IMG-LOGO

2025 අගෝස්තු මස 07 වන බ්‍රහස්පතින්දා


මොරටු ඝාතන සැකකරුවෝ පොතුපිටියේ නිදති

මොරටුව එගොඩඋයන සුනන්දෝපනන්දාරාම විහාරාධිපති හිමියන් ඝාතනයේ සැකරකුවන් බව කියන දෙදෙනාගේ සිරුරු වාද්දූව පොතුපිටියේ සුසාන භූමියේ දී මින් මද වේලාවකට කලින් මිහිදන් කැරිණි.

ලෑලි පෙට්ටි දෙකකින් ගෙනා සිරුරු දෙක එකම වලක දමද්දී එක් සැකකරුවකුගේ මව ද, ඇනෙක් සැකකරුගේ නැගනිය ද එහි වූහ.

බණ්ඩාරගම දැල්කඩ පුරන් වෙල් යායක් අසළ පාළු පෙදෙසකදී පෙබරවාරි හතර වැනිදා චන්දිම රුවන්රත්න (28) , සුජිත් ගුණරත්න (37)  වෙඩි තබා මරා දමා තිබිණි.

 

 



අදහස් (0)

මොරටු ඝාතන සැකකරුවෝ පොතුපිටියේ නිදති

රකිත් Friday, 08 February 2013 03:07 AM

මෙම භික්ෂු ඝාතනය ආනන්තරිය පාපකර්මයක් වන්නේ උන්වහන්සේ රහතන් වහන්සේ නමක් නම් පමණි. මෙය බලවත් අකුසල කර්මයක් බව නම් ඇත්තකි. (නි)

:       0       0

තුෂාන් Friday, 08 February 2013 04:23 AM

මැරුන අයට වරදට දඩුවම් ලැබිලා. ඒත් ජීවත් වෙලා ඉන්න මේ මිනිස්සුට ඊටත් වඩා දඩුවම් ලැබෙනවා නේද.(නදී)

:       0       0

සම්පත් Thursday, 07 February 2013 03:22 PM

මතු භවයේ හොඳ මිනිසුන් වී ඉපදේවා .(ස)

:       0       0

සන්දිම Thursday, 07 February 2013 03:31 PM

විශ්වය සාදාරණ තින්දු නිතරගන්නවා .(ස)

:       0       0

නිලංග Thursday, 07 February 2013 03:35 PM

කොච්චර වැරදි වැඩක් කළත් මම නම් හිතන්නෙ නෑ මෙවැනි සිදුවීම් අපේ සිංහල කමට ගැලපෙනව කියල. මතකද දුටුගැමුණු රජතුමා එළාර රජතුමාට අවසන් ගෞරව දක්වපු ආකාරය..(ස)

:       0       0

රත්න Thursday, 07 February 2013 03:40 PM

මිනිය පවා මුලු රටම ප්‍රතික්ශේප කරා. ඔවුන්ගේ ඉතිරිව ඉන්න අය මෙයින් වත් පාඩමක් ඉගෙන ගත්තොත් හොඳයි. නමුත් පෙර දුටුව වීඩියෝ වලින් පෙනුනේ එයාලත් මෙයට උල් පන්දම් දීපු බවක්. .(ස)

:       0       0

රකිත් Friday, 08 February 2013 06:12 AM

නිලංග, ප්‍රභාකරන්ටත් අවසන් ගෞරව දැක්වුවද? දන්නවද වෙනස? (නි)

:       0       0

නිරෝෂන් Thursday, 07 February 2013 03:49 PM

ඒත් කවුද මේ අයව මැරුවේ . ඒක හොයාගෙන ඉවරද ? .(ස)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 07 February 2013 04:25 PM

එළොවදි කොහොම වුණත් එළොවෙදි ප්‍රතිඵල හම්බෙයි. (ත)

:       0       0

අනුර Thursday, 07 February 2013 04:28 PM

නිලංගගෙ කතාව හරි.. නමුත් මම හිතන විදියට මේ තීරණය හරි.. ඉදිරියටවත් මේ වගේ දේවල් නොවෙන්න..!(නු)

:       0       0

ජානා Thursday, 07 February 2013 04:30 PM

සම්පත්ගෙ සහ නිලංගගෙ වචන විශිෂ්ටයි...! අගය කරමි.. අපි බෞද්ධයෝ.. මෛතී කළ යුතුයි.. එහෙම නැතිව ශර්යා නීතියට ගරු කරන බෞද්ධයන් නොවිය යුතුයි..!(නු)

:       0       0

ලක් පුතා Thursday, 07 February 2013 04:37 PM

කල කර්ම පලදීම වැලැක්විය නොහැක, මතු භවයන්හිදී හොද මිනිසුන් වේවා(නු)

