IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මුරකරුයි බිරියයි සැකපිට

නයිනමඩමේදී දොස්තරවරිය හා ව්‍යාපාරික සැමියාද , දරු දෙදෙනාද මරා දැමීයැයි සැකපිට මුරකරු හා ඔහුගේ බිරිඳ ගලේවෙලදී අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මෙම මුරකරු අතින් ව්‍යාපාරිකයාගේ දියණිය කෙලෙසන්නට ඇතැයිද ඉන් පසු රහස සැඟවීම සඳහා පවුලම මරා දමන්නට ඇතැයිද පොලිසිය සැක කරයි.

මේ අතර නයිනමඩමේ හා සඳලංකාවේ ළිං දෙකකින් කුඩා දරුවන් දෙදෙනකුගේ සිරුරු සොයාගත් බව පොලිසිය පවසයි.

එක් දරුවකු දින තුනක් වයසැති බවද අනෙක් දරුවාට වසර 5ක් වන බවද සොයා ගෙන ඇත.

 



අදහස් (0)

මුරකරුයි බිරියයි සැකපිට

වකෝ Sunday, 04 January 2015 05:08 AM

" වැටත් නියරත් ගොයම් කානම්, කාට පවසම් එම අමාරුව " (ර)

:       0       0

සම්පත් Saturday, 03 January 2015 04:48 AM

නිසි දඩුවම් දෙන්න. මරණ දන්ඩනය ක්‍රියාත්මක කරන්න (නදී)

:       0       0

සමන්ති Saturday, 03 January 2015 06:42 AM

ඇයි දෙයියනේ මේ වගේ තිරිසන්නු මේ ලෝකෙට ඉපදෙන්නේ?(හේ)

:       0       0

ඉසුරන්දි Saturday, 03 January 2015 06:51 AM

මේවා අහන්න ලැබීමත් පවක්! (හේ)

:       0       0

මහින්ද Saturday, 03 January 2015 06:52 AM

ලංකාවේ එල්ලුම්ගස අනිවාර්යෙන් ක්‍රියාත්මක කරන්න .(හේ)

:       0       0

දර්ශන Saturday, 03 January 2015 07:00 AM

මේ සිංහල බුදුන්ගේ දේශයේ වෙන අපරාද. (නදී)

:       0       0

සෙන්සා Saturday, 03 January 2015 07:00 AM

තිරිසන් වැඩක් නේද ? (නදී)

:       0       0

රාජපක්ෂ Saturday, 03 January 2015 07:36 AM

ඕක ඇත්තනම් පාරට ගෙනත් ගල් ගහල මරන්න ඕනා (නදී)

:       0       0

ශාන්ති Saturday, 03 January 2015 07:54 AM

අනේ දෙවියනේ මේවා අහන්ඩ තරන් අපිත් පව් කාරයෝ වුනානේ .අපේ අලුත් ජනාදිපති වත් එල්ලුම් ගහ නැවත ක්‍රියාත්මක කොලොත් මේ අපරාධටිකක් හරි නතර වේවි ?නේද .(හේ)

:       0       0

චන්ද්‍රසිරි ධම්මික Saturday, 03 January 2015 08:11 AM

නීතිය කාටත් සමාන ලෙස නිවැරදිව ක්‍රියාත්මක වෙනවානමි අපරාද අඩු කර ගත හැක.(හේ)

:       0       0

මහින්ද Saturday, 03 January 2015 08:16 AM

උපරිම දඩුවම් දිය යුතුයි.අසරණ පවුලම විනාශ කරාට.(හේ)

:       0       0

පද්මිණි Saturday, 03 January 2015 08:30 AM

අපේ ලංකාවට මොකද්ද මේ වෙන්නේ.(හේ)

:       0       0

අනිසඛාන් Saturday, 03 January 2015 08:34 AM

මේක හරි අපරාධයක් එල්ලුම් ගහ නියම කෙරිය යුතුයි.(හේ)

:       0       0

ශිරන්ති Saturday, 03 January 2015 08:47 AM

අපි පරිස්සම් වෙන්න ඕනේ අපි ලගින්ම ඉන්න අයගෙන් තමයි .(හේ)

:       0       0

කුරුවිට Saturday, 03 January 2015 09:09 AM

මේ අපරාධ වෙන විදියට එල්ලුම් ගස් එකක් මදිවෙනවා .(හේ)

