මොරටුව එගොඩඋයන සුනන්දෝපනන්දාරාමාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමි කපා කොටා ඝාතනය කිරීමට සැක පිට රිමාන්ඩ් බාරයේ සිටින මොරටුව උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර බන්ධනාගාර නිලධරයන්ගේ රැකවල් මධ්‍යයේ අද මාසික සභා රැස්වීමට පැමිණියේය.
පොලිසියේ විශාල පිරිසක් ද ආරක්ෂාවට යොදවනු ලැබ සිටිති.
මීට පෙරද සභා රැස්වීමට සහභාගීවීමට ඔහු පැමිණියත් විරෝධතා නිසා ඊට ඉඩ නොලැබිණි.
(ඡායාරූප සිරි මහබෙල්ලන)
(ඡායාරූප රේඛා තරංගනී ෆොන්සේකා)
(උප පුරපති මුලසුණට පැමිණ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකත් තව විහිළුවක් වගෙයි අපිට (නි)
අප රටේ ඇති නීතිය හා,, මා දැනට ජීවත් වන රටේ නීතිය හා සැසදීමේදී අහසට පොලව මෙනි; එම රටෙහි මරණ දඩුවම ක්‍රියාත්මක නොවේ.නමුත් පොලිසිය මගින් චෝදනා පත්‍රයක් සකස්කර උසාවියට සැකකරුවෙකු ඉදිරිපත් [පොලිසිය ආවට ගියාට චෝදනා ඉදිරිපත් නොකරඊ. සාක්ෂි එකතු කර, සමහරවිට සැකකරු දෙස මාස ගන්නන් විමසිල්ලෙන් සිටි .] නොකරඊ . සැකකරුවෙකු උසාවියට ඉදිරිපත් කලපසු ඔහුව බේරා ගැනීමට මොන තරම් දක්ස පෙරකදොරුවකුටවත් බැරිය. මේ රටේ නිතිය ක්‍රියාත්මක වන්නේ ඒ ආකාරයටය. (අ)
රජයේ වේවා පුද්ගලික අංශයේ වේවා යම් චෝදනාවකට ලක් උනාම පරීක්ෂණ අනුව චෝදනාවෙන් නිදහස් වෙනකම් වැඩ තහනම් කරනවා ඕනම රැකියාවක.මෙයාලට මොකද මේක වලංගු නැත්තේ.මෙයාලත් කරන්නේ රජයෙන් වැටුපක් හා වරප්‍රසාද ලබන රැකියාවක් නේද මහජන සේවකයෝ කියලා කියා ගත්තට..මෙයාලා නැතුව සභාවක් ගෙනියන්නම බැරිද..මොනවද මේ විහිලු... (ස)
'එහෙම කියන්න එපා. මෙයා දේසපාලකයෙක්. එයාට අයිතියක් තියෙනවා (අ)
කොන්දක් තියෙනවා නම් රැස්වීම් වලට එන්නේ නැතුව අස්වෙලා යන්න නම්බු තියාගෙන. ජනතාවට සේවය කරන්න හිරේ ඉදගෙන එන්න ඕනෑද (නි)
මොකක්ද බොලේ මේ නීතිය? (නි)
සජිත් තමා ඉන්න හොඳම කෙනා.වෙන කවුද ඉන්නේ. (ස)
ඡන්දෙ දීපු අපියි මෝඩයෝ (නි)
මෙවැනි පුද්ගලයන්ට මෙවැනි අන්දමට හැසිරෙන්න දීම නීතියටත් අපහාසයක් අපේ රටේ සංස්කෘතියටත් අවනම්බුවක්. අපරාධකාරයන් වන අයට කොහොමද මහජනයා ගැන හෝ වෙන යම් මනුෂ්‍යන් ගැන ගෞරවනීය කැක්කුමක් තිබෙන්නේ. මේ වගේ අය තබාගෙන ඉන්න පක්ෂවල නායකයින් ඉස්සර ඉතිහාසයේ හිටපු එළාර රජ්ජුරුවෝ උදාහරණයකට ගන්න කියලා අපි කරුණාවෙන් ඉල්ලනවා. (ස)
දැන් ලංකාවේ දේශපාලනයේ ඉන්න බහුතරයක් හොරු, මිනීමරුවෝ, කුඩු බිස්නස්කාරයෝ, සල්ලාලයෝ, හරක් හොරු,ගනිකා මඩම්වල හිමිකරුවෝ, කසිප්පු මුදලාලිලා, දේශද්‍රෝහියෝ, ජාතිද්‍රෝහියෝ සහ මේ හා සමාන අය. මේ අයගෙන් රටට ඇති යහපත මොකද්ද? දෙවියෝ ඉන්නවා නම් මේවා ගැන බලාගනිත්වා (නි)
මේ රටේ ( දැන් ) වෙන මේ පිස්සු වැඩ දැකලා මටත් බාගෙට පිස්සු වගේ. දෙපැත්තෙන්ම හිනා යනවා. (නි)
මේකට තමයි කියන්නෙ ලංකාවෙ තියෙන්නෙ අමුතු නීතියක් කියලා (නි)
