දියවැඩියාව, හෘදරෝග, ආතරයිටිස් යමකුට වැළඳීමේ අවදානමක් තිබේදැයි වසර පහළොවකට පමණ පෙර දැනගත හැකි විද්‍යුත් උපකරණයක් නිපදවීමට හැකිවූ බව මොරටුව විශ්ව විද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික් සහ විදුලිය සංදේශ අංශයේ ආචාර්ය අංජුල ද සිල්වා මහතා පැවසීය.
අත්හදා බැලීම් සාර්ථකවී ඇතැයිද හේ කීවේය. මෙම රෝගවලට අමතරව තවත් රෝග කිහිපයක්ද එයාකාරයට දැනගැනීමට හැකියාව සම්බන්ධව පර්යේෂණ කටයුතු සිදු කරගෙන යයි. මෙවන් උපකරණයක් ශ්‍රී ලංකාවේ නිර්මාණය කළ ප්‍රථම අවස්ථාව මෙයයි.
මහාචාර්ය වෛද්‍ය සරෝජ් ද සිල්වා මහතාගේ අදහසක් පදනම් කරගනිමින් උපකරණය නිපදවා ඇත.
නාඩි වායු පීඩන මාපකයක් හෝ ඇඟිල්ලක උෂ්ණත්වය මනින උපකරණයක් දෘඩාංගයකට හා මෘදුකාංගයකට සම්බන්ධ කිරීමෙන් පරිගණක ඔස්සේ ප්‍රතිඵලය ලබාගනී. මෙහිදී දෘඩාංගයෙන් සිදු කරනුයේ දත්ත එක්රැස් කිරීමයි. එසේ එක්රැස් කළ දත්ත වැඩිදියුණු කරනුයේ මෘදුකාංගයෙන්ය. නාඩි පීඩන මාපකය උෂ්ණත්වය මනින උපකරණය ඇතුළුව දෘඩාංගය මෘදුකාංගය යන සියල්ලම මෙහිදී නිපදවනු ලැබුවේ මොරටුව විශ්ව විද්‍යාලයේ විද්‍යුත් හා විදුලිය සංදේශ අංශයයි.
මෙම විද්‍යුත් උපකරණ භාවිතයෙන් රුධිර සංසරණයේ කාර්යක්ෂමතාවය මැන බැලීම තුළින් රෝග වැළඳීමේ අවදානම පිළිබඳව අනාවැකිය පළ කරන බව නිර්මාණ ශිල්පීන් පවසති.
ආචාර්ය අංජුල ද සිල්වා මහතාගේ අධීක්ෂණය සහ මඟ පෙන්වීම යටතේ ඉසුරු රාජකරුණා, චරිත් විතානගේ, සුනන්ද ගමගේ, කීර්ති ප්‍රියංකර යන අවසන් වසරේ උපාධි අපේක්ෂක සිසුන් කණ්ඩායමක් මෙම නිර්මාණය බිහි කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ සොයා ගැනීම් නිතරම කරනවා. ප්‍රශ්නේ තියෙන්නේ රජයෙන් හරි පෞද්ගලික අංශයෙන් හරි මේවා නිෂ්පාදනය කරලා ප්‍රයෝජනයක් ගන්න මාර්ග සලස්වන්නේ නැති එකයි. නිරපරාදේ හොද නිර්මාණ ප්‍රයෝජනයක් නැතිව වැළලිලා යනවා නැත්නම් වෙන රටක ආයතනයක් ඕක කොපි කරගෙන ගිහින් ලාබ උපයනවා. ඔබට සුබ පැතුම්! (හේ)
අවදානම පිළිබඳව වසර 15 කට පෙර කිව හැකි බව හරියටම කියන්නේ කොහොමද ? වසර 15ක තිස්සේ මෙම උපකරණය යොදාගනිමින් සායනික පර්යේෂණ කලේ නැහැ මා දන්නා තරමින් නම්. එත් මේ උපකරණය මගින් අනාවැකි පැවසිය හැකි බව නම් පිළිගන්න පුළුවන්. (හේ)
මෙතරම් දැනුම තිබෙන තරුණ පිරිසක් ඉන්න රටේ ඒ අයගෙන් සේවයක් ලබාගන්න ආණ්ඩුවට උනන්දුවක් නැති එක තමයි ප්‍රශ්නය. (නි)
හෙළයේ පුතුනි, ඔබ සැමට දළදා සමිඳු සරණින් ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා! (නි)
හුඟක් හොඳ වැඩක්. ඉක්මනට ජනතාවගේ ප්‍රයෝජනයට ලබාදෙන්න (නි)
නියමයි.සුපිරි මොල (අ)
දැන්වත් නව නිර්මාණකරුවන්ට සහයෝගය දෙන්න... (අ)
පේටන්ට් එක ගන්න බලන්න ඉක්මණටම (නි)
නියමයිනේ! (නි)
බැරිද බඳින්න ඉන්න කෙල්ල වදක භාර්යාවක් වෙයිද, නැද්ද කියලා හොයාගන්න පුළුවන් මෘදුකාංගයක් හදන්න (නි)
නියමයි. මේවා තමයි කරන්න ඕනෑ. රටක් දියුණු වෙන්නේ එතකොට. (නි)
මොරටුව විශ්ව විද්‍යාලයේ ළමුන් නව සොයාගැනීම් කරනකොට කොලඹ විශ්ව විද්‍යාල වල ළමුන් තාම පිකටින් කරනවා පාරවල් වල (නදී)
කාලයකට පස්සේ ලංකාවෙන් බිහි වූ හොදම නිර්මාණයක්. මෙම නිර්මාණය තව උපරිම දුරට සංවර්ධනය කර මේ ලෙඩ වලින් පීඩා විදින දුප්පත් ජනතාව වෙනුවෙන්ම ඉදිරිපත් කරන්න. ඔයාලාගේ ඉදිරි ගමනට මේ දෙය ලොකු පිටුවහලක් වෙයි. ස්තූතියි (නදී)
නියමයි. සුබ පැතුම්! (නදී)
දරුවනි ඔබලා ගැන ගොඩක් ආඩම්බරයි. ත්‍රිවිධ රත්නයේ පිහිටයි ! (නදී)
සුබ පැතුම් ! (නදී)
වහාම පේන්ට් බලපත්‍රය ගන්න .නැත්නම් ඔබල ගේ සොයා ගැනීමෙන් මුදලාලි ලා හම්බ කර ගනී (අ)
සුබ පැතුම් ඔයාලා හැමොන්ටම, විශේෂයෙන්ම කීර්ති මල්ලිට..(අ)
අපේ රටට ඔබ වටිනා සම්පතක් (අ).
