මොරගකන්ද ජලාශ යෝජනා ක්‍රමයේ පස් කපන අතරේ මහා පරිමාණයෙන් පතල් කපතියි කියන තොරතුරු ලැබී ඇතැයි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය කියයි. ඇලහැර කිරිඔය දිගන්නාව විල්ලුව කන්ද පාමුල පතල් කපා ඇත.
කාලයක සිට මහවැලි අධිකාරිය මොරගහකන්ද හා කළුගඟ ඉදිකිරීම් සදහා පස් බොරළු කපයි.
මැණික් සහිත ඉල්ලම් ද පස් වෙනම හාරති යි ද මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට පැමිණිලි ලැබී ඇත.

![DSC04054[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/11/DSC040541.png)
![DSC04058[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/11/DSC040581.png)
![DSC04074[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/11/DSC040741.png)
![DSC04091[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/11/DSC040911.png)
![DSC04108[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/11/DSC041081.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ පරිසර ඇමැති තාම පත්තරේ බලලා නැහැ (බ)
මෙතන ඉල්ලම් පස් තියෙනවා කියන ප්‍රවෘත්තිය ඇති දේශපාලුවන්ට මහපොළව උලා කන්න. වටිනා වස්තු තියෙනවා කියලා ඉපැරණි බෞද්ධ සිද්ධස්ථාන කඩා බිඳ දාලා නිධන් හාරන්නෙත් ඔය වගේ දේශප්‍රේමියෝම තමයි. ඔවුන්ගේ ගෝල බාලයෝ වැඩේ දිගටම කරගෙන යනවා "හම්බවුණාම ගාස්තු ගෙවන" ක්‍රමයට. (නි)
කවූද පරිසර ඇමති? නොදන්නා නිසයි මේ අහන්නේ (නි)
දේශප්‍රිය, ඒ උත්තමයන්ට ඕවා බලන්න වෙලාවක් නැහැ. (නි)
ඔන්න ඔහේ තව ටිකක් හාරා ගත්තාවේ. තේ එකක් එහෙම බීලා හෙමිහිට ගිහින් බලන්න බැරියෑ. හදිස්සියක් නැහැ. (නි)
මොවුන් ලංකාවම කනවා. මොවුන්ට ආත්මයක් තිබේද? (නි)
එයාගෙයි අරයගෙයි අය තමයි ඕවා කරන්නේ කිව්වට, කෑගැහුවට වැඩක් නැත. පත්තරේ බලලා දැනගත්තත් ඒ ඇති (නි)
පරිසර ඇමතිට මේවා මැඩපවත්වන්න බැරිද? (නි)
ලොක්කා තාම පත්තරේ බලලා නැතුව ඇති (බ)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
මේවා නවත්වන්න පියවර නොගෙන මේකටත් කොහෙන්හරි මහින්දව ගාවගන්න බලයි (නි)
අදාළ ඇමතිතුමාලට ඕවා ගැන හොයන්න වෙලාවක් නැහැ (නි)
එක ගලින් කුරුල්ලෝ දෙන්නෙක් අල්ලන්න වගෙයි හදන්නේ (නි)
පරිසර හිතකාමී කෙනෙක් තමයි ඕක කරන්න ඕඩර් එක දෙන්න ඇත්තේ (නි)
මේ වගේ වැඩවලටනම් කිසිම පක්ෂ පාට, ඒකාබද්ධ, ඒකා නොබද්ධ කියල කිසිම ප්‍රශ්නයක් නැතුව දියවන්නාවේ උදවියගේ ආශීර්වාදය ඇතුව ඔවුන්ගේ ගෝල බාලයෝ බොහොම සහයෝගයෙන් සහභාගී වේවි. ඇයි සල්ලි නේ !!!! (බ)
මේකත් මම හිතන්නේ මේ ඊයෙ පෙරේදා ඉන්දියාවේ ගිය ටිකට කවුදෝ නරුමයෙක් හාරන්න ඇති. දැන් ලංකාවට ඇවිල්ලනේ ඉන්නේ. අපි බලමුකෝ (නි)
පැමිණිලිත් ලැබිල තියෙනවනම් තව ඇඹරි ඇඹරි ඉන්නේ නැතිව පියවරක් නොගන්නේ ඇයි (බ)
ලංකාවේ පරිසර ඇමතිට ලංකාවේ ඉන්න වෙලාවක් නෑනේ. ඉතින් මේ වගේ දේවල් වෙන එක අහන්න දෙයක්ද? (බ)
මේ සාහසික පාරිසරික ඝාතනය අපේ හදවත් කම්පනය කරයි. ලංකාවේ ඉදිරි වන සම්පත සහ වන ජීවී සම්පත අතීශය අවදානම් සහගත තැනක පසු වේ. සියලුම දේශපාලඥයින් විසින් රටේ පරිසරය විකෘති කිරීමේ පාපය ඔවුන් ගෙවිය යුතුමය. (බ)