බොරු වැඩ...
ලොකු පිංකමක්.. ඒත් මෙයාට කොහෙන්ද මෙච්චර මැණික් ගල්...
පින්කම කොහොම කළත් හොදයි..අනේ සාදු සාදු සාදු මේ පුතාට තව තවත් මෙබඳු දේ සිදු කිරීමට ධෛර්ය හා ශක්තිය ලැබේවා.
සාදු... සාදු.. සාදු... මමත් මේ පිංකමට සාදු කියල සම්මාදම් උනා.. ඔබට පිං....
බොහොම හොද ක්‍රියාවක්.. පුටුවෙ වටිනාකම නෙකිය හිටියනම් හොදයි...
නියමයි දරැවා.. ඔබට ගොඩක් පිං...
අගනා වැඩක්... ඒත් කටුගෙයි බඩුවලට වෙච්ච දේ වෙයිද??
සාදු...! සාදු.. !!සාදු...!!! ඔබට ගොඩක් පිං...
පින්කමක මූල්‍ය වටිනාකමට වඩා එහි ආධ්‍යාත්මික වටිනාකම හුවා දැක්වීම වැදගත්ය.මන්ද මෝඩ මිනිසුන් නිතරම ගන්නේ හොඳ දෙයක වුනත් ඇති සාරධර්ම අගය නොව ඉන් වචනාර්ථ අයහපතයි.නැතිනම් දෙපැත්ත කැපෙන අරුතයි.ඒ නිසා නිතරම ආධ්‍යාත්මික වටිනාකමට ප්‍රමුඛස්ථානය ලබාදී වාර්තා කරන්න
මේකත් පෞරාණික කියල උස්සයිද දන් නැ
බොහොම අගනා වැඩක්.නමුත් මොනවටද ඕක අරලිය ගහ මන්දිරයට ගෙනිච්චේ? එතන දෙවියෝ බුදුන් නැහැනේ
ගොඩක් වටින වැඩක් පුතා
නියම වැඩක්
ඔකත් ගන්න අපේ රටේ ඕනතරම් චුල්ලෝදරලා මහෝදරලා ඉන්නවා.
ඕකට වැඩේ දෙන්න අපේ චූලෝදරලා මහෝදරලා ඉන්නවා ඕන තරම්
සාදු... සාදු.. සාදු... මමත් මේ පිංකමට සාදු කියල සම්මාදම් උනා.. ඔබට පිං....
ශාන්තිය සලසන්නා වූ ඉතා මිහිරී බුදු බණ ඇත.ඒවා ඇසීමට අපට බිහිරි නොවූ කන්ද ඇත.අපට කිරීමට අපහසු පිනකුත් නැත. අපද දැක බලා සතුටු වෙමූ.
කියක් වටිනවද දන්නෙ නෑ නේද?
මේ වගේ දෙයක් හිතුව එකත් පිනක්
බොහොම අගනා වැඩක් !! හැබැයි දේශපාලනය මේකට ගාවගන්නවත් එපා !!
ළමයා මේකට මැණික් එබ්බවූ බවක් නොකිය හිටියනම් පුටුවේ ආරක්ෂාවට හොඳයි.
අජිත් ඔයාගේ පැහැදිලි කිරීමට මාත් එකඟයි...
මේ තරම් වටින පුටුවක් දෙන්නේ කාට වාඩී වෙන්නද මේ හුදෙක් ප්‍රසිද්දිය තකා කරන වැඩ
දැන් මේක හොරකම් කරන්න කීදෙනෙක් බලන් ඉන්නවද දන්නේ නෑ
එලොවට කෙසේ වෙතත් මෙලොවට ලකුණු දමා ගන්න සැරසෙන බව පේනවා. පන්සල් වල හාමුදුරුවරු පිරිවෙන් යන්න පොත්ටික පවා නැතුව දුක් විදිද්දී මෙවැනි නාස්තිකාර වැඩ වෙනුවට, ඒ මුදලින් පලක් ඇති දෙයක් ශාසනයට කරලා දුන්නොත් නරකද? මෙවැනි පූජාවල් නිසා තමයි දවසක හාමුදුරුවරු මැරුම් කන්නේ. (නි)
ඒත් මෙයාට කොහෙන්ද මෙච්චර මැණික් ගල්
නිල් මැණික්, රතු මැණික් හා පුෂ්පරාග 484 ක් ,,,අරලියගහ මැදුරට රැගෙන ගිය මේ පුටුව කැලණියට ද ඉන්පසු එතැනින් නාගදීපයට ද රැගෙන යනු ඇත. මම නම් කියන්නේ මේක වෙන කෙනෙක් වෙනුවෙන් හදපු පුටුවක් . ඇත්ත හිමිකරුට නම සහ වත්කම් හෙළි කරන්න බැරි හින්ද මෙයාගේ නමින් කරනවා . සාධාරණව සල්ලි හොයපු කෙනෙක්ට මේ වගේ පඩුරක් පුදන්න හරිම අමාරුයි .
කොහෙන් අන්තිමටත් නතරවෙයිද මංදා.. :)
තිලංක ඔයාට ගොඞාක් පිං...නමුත් S.T.F. එකට නම් දෙන්න එපා ආරක්ෂා කරන්න.
බුදු දහම නිවැරදිව නොහදුනන තරුනයෙක්ගේ වැඩක්. ලංකාවේ අසරණ උන පවුල් කීයකට හිසට සෙවනක් දෙන්න පුලුවන්ද මේ සල්ලි වලින් , අසරණ දුප්පත් ළමයි කී දෙනෙකුට ඉගෙන ගන්න පොත් පත් අරන් දෙන්න තිබුනද? හුදෙක් ජනප්‍රියත්වය තකා මෙවන් අනවශ්‍ය දේ කරන පටු මනසක් අද තරුණයන්ගේ අප දකින්නේ. තවත් හොරෙකුට හොඳ නිදානයක්. පන්සලට සිල් ගන්න යන සමහර උපාසක අම්මල වගේ හැම දෙයටම සාදු නොකියන්න. යහපත් දේ කරන්න යහපත් දේ දකින්න අවශ්‍ය යුගයක අපි සියලු දෙනා ජීවත් වෙන්නේ.
මම හැමදාමත් නිවැරදිව ස්වාධීනව තමන්ගේ අදහස නොබියව ප්‍රකාශ කරන ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහාචාර්යතුමාගේ අදහස් අගය කරමි.මැණික් පුටුවේ භෞතික අගයට වඩා ඒ අවංක තරුණයාගේ ශ්‍රද්ධාව අගය කරමි.හොද වැඩකදී හොදයි කියන එක හොද දෙයක්.සාධු කියන එකේ අදහස හොදයි කියන එකයි.ඒ බව වත් දන්නේ නැති අති පණ්ඩිත කම් කියවන අය ගැන මට නම් ඇත්තෙන්ම හරි දුකයි.
පුටුවටත් සාධු කියන්න තරම් මෝඩ මිනිස්සු ඉන්න කාලයක්
අනිවාර්යයෙන් මේකත් හොරකම් කරනවා