රඹුක්කන - කොළඹ දුම්රියක් හා මීරිගම සිට රඹුක්කන දෙසට ධාවනයවූ දුම්රිය ඇන්ජිමක් මීරිගම විල්වත්තේදී ගැටීමෙන් තුවාල ලැබූ සිව්දෙනෙක් මීරිගම රෝහලට ඇතුළු කරනු ලැබූහ.
තුවාලකරුවන් අතර කාන්තාවන් දෙදෙනෙක් ද සිටින බවත් මීරිගමින් එහාට දුම්රිය ගමන් නොකරන බවත් දුම්රිය පාලන අධිකාරිය කියයි.
COMMENTS
ආනන්ද කියන දේ අදාළයි. මොකද විල්වත්ත බිහිසුණු දුම්රිය අනතුරු කිහිපයක් සිද්ධවුණ තැනක්. (නි)
මීරිගම විල්වත්ත කියන්නේ 1964 දී, ලංකාවේ මෙතෙක් සිදුවුන බිහිසුනුම දුම්රිය අනතුර සිදුවුන ස්ථානයයි. එදා කුඩා ළමයෙක්ව සිටි මම ඒ අනතුරේ බිහිසුණුකම සියැසින්ම දුටුවා.(හේ)
ආනන්ද, ඔබ කියන දේ මෙතනට අදාළ නැහැ කියලා මම හිතනවා (නි)
ආනන්ද, මගේ පියා පාන්දර මීරිගම රෝහලට යනකොට 1964 එම අනතුර දුටු බවත් බිහිසුණුකම ගැනත් අප කුඩාකල කිවුවා මතකයි. ඊටපසු මෑතකදිත් ඔතන බලවේග කට්ටල දුම්රිය දෙකක් ගැටුණ බව මතකයි. එතන විශාල වංගුවක් සහිත තැනක්. (නි)