මොරටුව එගොඩඋයන සුනන්දෝපනන්ද විහාරාධිපති මැටිගැහතැන්නේ විමලවංශ හිමි කපා කොටා ඝාතනය කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින මොරටුව උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාරගේ ඇප අයදුම පානදුර මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය අද ප්‍රතික්ෂේප කළාය.
රජයේ නීතීඥ චමල්කා සමරසිංහ මහත්මිය පැවසුවේ සැකකරුට ඇප ලබාදීමට තමා විරුද්ධ වන බවයි.
සැකකරුට ඇප ලබා දුනහොත් සාක්කිකරුවනට බලපෑමක් විය හැකි බවත්, මොහු දේශපාලනඥයකු නිසා ඇප ලබා දුනහොත් මහජන කැළඹීමක් ඇති විය හැකි බවත් පැවසූ විනිසුරුවරිය මේ අවස්ථාවේ ඇප ලබා දිය නොහැකි බව ප්‍රකාශ කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇප දෙන්න එපා. (නි)
මෙවැනි අයට ඡන්දෙ දෙන මිනිසුන්ට මොලයක් කියලා දෙයක් නැද්ද මන්දා. අනික මෙවැනි මිනිස්සු ඡන්දෙට ඉදිරිපත් පක්ෂවල නායකයින් ඒ ගැන හිතන්නෙ නැද්ද? ඉස්සර දේශපාලකයින් එම අතින් උතුම් ය. අදටත් ගෞරවයෙන් සැළකිය යුතුය (නි)
නිවැරදි සහ නිර්භීත තීන්දුවක් දුන් විනිසුරු තුමියට මගේ ආචාරය. (ස)
හොද තීරණයක්.(නදී)
මොවුන්ට ඇප නෙවෙයි දිය යුත්තේ. පාප්ප වලට සීනි දමා ඇඟ පුරා තවරලා කූඹි ගොඩේ ගැට ගසා තිබිය යුතුයි. (ස)
අනිවාර්යෙන්ම පැමිණිල්ලේ ශාක්ෂි විමසා අවසන් වන තෙක් මොවුන් රිමාන්ඩ් භාරයේ තැබිය යුතුයි . නැත්තම් සාක්ෂි කාරයෝ දිවුරුම් ප්‍රකාශ මගින් සාක්කි ඉල්ලා අස්කර ගනී.(නදී)