මොරගහකන්ද, කළුගඟ ව්‍යාපෘතිය යටතේ නිවාස අහිමි වූ පවුල් 3500ක් පමණ පිරිසෙන් පවුල් 1233 ක් යළි පදිංචි කර ඇති බවත් පෙර තිබුණාටත් වඩා හොඳ ජීවන තත්ත්වයක් ලැබී තිබෙන බව ද නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා කියයි.

තවත් පවුල් 1850ක් ලබන මාසය තුළ නැවත පදිංචි කරවීමට නියමිතය.

පවුල්වලට නිවාස ඉදිකර ගැනීම සඳහා රුපියල් ලක්‍ෂ 2 බැගින් වන්දි  දුන් බව ද කියා සිටියේය. එලෙස ඉඩම් ලබාදී ඇති අනුපවුල් සංඛ්‍යාව 350කි.

කළුගඟ ජලාශයේ බැම්මෙහි නිදන් වස්තු තැන්පත් කිරීම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම මස 25 වැනි දා සිදුකිරීමට නියමිත බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය.

මොරගහකන්ද ජලාශයට ජලය පිරවීම මෙම වසරේ ඔක්තෝබර්, නොවැම්බර් මාසවල ආරම්භ කර එය දෙසැම්බර් මාසයේ විවෘත කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු කීවේය.

DSC_0726