“වත්මන් රඡයෙන් රටේ ජනතාව මීට වඩා දෙයක් බලාපොරොත්තු වුවත් ඒ දේවල් සිද්ධ වු නැති නිසා ජනතාව කබලෙන් ලිපට වැටුනා දැන් මොකද කරන්නෙ කියා මිනිස්සු මගෙන් අසනවා. ‍ඔයාලා කතිරෙ ගැහුවනම් වෙන දේ බලාගෙන ඉන්න” කියා ඔවුනට තමන් පැවැසු බව  ගැටබේ රාජෝපවනාරාමාධිපති කැප්පිටියාගොඩ සිරිවිමල හිමියෝ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ට පැවැසුහ.

මෙසේ පැවැසුයේ සිරිවිමල හිමියන්ගේ අප්‍රේල් 4 වැනිදාට යෙදෙන ඡන්ම දිනය වෙනුවෙන් සුභ පැතිම සදහා  පේරාදෙණිය ගැටබේ රාජෝපවනාරාමායට රාජපක්ෂ මහතා පැමිණි අවස්ථාවේදීය.

සිරිවිමල හිමියයෝ හිටපු ජනපතිට

“දැන් ව්‍යවස්ථාවක් ගේන්න හදනව ඒකට මොනා ඇතුල් කරල තියෙනවද දන්නෙ නැ.හාමුදුරුවන්ට පනතක් ගෙනාව ඒකට මුලින්ම විරුද්ධ උනේ මම. ඒක නිසා යාන්තම් ඒක නතර උනා. ඒකෙ තියෙන්නෙ වෙන ජාති. ඉස්සර වෙලා මේගොල්ලන්ට ‍ඕන වෙලා තිබ්බෙ මුලින්ම හාමුදුරුවන් හිර කරන්න.ඒ හාමුදුරුවන් හැමදේටම ඉස්සෙල්ල එන නිසා දැන් ඓහෙම බැරි උන නිසා දැන් නිකං හිර කරනව.

රටේ තත්වය ගැන නම් සතුටු වෙන්න පුලුවන් කමක් නැ. දැන් ජනතාව කියනව පරණ එක්කෙනා හොදයි කියලා. දැන් ජනතාව කොහොම හරි පරණ එක්කෙනාව ගන්න තමයි මහන්සිය නමුත් ඒකට වැඩ පිලිවෙලක් නැති එක පාඩුවක් හිටපු දේශපාලකයන් කපටි කමට රජයට එකතු උනා. ඒවට එයාලා කපටි උනාට රට ගොඩනගන්න කපටි කමක් නැ. රටේ ප්‍රශ්න ගොඩනැගෙන්න හේතුව උපදේශකයන්ගෙ වැඩ නිසා ඔවුන් උපදේශකකම් කරන්නෙ තමාගෙ බඩ වඩා ගන්න මිසක් රට ගොඩ නගන්න නෙමේ”

යැයි පැවසූහ.

මහින්ද රාඡපක්ෂ      :

රජයට උපදේෂකයන් වැඩියි. මතවාද දෙකක අපේ හාමුදුරුවනේ මේගොල්ලො ඉන්නෙ. එක්සත් ජාතික පක්ෂය එක මතවාදයක.ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තව මතවාදයක හොදටම පේනව මේ දෙගොල්ලන්ගෙ පරස් පර විරෝධීඅදහස්

සිරිවිමල හිමියන්      :

නමුත් ක්‍රියාත්මක වෙන්නෙ එක්සත් ජාතික පක්ෂයේ අදහස්. අපි මෙහෙ උඩ බලාගෙන ඉන්නව මොකද වෙන්නෙ කියල.රට අඝාදයට ගිහිල්ල ඉවරයි. මේව වෙනස් උනොත් අපහු ගොඩ ගන්න ලැබෙන්නෙ නැහැ.එන මිනිහෙකුට කරන්නත් බැහැ.

