IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මැරකල්ලිය ආවේ යතුරු පැදි වලින්

එක්සත් ජාතික පක්ෂයේ වයඹ පළාත් සභා අපේක්ෂක අශෝක් ප්‍රියන්ත මහතාගේ ප්‍රචාරක කටයුතුවල යෙදී සිටියදී යතුරුපැදි දෙකකින් ආ මැර කල්ලියක් එස්.එච්.එන්.සෙනෙවිරත්න නම් ප්‍රචාරක සහකරුවාගේ හිසට ද අත් පා වලට ද කඩු පහර එල්ලකළ බව එක්සත් ජාතික පක්ෂය පවසයි. තුවාල ලැබූ ප්‍රචාරක සහකරුවා කොළඹ ජාතික රෝහලට ගෙන ඒමේ සූදානමක් ඇතැයි ද දැනගන්නට තිබේ.



අදහස් (0)

මැරකල්ලිය ආවේ යතුරු පැදි වලින්

මනෝජ් Sunday, 01 September 2013 12:08 PM

ආශ්චර්යමත් රටක් කියලා නම යෙදුවේ ඕකට වෙන්න ඕන .බෞද්ධ රටක්. (ස)

:       0       0

වීර Sunday, 01 September 2013 01:30 PM

සිංහල රාජාණ්ඩු ක්‍රමය නැවත ස්ථාපිත කල යුතුය. (ස)

:       0       0

කසුන් Sunday, 01 September 2013 02:47 PM

අනේ අපේ සිරි ලංකාව ගිය කල (දී)

:       0       0

සිරි ලංකා Saturday, 31 August 2013 11:03 PM

දැන් කියයිද දන්නේ නැහැ තමුන්ම කොටා ගත්තා කියලා.අපේ සිරි ලංකාව ගිය කල! (නි)

:       0       0

අනුර පනාගොඩ මෙල්බෞර්නෙ Sunday, 01 September 2013 03:43 AM

මමත් ඉපදුනේ හැදුනේ මේ රටේ තමා. දේශපාලනයකට මේ විදියට ක්‍රියාකරන අය ඉන්න මේ වගේ රටක් ලෝකයේ වෙන කිසිම තැනක නැතුව ඇති (නි)

:       0       0

දුමින්ද Sunday, 01 September 2013 05:42 AM

මැර දේශපාලනය නම් අනිවාර්යයෙන්ම නතර කළ යුතුයි. දකුණු ආසියාතික අනිත් රටවලින් බෝවුනු කරදරයක් මේක. (නි)

:       0       0

උපාලි Sunday, 01 September 2013 06:09 AM

දේශපාලනය නමැති නිහීන බලු පොරයේදී බුරා පැනීම්, හපා කෑම, පහුරුගෑම් කෙළවරක් නැහැ. (නි)

:       0       0

පද්මසිරි Sunday, 01 September 2013 06:48 AM

පාර්ලිමේන්තුවේ මොන බලය තිබුනත් වැඩක් නැහැ. මනාප ගුණ්ඩුව නැතිකරන්න කිසිම නායකයෙකුට බැරිවුනා. මේ මනාප ක්‍රමය තියනතුරු ඔය වගේ සිදුවීම් හැමදාමත් අහන්න දකින්න ලැබේවි. බල තණ්හාවෙන් අනුවණකමින් මේ දේවල් සිදුවෙන්නේ. (නි)

:       0       0

ලාල් ජකර්තා Sunday, 01 September 2013 07:07 AM

1977 ඇතිකළ ක්‍රමයේ ප්‍රථිපල තමයි මේවා. (නි)

:       0       0

සරත් Sunday, 01 September 2013 07:55 AM

එහෙම නැතුව ඉතින් අශ්ව කරත්තවලින් එන්නේ නැහැනේ දෙවි දේවතාවන් වගේ! (නි)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 01 September 2013 07:56 AM

මේ තිරිසන්නු ගැන බලාගන්න අයියනායක දෙවියන්ට කියනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් අපිට ඉතුරු වෙලා නැහැ (නි)

:       0       0

පියල් Sunday, 01 September 2013 08:06 AM

1970 සිට මේ දක්වා වැරදි කරපු සහ වැරදි විදියට හම්බ කළ කිසිවෙක් දැන් ඉතිරිවෙලා නැත . එය සත්‍යයකි ! දැන් වැරදි කරන අයටද එය එසේමය. එබැවින් අපගේ සිත් අමාරු කරගන්න අවශ්‍ය නැත්තේ පාපතරයන්ගේ පව් අප කරගහන්න අනවශ්‍ය නිසාවෙනි (නි)

:       0       0

ලුම්බිණි Sunday, 01 September 2013 08:41 AM

මේක 77න් පස්සේ ඇති වුන දෙයක් නොවෙයි. 77න් පස්සේ වැඩි වුන දෙයක්. ලංකාවේ දේශපාලන ඉතිහාසේ දන්නා අය දන්නවා කවුද මැර දේශපාලනය පළමුවෙන්ම ගෙනාවේ කියලා. මුලදීම මේක ආවේ ඡන්දේ දාන්න යන අයට ඒකට ඉඩ නොදීම තුලින්. පසුව විරුද්ධ පක්ෂවල අයට කරදර කිරීම් වැඩිකළා. අන්තිමට මිනිසුන් මරන්න පටන් ගත්තා. (නි)

:       0       0

දිලීප Sunday, 01 September 2013 07:19 PM

ප්‍රථමික මැරයෝ (දී)

:       0       0

රෝහණ Sunday, 01 September 2013 08:58 AM

අර බන්දුල මේකට මොනවත් දාල නැහැනේ. (දී)

:       0       0

ධම්ම Sunday, 01 September 2013 09:52 AM

පණ බේරුනොත් අපේ දේශපාලනයේ ඉහළට යන්න හොඳ සුදුසුකමක්! (දී)

:       0       0

කුමාර Sunday, 01 September 2013 09:17 PM

මේ අරයගෙ කට්ටිය තමා...... (නි)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 01 September 2013 10:24 AM

............... පක්ෂේ දිනනවා දිනනවා පුර සාරම් කියා කියා මේවගේ පහත් වැඩ කරන්නේ දිනුම ෂුවර් නැති හින්ද වෙන්න ඇති නේද? (දී)

:       0       0

ෆොන්සේකා Sunday, 01 September 2013 10:40 AM

මේ පාර්ලිමේන්තු ක්‍රමය පැත්තකට දාල නරකද හමුදා පාලනයක් ලංකාවට ගෙනාවොත් මන්ද මේ යන ක්‍රමය දැන් දැකල එපාවෙලා තියෙන්නේ. (දී)

:       0       0

අප්පුහාමි Sunday, 01 September 2013 09:57 PM

මිනිසුනේ, තේරුම් ගන්න දැන් ලංකවේ දේශපාලනය සියයට සීයක්ම වෙළද ව්‍යාපාරයක් කියලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 567 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 280 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1083 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site