:       0       0

සිල්වා Thursday, 07 February 2013 04:51 PM

ආනන්තර්ය පාපකර්මයක් මේක. උපසම්පදා පැවිදි භික්ෂුවක් ඝාතනය කිරීම ආත්ම ගානක් පව් ගෙවන්න වෙයි..!(නු)

:       0       0

මැණික් Thursday, 07 February 2013 04:52 PM

මමත් මොරටුවේ. යම් කෙනෙකු සාශනයට භාර වෙන්නේ ගිහි ජිවිතය සම්පුර්ණයෙන්ම අත් හැරලා. අනුන්ට උදවු කිරීම ප්‍රතිපත්තියක් ලෙස හාමුදුරුවරු සිතීමට අවශ්‍යයි. ලොකු හාමුදුරුවො ඉන්න කාලේ හරියට දුප්පත් අයට උදවු කළා. මේ කියන මිනිසුන් සහ මේ හාමුදුරුවෝ යන දෙපැත්තම වැරදියි. දැන්නම් කවුරුත් අඬනවා. දෙපැත්ටම කළකම් ඵල දුන්නා. එපමනයි මා දන්නේ. (නි)

:       0       0

අජිත් Thursday, 07 February 2013 05:06 PM

මෙලෙස පුද්ගලින් නීතිය අතට ගෙනීම කිසි ලෙසකින් අනුමත කිරීමට නොහැකිය. ඔව්න් සැකකරුවන් පමණි. අහිංසක මිනිසුන්ද පුද්ගලික හේතු මත මෙලෙස ඝාතනය වීමට හැක.

:       0       0

ජයතිස්ස Thursday, 07 February 2013 05:11 PM

මේ මිනී මැරුම පිටුපස තවත් මිනී මරුවන් සිටිය හැකි බවයි මගේ හැගීම.(නු)

:       0       0

මුතුකුඩ Thursday, 07 February 2013 05:12 PM

නිලංග ඔබ ෙග් කථාව සියයට සියයක් සත්‍යයයි.(නු)

:       0       0

ලංකා Friday, 08 February 2013 09:12 AM

එක පැත්තකට පමණක් වැරදි කියන්න බැහැ. මේ අපේ ගම නිසා අපි මේ ගැන හොදට දන්නවා. (නි)

:       0       0

සමන් Friday, 08 February 2013 09:27 AM

හොඳ අවසන් කටයුත්තක් (ස)

:       0       0

කතරගම සංජිව Friday, 08 February 2013 09:55 AM

මිනිසුන්ගේ තිබෙන ප්‍රශ්නත් එක්ක මිනිස්සු තිරිසන් සතුන් වගේ මහ පොලෝවේ වැලලිලා යනවා . නොදන්නා අපි එක පැත්තකට වෙලා එක පැත්තකට පව් කියනවා අනෙක් පැත්තට හොඳ වැඩේ කියනවා, කොහොමත් අපේ මිනිස්සුමයි දෙගොල්ලොම (ස)

:       0       0

කසුන් Thursday, 07 February 2013 06:39 PM

අව් ගත්තෝ අවියෙන්ම නැසෙති. මේක අනිත් චණ්ඩින්ටත් උරුමයි කියලා හිතා ගත්තොත් හොදයි. (නි)

:       0       0

ඉසුරංගි Friday, 08 February 2013 10:24 AM

කල කරුමයේ විපාක විදින්නේ මැරුන අයට වඩා ජීවත්වෙලා ඉන්න අයයි.(නදී)

:       0       0

පිටිගල Thursday, 07 February 2013 07:22 PM

මොවුන් සම්මා දිට්ඨිකයින් වී නිර්වානය අවබෝධ කරගනිත්වා! (නි)

:       0       0

ඉසුරන්දි Friday, 08 February 2013 10:27 AM

මේවා කව්රු නෙරුවත් සිහියෙ තබා ගත යුතු දේවල්. ක්ෂනික කෝපය මරනයට හේතුවක්. කරන පවි පින් මෙලොවදිම පලදෙනවා.(නදී)

:       0       0

ෙදවානන්ද හිමි Thursday, 07 February 2013 07:24 PM

ජානා මෙකටද ශරියා නීතිය කියන්නේ. දන්නැති නිසා අහන්නේ.(නදී)

:       0       0

යව්නාඩ් Friday, 08 February 2013 11:12 AM

තමන් වැදූ පුතා නිකම්ම පස් ගොඩකට යටකරලා දාද්දි අම්මගේ දෑස් කඳුලක් නැති එකෙන් ගොඩක් දේ පැහැදිලි වෙනවා (ස)

:       0       0

කුරැවිට Thursday, 07 February 2013 09:16 PM

හරියට නීතිය ක්‍රියාත්මක වෙනවා නම් මෙයාලව මැරුවේ කවිද?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 214 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 286 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 457 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site