:       0       0

අමිල Saturday, 03 January 2015 09:10 AM

නිසිදඩුවම් දෙන්න ඕනේ.(හේ)

:       0       0

ලාල් Saturday, 03 January 2015 09:23 AM

ඇයි මෙහෙම වෙන්නේ.(හේ)

:       0       0

විමලරතන හිමි Saturday, 03 January 2015 09:53 AM

නීතිය සැමට සමානව ඉටු වෙනවානම් බොහෝ අපරාධ අඩු වෙනවා. සමාජයේ ජනතාව තුල නීතියට ගරැත්වය පිරිහිලා. ඕනෑම වරදක් කර දේශපාලන සබදතා මගින් ඉන් ගැලවිය හැකියි යන අදහස සමාජයේ තහවුරු වීම බරපතල කඩා වැටීමක්. මරණීය දණ්ඩනය වැනි දඩුවම් ගැන සමාජයේ කතා කරන්නේ ඒ නිසයි. නමුත් පාලකයන් බුදු දහම ඉදිරියට දමා ගනිමින් එබදු කාරණා යටපත් කරණවා. එහෙත් තම අවශ්‍යතාවට ඕනෑම අපරාධ කරැවකුට සමාව දෙනවා. දහමට පටහැනි දහසකුත් දේ සිදුවන රටක මෙබදු අවස්ථාවන්හිදී කළයුතු කාර්ය නොකොට ධර්මයට මුවාවී පාලකයන් ඇග බේරා ගැනීම රටේ පරිහානිය තව තවත් වැඩි කිරීමක්. (හේ).

:       0       0

කලීල් බංඩාරවෙල Saturday, 03 January 2015 11:16 AM

ඇත්තට අපේ රටේ නීතියක් තියෙනවද ? සමහර දේවල් දැක්කම නීති ගැන සැකයි (නදී)

:       0       0

අජිත් Saturday, 03 January 2015 11:20 AM

ඔබ වහන්සේගේ කතාව හරියටම හරි. ඒ උනාට ඕක රටේ ගොඩක් දෙනෙකුට තේරෙන්නේ නෑ. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 03 January 2015 11:38 AM

වටිනා ජිවිත හතරකට මෙන්ම ඒ අහිංසක දියණියට කල අපරාදයටත් මොහුට දිය යුතු දඩුවම අඹු දරුවන් සහෝදර සහෝදරියන් ඇති පොලිස් නිලධාරීන්ගෙන් ඉතාමත් ඉක්මනින් මොහු ලබනු දැකීම මාගේ එකම අලුත් අවුරුදු ප්‍රාර්ථනයයි. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 03 January 2015 11:58 AM

අවසර අපේ හාමුදුරුවනේ, කට්ටිය දැන් ඔබ වහන්සේටත් මඩ ගහාවි බුදු දහමට නොගැලපෙන අනුසාසනාවක් කළා කියා. හැබැයි හාමුදුරුවනේ සීයට සීයක් මම එකඟයි ඔබ වහන්සේට ! (නදී)

:       0       0

සනා Saturday, 03 January 2015 01:50 PM

මුරකරුටත් කුමක් හෝ අසාදාරනයක් වෙලා ඇති .එය සොයා බැලිය යුතුයි. (ර)

:       0       0

සඳා Saturday, 03 January 2015 02:40 PM

මේ දේවල් මේ ආණ්ඩුවට පේන්නේ නැද්ද ? ගැහැණු ළමයි කී දෙනෙක් දුෂණය උනාද ? පුංචි කිරිසප්පයෝ කී දෙනෙක් දුෂණය කර මැරුවද ? මේක මිනී කන්නන්ගේ දේශයක්ද ? (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Saturday, 03 January 2015 04:40 PM

මේ තරම් නීතිය බල්ලටම ගිය කාලයක් තවත් නැහැ.(නදී)

:       0       0

තිලක් -ඩුබායි Saturday, 03 January 2015 04:39 PM

බැරි වෙලාවත් ඔය මිනීමරුවා "අපේ එකෙක්" වුනොත් මොකද වෙන්නේ?(නදී)

:       0       0

වයිකෝ Saturday, 03 January 2015 05:16 PM

රජය සුරකින්නේ අපරාධකරුවන්. එල්ලුම් ගහ නැත්තේ එ්කයි(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 118 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site