මහින්ද රාඡපක්ෂ      :

මේ චෝදනා හැමඑකකින්ම බේරෙන්න එයාලා කියන්නෙ, ‘ආ මේව මහින්ද රෙඡිමේන්තුවෙ වැරැද්ද’ මේව හැමදාම කියන්න බැහැ. දැන් අවුරුද්දකුයි මාස 4 ක් ගියා.

සිරිවිමල හිමියන්      :

ඒ අය දැන් ඔක්කොම එකතු වෙලානේ.

මහින්ද රාඡපක්ෂ      :

එයාල දිනුම ගන්න විතරක් ඉදල බැහැ. දිනුමයි චෝදනයි දෙකම භාර ගන්න ‍ඕන.

සිරිවිමල හිමියන්:

ඡනාධිපතිතුමා ආව එස්.බි. දිසානායක, මහ ඇමැතිතුමා, නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද සමරසිහ මහත්තයලා එක්ක. මම කිවුව මෛත්‍රිපාල ඡනාධිපතිතුමාට ඔබ තුමාට වෙන්නෙත් හිටපු ජනපති තුමාට වෙච්ච දේ ඒ නිසා පරිස්සම් වෙන්න මුන්ගෙන් කියලා.

මහින්ද රාඡපක්ෂ :

සමහර අය අපේ ලගට ආවේ ‘ඔබතුමා ඉන්නකම් විතරයි අපි දේශපාලනය කරන්නෙ. අපි ආවෙ ආයි වෙන එකකට යන්න නෙමේ. ශ්‍රි ලංකා එකේ ප්‍රතිපත්ති වලට නෙමේ ආවෙ ඔබ තුමාගෙ ප්‍රතිපත්ති වලට’ කියල ආපු අය දැන් මඩ ගහ ගහ ඉන්නව. අවස්ථාවාදීන් අපේ හාමුදුරුවනේ.

සිරිවිමල හිමියන්:

මම මෛත්‍රිපාල ජනාධිපතිතුමාගෙන් ඇහුව ඔබතුමා දැන් වසර එකහමාරක් මොකක්ද කලේ මේ රටට. ඔබතුමා දැන් ඔය කරන වැඩ කරන්නද ගියේ. මහින්ද මහත්තයගෙ පුතා ගෙනල්ල රිමන්ඩ් කරනව දවස් 10 තියනවා. ආපහු දවස් 10 කින් එලියට ගන්නවා. මිනිස්සුන්ගෙ කුතුහලය අවුස්සනවා. ඊලගට ආපහු දවස් 10 ට දානව ඕවද කරන්න ගියේ ඕව නෙමේනේ කරන්න ගියේ බොරු වැඩ කරන්න එපා කියල.

මහින්ද රාඡපක්ෂ :

මට දැන් ඕව පුරුදුයි හාමුදුරුවනේ. ඕවා මට දැන් ප්‍රශ්නයක් නැහැ. මාව ඔය වගේම හිරේ දැම්ම මාස තුනක් දෙපාරක් මේක පුදුම මානසික වදයක් අපෙ හාමුදුරුවනේ. වෙන දේකට වෙලාව යොදවන්න වෙලාවක් නැ.

සිරිවිමල හිමියන්:

කවුරුත් එකතු වෙලා සාකච්ඡාවක් කරල පිළිවෙළක් උනොත් හොදයි. එහෙම නොවුනොත් රට විනාශ උනොත් කිසිම කෙනෙකුට ගොඩ ගන්නට බැරි වෙනව.

