නයිනමඩමේදී දොස්තරවරිය හා ව්‍යාපාරික සැමියාද , දරු දෙදෙනාද මරා දැමීයැයි සැකපිට මුරකරු හා ඔහුගේ බිරිඳ ගලේවෙලදී අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම මුරකරු අතින් ව්‍යාපාරිකයාගේ දියණිය කෙලෙසන්නට ඇතැයිද ඉන් පසු රහස සැඟවීම සඳහා පවුලම මරා දමන්නට ඇතැයිද පොලිසිය සැක කරයි.
මේ අතර නයිනමඩමේ හා සඳලංකාවේ ළිං දෙකකින් කුඩා දරුවන් දෙදෙනකුගේ සිරුරු සොයාගත් බව පොලිසිය පවසයි.
එක් දරුවකු දින තුනක් වයසැති බවද අනෙක් දරුවාට වසර 5ක් වන බවද සොයා ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
" වැටත් නියරත් ගොයම් කානම්, කාට පවසම් එම අමාරුව " (ර)
නිසි දඩුවම් දෙන්න. මරණ දන්ඩනය ක්‍රියාත්මක කරන්න (නදී)
ඇයි දෙයියනේ මේ වගේ තිරිසන්නු මේ ලෝකෙට ඉපදෙන්නේ?(හේ)
මේවා අහන්න ලැබීමත් පවක්! (හේ)
ලංකාවේ එල්ලුම්ගස අනිවාර්යෙන් ක්‍රියාත්මක කරන්න .(හේ)
මේ සිංහල බුදුන්ගේ දේශයේ වෙන අපරාද. (නදී)
තිරිසන් වැඩක් නේද ? (නදී)
ඕක ඇත්තනම් පාරට ගෙනත් ගල් ගහල මරන්න ඕනා (නදී)
අනේ දෙවියනේ මේවා අහන්ඩ තරන් අපිත් පව් කාරයෝ වුනානේ .අපේ අලුත් ජනාදිපති වත් එල්ලුම් ගහ නැවත ක්‍රියාත්මක කොලොත් මේ අපරාධටිකක් හරි නතර වේවි ?නේද .(හේ)
නීතිය කාටත් සමාන ලෙස නිවැරදිව ක්‍රියාත්මක වෙනවානමි අපරාද අඩු කර ගත හැක.(හේ)
උපරිම දඩුවම් දිය යුතුයි.අසරණ පවුලම විනාශ කරාට.(හේ)
අපේ ලංකාවට මොකද්ද මේ වෙන්නේ.(හේ)
මේක හරි අපරාධයක් එල්ලුම් ගහ නියම කෙරිය යුතුයි.(හේ)
අපි පරිස්සම් වෙන්න ඕනේ අපි ලගින්ම ඉන්න අයගෙන් තමයි .(හේ)
මේ අපරාධ වෙන විදියට එල්ලුම් ගස් එකක් මදිවෙනවා .(හේ)
නිසිදඩුවම් දෙන්න ඕනේ.(හේ)
ඇයි මෙහෙම වෙන්නේ.(හේ)
නීතිය සැමට සමානව ඉටු වෙනවානම් බොහෝ අපරාධ අඩු වෙනවා. සමාජයේ ජනතාව තුල නීතියට ගරැත්වය පිරිහිලා. ඕනෑම වරදක් කර දේශපාලන සබදතා මගින් ඉන් ගැලවිය හැකියි යන අදහස සමාජයේ තහවුරු වීම බරපතල කඩා වැටීමක්. මරණීය දණ්ඩනය වැනි දඩුවම් ගැන සමාජයේ කතා කරන්නේ ඒ නිසයි. නමුත් පාලකයන් බුදු දහම ඉදිරියට දමා ගනිමින් එබදු කාරණා යටපත් කරණවා. එහෙත් තම අවශ්‍යතාවට ඕනෑම අපරාධ කරැවකුට සමාව දෙනවා. දහමට පටහැනි දහසකුත් දේ සිදුවන රටක මෙබදු අවස්ථාවන්හිදී කළයුතු කාර්ය නොකොට ධර්මයට මුවාවී පාලකයන් ඇග බේරා ගැනීම රටේ පරිහානිය තව තවත් වැඩි කිරීමක්. (හේ).
ඇත්තට අපේ රටේ නීතියක් තියෙනවද ? සමහර දේවල් දැක්කම නීති ගැන සැකයි (නදී)
ඔබ වහන්සේගේ කතාව හරියටම හරි. ඒ උනාට ඕක රටේ ගොඩක් දෙනෙකුට තේරෙන්නේ නෑ. (නදී)
වටිනා ජිවිත හතරකට මෙන්ම ඒ අහිංසක දියණියට කල අපරාදයටත් මොහුට දිය යුතු දඩුවම අඹු දරුවන් සහෝදර සහෝදරියන් ඇති පොලිස් නිලධාරීන්ගෙන් ඉතාමත් ඉක්මනින් මොහු ලබනු දැකීම මාගේ එකම අලුත් අවුරුදු ප්‍රාර්ථනයයි. (නදී)
අවසර අපේ හාමුදුරුවනේ, කට්ටිය දැන් ඔබ වහන්සේටත් මඩ ගහාවි බුදු දහමට නොගැලපෙන අනුසාසනාවක් කළා කියා. හැබැයි හාමුදුරුවනේ සීයට සීයක් මම එකඟයි ඔබ වහන්සේට ! (නදී)
මුරකරුටත් කුමක් හෝ අසාදාරනයක් වෙලා ඇති .එය සොයා බැලිය යුතුයි. (ර)
මේ දේවල් මේ ආණ්ඩුවට පේන්නේ නැද්ද ? ගැහැණු ළමයි කී දෙනෙක් දුෂණය උනාද ? පුංචි කිරිසප්පයෝ කී දෙනෙක් දුෂණය කර මැරුවද ? මේක මිනී කන්නන්ගේ දේශයක්ද ? (නදී)
මේ තරම් නීතිය බල්ලටම ගිය කාලයක් තවත් නැහැ.(නදී)
බැරි වෙලාවත් ඔය මිනීමරුවා "අපේ එකෙක්" වුනොත් මොකද වෙන්නේ?(නදී)
රජය සුරකින්නේ අපරාධකරුවන්. එල්ලුම් ගහ නැත්තේ එ්කයි(නදී)