කොයි ප්‍රසාදුත් අප්‍රසාද්ලා බවට පත්වෙන්නේ රටේ නැති නීතියක වලංගුභාවය ගැන කට දාන්න ගිහිල්ලා. මහා දවාලේ දෙනෝ දාහක් මැද ෂූට් කියලා මිනීමරපු අයගේ දුක සැප හොයලා බැලුවා නම් එතනින් එහාට වෙන මොන කතාද? අනේ කාලේ වනේ වාසේ! (නි)
මීට කලිනුත් මෙවැනි සිද්ධි මම දැකලා තියෙනවා (නි)
අනේ ඉතින් මෙයාලට ගිය රට... (ස)
ඕඩර්..ඕඩර් උසාවිය නිශ්ෂබ්ද වන්න!.විත්තිකරු තවමත් සැකකරුවෙක් පමණයි. (නදී)
නුසුදුස්සන් පන්නමු (නි)
මේ නඩුව විභාග කරන්න මොකද මෙච්චර ප්‍රමාද? (නි)
හිර ගෙදර හිටපු බවක් නම් පෙනෙන්න නැහැ (නි)
මොහු සමග එකට සිටින අනිත් අය රෙදි ඇදගෙනද ඉන්නේ? (නි)
මේ සත්‍යා, මේ ලෝකෙට පහල වෙලා තියෙන්නේ මහින්ද මහත්තයා ජනාධිපති උනාට පස්සේ වගේ පෙන්නේ..ඇත්තටම වයස කීයද? පහුගිය ආණ්ඩු කාලවල් වල කොහෙද හිටියේ ..අපිනම් ඉතින් 70 දශකයේ ඉඳලා මේ දේසපාලන රටාව අත් විඳලා යම් දෙයක් ගැන බලන්නේ පහුගිය කාලවල් වල උණු දේවල් එක්ක සංසන්දනය කරලා ඒවාට සාපේක්ෂව..උතුරු මුදට වැලිවේරියේ මිනිස්සු අතුරුදන් කරවලා මිනී පා කරවපු මනුස්සයා.. එලිපිටම ගල් පැලෙන බේගල් ඇදබාන මනුස්සයා මේ රටේ නීතියක් ගැන අහනවා..අනේ සත්‍යයෝ නම වෙනස් කර ගනින් බං..නම දැක්කමත් දැන් හිනහා යනවා වැලිවේරියේ කතාවෙන් පස්සේ.. (ස)
මේ වගේ දේ වලදී මේ අය නඩුව ඉවර වෙනකම් සභා රැස්වීම් වලට එන එක නවතාලන්න නීති සම්පාදනය කල යුතුයි. නැත්නම් මේක විහිළුවක් වෙනවා. (ස)
ලෝකයාම හිනස්සන වැඩ. මේ වගේ මැරයොත් එක්ක ඉඳගන්න අයටත් ලැජ්ජාවක් නැහැ. මැරයන්ට කොහොමත් ලැජ්ජාවක් නැහැ. (ස)
මේක ලොකු වැරදීමක ප්‍රතිපලයක්. හෙට අනිද්දා ඇත්ත එලිවේවි. (ස)
එහෙම කියන්න එපා. මෙයා දේසපාලකයෙක්. එයාට අයිතියක් තියෙනවා මිනී මරන්න. (ස)
කෙනෙක් වැරදිකරු වෙනතුරු නිතිය ඉදිරියේ ඔහු නිවැරදි කරුවෙක් එම අයිතිය සැමට තිබිය යුතුයි (අ)
මේවගේ අය මොකටද රැස්වීම් වලට .? (අ)
රිමාන්ඩ් භාරයේ හිටියත් බලන්න ජනතාවට සේවය කරන්න තියෙන උවමනාව. මොරටු ජනතාව නම් හැබෑම වාසනාවන්තයෝ. (අ)
අනේ මගේ කට.." මෙච්චරයි අඩු (ස)
බුද්ධ දේශයේ බුදු පුතෙක් ආනන්තරීය පාප කර්මයක් කරලා .රට හදන පුටුවක වාඩිවෙලා .මටම ටොක්කක් ඇන ගන්න හිතෙනවා. (ස)
රිමාන්ඩ් බන්ධනාගාරේ හෝ හිරේ හෝ දමන්නේ සමාජයේ නොසිටිය යුතු තැනකට කෙනෙක් පත් වූ විටය. එවැනි පුද්ගලයෙක් පුරවැසියා නියෝජනය කෙරෙන පුරහල් රැස්වීමකට සහභාගීවීමට නෛතිකව වාරණ යෙදිය යුතුය. (ස)
බන්දුල පෙරේරා.හීනයක්වත් දැකලද නැගිට්ටේ?නැත්නම් උතුර දකුණ මාරු වුණාවද්ද? (නි)
අර නිල ඇඳුම ඇදගෙන ඉන්න අයගේ කොඳු කඩලා බව පේනවා. ඇකිලිලා ඉන්න හැටියෙන්ම. මේක තෙවරක් බුදුන් වැඩි දේශයයි. (ස)
මේ ශ්‍රේෂ්ඨ උත්තමයා නගර සබාවේ සිටියයුතු පුද්ගලයකු නොවේ,කෙසේ හෝ පාර්ලිමේන්තු යවමු,සුබ අනාගතයක්!(නි)
මේ වගේ දේව දත්තයින් ජනතාව අතරට එනවා දකින්න තරම් අපේ ඇස් පව් කරලා තියෙන හැටියක්... (ස)
මෙයා තාම සැකකරුවෙක් පමණයි. (නි)
ආ...මේක සුළු මිනීමැරුම් කේස් එකක්නේ.... (නි)
ප්‍රසාද්, ඔවුන් කොහොමද අහිංසක වෙන්නේ? නීතිය විහිලුවට ගිහින්. (නි)