මහින්ද රාඡපක්ෂ :

දැන් බලන්න හාමුදුරුවනේ බෝම්බ හම්බවෙනව, මරාගෙන මරෙන ඇඳුම් හම්බවෙනව, ජනතාවට කිවුවට කමක් නැ මෙච්චරයි අඩුවෙන් හම්බ උනේ කියලා. නමුත් රඡයක් වශයෙන් ගැඹුරෙන් කල්පනා කරල  බුද්ධි අංශ ක්‍රියාත්මක කරන්න ඕන, දැන් බුද්ධි අංශ භාගයක් හිරේ. තව කට්ටියක් කිලිනොච්චියෙ යුනිෆෝම් දාගෙන නිකන් ඉන්නව, ඒ වගේ තත්වයක් ඇති වෙලා බුද්ධි අංශය අක්‍රිය උනොත් රටට ආමාරු තත්වයක් ඇතිවෙනව මෙයාලට ඒක තේරෙන්නෙ නැහැ. යුද්දයක් තිබුනත් නැතත් බුද්ධි අංශ ක්‍රියාත්මක වෙන්න ‍ඕන.

කොහොම නමුත් මේක භයානකයි මේක පොඩි පණිවිඩයක් මේව පරණ ඒව වෙන්න බැ. ඔය ඒරියා එක පරික්ෂා කළ ඒරියා එකක්. අවස්ථාව ආවම එයාල නැගිටිනව. මම අගමැති තුමාගෙන් ඇහුව මොකක්ද මේකෙ සත්‍ය තොරතුරු කියල.සොයල බලල කියන්නම් කිවුව එතුම ඒ වෙලාවෙ දන්නෙ නැ මම හිතන්නෙ.

සිරිවිමල හිමියන්:

අපි හැමෝම හිතන්න ‍ඕන රට ගැන අපි ගැන නෙමෙයි. අපි නම් හිටිය මැරිල ගියා ඉවරයි, රටේ අනාගතයට මොකද වෙන්නෙ මම කිවුව ඒ හින්ද රටේ ජනතාව කොන්ත්‍රාත් එකක් දිල තියෙන්නෙ අවුරුදු පහකට ඒක හරියට කරන්න. ‍ඕන නැත්තම් රට විනාශ වෙනව හරියට කොන්ත්‍රාත් එක කරල අනිත් එන කෙනාට රට භාර දෙන්න ‍ඕන කියල.

මහින්ද රාඡපක්ෂ :

නුවර හයිවේ එකත් ඉවරයි. දැන් අපිට පැය 4 ක් ගියා මෙහාට එන්න, අපි හැදුවා නම් හයිවේ එක මෙහාට ඇවිල්ල. දැන් ඔක්කොම නතර වෙලා.

සිරිවිමල හිමියන්:

සංවර්ධනය ඔක්කොම නතර උනා. හදපු එකත් වැහුව, කඩාගෙන කඩාගෙන යනව.

 

සිරිවිමල හිමියන්  හමුවූ පසු හිටපු ජනපති මධ්‍යයට අදහස් දැක්වීය

ඕනැම ආණ්ඩුවක යුතුකමක් තියෙනව රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්න. මම හිතන්නෙ මේ රජයත් එහෙම විය යුතුයි කියල. යම් යම් ආරංචි එනකොට යන්තම් ලිස්සල යවන්නෙ නැතුව මේව පිලිබදව වඩාත් ගැඹුරට හිතල කටයුතු කරන්න මම හිතනව මේක ලිහිල් බවත් පෙන්වන එක එක පැත්තකින් හොදයි ජනතාව කලබල නොකරන්න.

මෙය ත්‍රස්තවාදයේ පටන් ගැනිමක් කියල ඔබතුමා පැවසුවා. ඒ ඇයි යනුවෙන් මාධ්‍යවේදියකු ප්‍රශ්න කළ විට රාඡපක්ෂ මහතා පැවැසුයේ

