මීරිගම ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම පෙරවරු 10.30ට පමණ ඇරැඹි අතර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ධම්මික අත්තනායක මහතා රීති ප්‍රශ්නයක් මතුකරමින් මාධ්‍යවේදීන්ට අසාන පැනවිය යුතු බව සභා සම්මත වී තිබියදී එම අසුන් ඉවත් කළේ ඇයි දැයි සභාපතිගෙන් විමසීය.
එවිට ප්‍රාදේශීය සභාපති ආනන්ද ප්‍රේමචන්ද්‍ර රණවීර පැවසුවේ තමා එවැන්නක් නොදන්නා බවයි.
එසේ නම් මාසික සභා රැස්වීම අවාරණය කිරීමට පැමිණෙන ලෙස මාධ්‍යවේදීනට ලිපි යැවුවේ ඇයිදැයි තවත් මන්ත්‍රීවරයකු විමසූ විට සභාපති පැවසුවේ එය ද තමා නොදන්නා බවයි.
මාධ්‍යවේදීන්ගේ අසුන් ඉවත් කර ඔවුන් දොට්ට දැමීම ගැන පැයක් පුරා මන්ත්‍රීවරු වාද විවාද කළහ.
ඉන් අනතුරුව ඊට විරෝධය දක්වා ප්‍රාදේශීය සභාවේ සියලු මන්ත්‍රීවරු සභාවෙන් පිටව ගියහ. සභාවේ සභාපති පමණක් මුලසුනේ ඉතිරි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාධ්‍ය නොවේ ප්‍රශ්නේ ඔකේ ඉන්න අනික් මන්ත්‍රීලගෙයි ප්‍රශ්නේ (දී)
නිමල්ලාලිත, අප වැනි කුක්කන්ට මෙතරමකින් වත් දායක වෙනවා හැර කල හැකි අන් යමක් තිබේද? ඔබගේ ප්‍රතිචාරයට මගේ නිහතමානී ආචාරය!!! (ස)
සභාපති වෙලත් මොකුත්ම් (අ)
සභාපති වෙලත් මොකුත්ම නොදන්නවා නම් සභාව කැදවපු එක ගැනවත් දැනගෙන හිටියද දන්නේ නැහැ. අනේ මෙයාගේ පින්තුරයක් එක්ක දන්නා තිබුනේ. අතර මගදී හරි මුණගැහුනොත් අදුරගන්න පුළුවන්නේ එතකොට.(අ)
කාටවත් ඕන විදිහට මාධ්‍ය හසුරවන්න බැහැ (දී)
අන්න හොදයි ...? අපේ ජනතාව වෙනුවෙන් ..අපිට ඉතිරි උනේ මාධ්‍ය වේදීන් පමණයි .. ඒ කටත් උඩ ගෙඩි දෙන අයව පුටුවල තියාගෙන ඇති වැඩේ මොකද්ද ? ගෙදර යවන් නැතුව ?(නදී)
නියම මාතෘකාව.(නදී)
දිගටම මම දන්නේ නැහැ කියාගෙන යනකොට කවුරුහරි වෙනමම විදියේ ප්‍රශ්නයක් ඇහුවා නම් .... (නි)
සාමාන්‍ය මාධ්‍යවේදීන්ට ඔයකියන සංග්‍රහ තමයි පළාත් සබාවෙයි රජයේ ආයතන වලයි.නමුත් ජනතාවගේ දරදිය අද අදින්නේ විපක්ෂයට වඩා මේ පිරිසයි!මොවුන්ට අසුන් තියා රටේ ඉන්නත් බැරි තත්වයක් උදාවෙලා තියෙන්නේ (නි)
තමන් ඔවැනි තනතුරුවලට පත්වන්නට පෙර සිටිය තත්වය, පරිසරය අමතක කරන, තම සංස්කෘතිය, සභ්‍යත්වය, හැදියාව, පයිසයකට තරම්වත් මායිම් නොකරන, ගුරුවරු, දෙමවුපිය,අඹුදරු ඇතුළු හත්මුතු පරම්පරාවට පමණක් ම නොව ගෙදර සුනඛ පෝතකයාටත් පවා නිගා දෙන දුෂණය,වංචාව,කලුසල්ලි අතපත ගෑමට ඇති මිහිරියාව,අසාධාරණය,ස්ත්‍රී සහ ළමා අපයෝජනය, වැනි එකී මෙකී නොකී ක්‍රියාවල යෙදෙමින් සමාජය දැඩි සෝදාපාලුවකට යොමුකිරීමේ නිරතවෙමින් අස්මිමානය කරපින්නාගත් ආත්මාර්ථකාමී මෝඝයින් ඔවැනි තනතුරුවල සිටිනතාක් කල් ආසියාවේ ආශ්චර්යයේ නිම් වළලු කවදා කෙසේ පුළුල් කර ගත හැකිදැයි සිතීම පවා ලොකුම ලොකු ප්‍රස්නාර්ථයකි.(නදී)
රාජ, මේ වගේ උන් හැඳින්වීමට මේ වචන ටික ගලපා ගැනීම සහ අදහස ඉදිරිපත් කළ ආකාරය ගැන ඔබට ස්තූතියි. (ස)
මෙයාලා මොනවත් දන්නේ නැහැ.මොනවට ඔතන ඉන්නවද මන්දා (ස)
රාජගේ අදහසට 200% ක් එකගයි. මීරිගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් දංඕවිට පිහිටි කර්මාන්ත ශාලාවක අනවසර දර බොයිලේරුවක් ඉදිකර අවට ජනතාවට මහත් පීඩාකාරී ලෙස පවත්වාගෙන යනවා. එය පැමිණිලි කිරීමෙන් පසුත් කිසිම පරිසර ඇගයීමක් නොකර ඊට අවසර දෙන ලදි. දැන් තවත් රතුපස්වලක් මෙහි නිර්මාණය වෙමින් පවතී. (නි)
ඔබේ තනියට මම ඉන්නද රෙද්ද වන වනා..(අ)