එජාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙන අවස්ථාවේ ඔහු තුෂ්නිම්භූතව සිටීම ගැන මන්ත්‍රීවරු විමතිය පළ කරති. ඔහු එම ප්‍රශ්නය ඇසුවේද නැත. ඊට උත්තරයක් ලැබුණේ ද නැත.
කොටි සංවිධානයේ අවි ආයුද සැපයුම්කරු වූ කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී ගැන ඔහුගේ නමින් එම ප්‍රශ්නය න්‍යාය පුස්තකයේ සටහන් විය.
නීතිය හා සාමය පිළිබඳ ඇමැතිගෙන් ඔහු ඇසූ ප්‍රශ්නය මෙසේ විය.
‘කොටි සංවිධානයේ නායකයකු හා පසුව අත්අඩංගුවට ගත් කේපී දැන් සිටිනුයේ කොහිද? ඔහුට එරෙහි චෝදනා මොනවාද? ඔහුට එරෙහි පරීක්ෂණවල ප්‍රගතිය කුමක්ද? පරීක්ෂණ අවසන් කිරීමට කොපමණ කාලයක් ගතවේද? පරීක්ෂණ අවසන් වූ පසුව ඔහුට එරෙහිව නීත්‍යනුකූලව ක්‍රියා කරන්නේද? එසේ නොකරන්නේ නම් ඒ ඇයි?‘
න්‍යාය පුස්තකයේ එම ප්‍රශ්නයට ගොළුවත රකිමින් සිටි මරික්කාර් මන්ත්‍රී ඊළඟ ප්‍රශ්නය අසන බව මූලාසනයට දැනුම් දුන්නේය. එය ලංකාපුත්‍ර බැංකුව සම්බන්ධයෙනි. ඇමැති සාගල රත්නායක ඊට පිළිතුරු දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කේපී කටෙන් හිරවෙලා එළියට ආ දවසට ඔය බොරු කතා ඉවරයි (නි)
උඹේ කටෙත් පස් මගේ කටෙත් පස්. (බ)