මම මුල ඉදන්ම කිවුව මේක අද ඊයෙ කියපු එකක් නෙමෙයි. බුද්ධි අංශ විසුරුවා හරිනකොට හමුදාව ඉවත් වෙනකොට නෑ මේව ක්‍රියාත්මක වෙනව ඒ නිසා බුද්දි අංශ ක්‍රියාත්මක වියයුතුයි කියල. බුද්ධි අංශ යම් යම් සිද්ධින් උඩ ඉවත් කරලා ඒ පිළිබඳ අවධානය අඩු කලොත්, පළපුරුදු බුද්ධි අංශ නිලධාරින් හිර භාරයට ගත්තොත්, ඒ අය ඉවත් කරල පාරෙ ඩියුටි වලට දැම්මොත්, ඒ වෙනුවට නවකයන් දැම්මොත්, නවකයන්ට තොරතුරු හරියට එයිද? කියල කියන්න අමාරුයි. ඒ පිලිබද ව රජයේ අවධානය යොමු නොවුන බව පසුගිය කාලයෙදි ජනතාවට හැඟිල තියෙනව. ඒකයි ප්‍රශ්නය ජනතාවගේ ඒ තියෙන හැඟීම මේ රජය අඩු කරන්න ඕන.

මේ සම්බන්දව ගන්නා පියවර කුමක්දැයි ප්‍රශ්න කළ විට

අපට විපක්ෂයක් හැටියට විවේචනය කර කර ඉන්න පුලුවන් නමුත් අපි විපක්ෂයක් හැටියට වගකීමකින් කටයුතු කළ යුතුයි මේ වගේ වෙලාවකදි.රජයේ අවධානය යොමු නොවනකොට තමා අපට මේක ජනතාවට කියන් වෙන්නෙ,

පසුගිය කාලයේ  අය ඡිනිව යද්දි රට විවේචනය කරන්න ඡිනිව යනවා කියල ඔබතුමාලා චෝදනා කලා දැන් ඔබලා යනවා කියා ඇසු විට රාඡපක්ෂ මහතා මෙසේ පැවසුවේය.

මේ කට්ටිය ඡිනිව ගියේ පාර්ලිමේන්තු ක්‍රියා කලාපය ගැන කියන්න පාර්ලිමේන්තුවේ අපි පනස් ගානක් ඉන්නව අපිට කතා දෙන්නෙ භාගයයි, විපක්ෂ නායකත්වය නැහැ. සංවිධායක කම් නැහැ. නමුත් අපි විපක්ෂයක් හැටියට අපි ජන්දය පාවිච්චි කරනවා. මේ ආන්ඩුවට, කතා කරනව අදහස් ප්‍රකාශ කරනවා නමුත් ඒ අයට පිලිගැනිමක් නැහැ කතානායක විසින් ඔවුන්ව පිළිගන්නෙ නැහැ. ඒ නිසා තමා අන්තර් පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කරන්න ගියේ. ඒ බව ඔවුන්ට කියා සිටිම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ වගකිමක් හැටියටයි එසේ කරල තියෙන්නෙ.

රටේ ආරක්ෂාව සම්බන්දයෙන් රජයට යම් සහායෝගයක් ලබා දෙනවාදැයි මාධ්‍ය වේදියෙකු ඇසු විට මහින්ද රාඡපක්ෂ මහතා පවසා සිටියේ

එයාල ගන්න පියවර මොනාද කියල බලන්න ඕන, ඒ පිලිබදව රජය ගන්නා පියවර සම්බන්දව අපි සැහිමකට පත්වෙන්න ඕන, ඒක නිසා ඉන්න දේශපාලකයන් අල්ලල හිරේ දාල නඩු පවරන එක නෙමෙයි ඒකට කරන්න ඕන,

පක්ෂයෙ නායකයො තුන්දෙනා එකතු වෙලා කටයුතු කරන්න ඕන කියලා මහනායක හිමිවරු ජනතාවට කියනවා. ඔබ මේ ගැන කියන්නෙ කුමක්දැයි ඇසූ විට

‘බලමු බලමු ඒව, කවුද නායකයො, චන්ද්‍රකාද? අපෝ.......’ යැයි රාඡපක්ෂ මහතා කියා සිටියේය.

මෙම අවස්තාව සදහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රින් වන ලොහාන් රත්වත්තේ,දිලුම් අමුනගම යන අයද සහභාගි වුහ.

L-1-IMG_3752 L-3-IMG_3727 L-5-IMG_3731 L-7-IMG_3738 L-10