මේ ලබාගත් ජයග්‍රහණය අපේ රටේ ජීවත්වන පොදු ජනතාවට ලබාදෙන්න එය ඔබලාට ලොකු පිනක්.(නදී)
මේ උපකරණය නිවැරදිව ක්‍රියා කරන බවට තියෙන සහතිකය මොකක්ද? මේ උපකරණයේ නිරවද්‍යතාවය හරියටම කියන්න නම් තව අවුරුදු පහලොවක් ඉන්න වෙනවා. (අ)
රත්තරන් කොල්ලනේ ඔයාලට ජයෙන් ජය පතමි ජෝර්දානයේ සිට ආඩම්බරයි (නදී)
කීර්ති ඔයා නියම කොල්ලෙක්නේ .....සුපිරි අා...සුබපැතුම් ... (අ)
එහෙම අවශ්‍ය නැහැ. දැන් ඉන්න කෙනෙක්ගේ කලින් තිබ්බ දත්ත උපකරණයට අතුල් කළොත් දැන් එයාට තියෙන ලෙඩ හරියට කියනවද කියල බලන්න පුළුවන් කලින් දත්ත වලින්. (අ)
නියමයි අපෙන් සුබ පැතුම් ..
අපේ කොල්ලෝ කොහොමත් දක්ෂයෝ !(අ)
අපිට මේක පාවිච්චි කරන්න ලැබෙන්නේ කවදාද ? දුරකථන අංකයක් දෙන්න පුලුවන්ද ? (අ)
අඩම්බරයි දරුවනි ..ඔබලා තමයි අපේ සුපිරි තරු ... (අ)
නියමයි. රටට ආඩම්බරයක් (නි)
විශිෂ්ට උත්සාහයක් (නි)
ගොඩක් අගය කරනවා. ලංකාවේම ඉන්න පිට රටට යන්න එපා. ඔයාල වගේ කට්ටිය ලංකාවට ගොඩක් වටිනවා අපි ලංකාවේ ඉඳල දියුනු වෙමු (නදී)
නියමයි. සුබ පැතුම්! (නි)
මේ අය ප්‍රවේශම් වෙන්න. වෙන රටකින් මෙයාලට කරදර වෙන්න පුළුවන් (නි)
ලාංකිකයන්ටත් ජාත්‍යන්තරය සමග තරග කළ හැකියි. අති විශිෂ්ට නිර්මාණයක් ලාංකිකයෙක් වීම ගැන අාඩම්බරයි. උණුසුම් සුබ පැතුම් (බ)
සුබ පැතුම් , නෙදෙර්ලන්තයේ සිට. (දිල්)
නියමයි ගොඩක් හොද දෙයක් සු භ පැතුම් (දිල්)
නියමයි යාළුවනේ! (නි)
සුපිරි වැඩක්! සුබ පැතුම්! (නි)
උසස් ලෙස අගය කරමි (නදී)
පසුගිය දිනවල මොවුන්ගේ දක්ෂතා බොහොමයක් පළවුණා. ඒ සඳහා ඔවුන්ට නිසි ඇගයීමක් ලැබුනද? ඔවුන්ගේ දක්ෂතා වලින් රටට ප්‍රයෝජනයක් ගන්න බලවතුන්ගේ ඇස් පෑදෙයිද? අප රට බබළවන්නට උපන් මෙවැනි දරුන්ට නිසි ඇගයීමක් ලබාදීමට පාලකයන්ගේ දෙනෙත් විවර වේවා! (නි)
ආඩම්බරයි (නි)
නියමයි.ශ්‍රී ලාංකිකත්වයට ආඩම්බරයක් මේ වගේ වටිනා දේවල් අපේ අය අතින් බිහිවීම. (නි)
මේ උත්සාහවන්ත විද්වත් තරුණයින්ට රජයේ සහ පුද්ගලික අංශවල නොමසුරු සහාය ලබාදිය යුතුය.(දිල්)
ජය වේවා! වැඩිදියුණු කරලා ගන්න ! (නි)
අපිට ඔබ සැම ගැන ආඩම්බරයි (නි)
හොඳ වැඩක් (බ)
ඉදිරියටත් මේ වගේ නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්යය ලබේවායි ප්‍රාර්ථනා කරමි..(බ)
සුභ පැතුම් (දිල්)
නියමයි සුභ පැතුම්. (නදී)
අපේ ජාතියට වරදින තැන තමයි විමසීම අඩුකම සහ පෙර උදම් ඇනීම. මෙලෝ විද්‍යාත්මක පදනමක් කතා නොකරන ලිපියකට මේ තරම් සුබ පැතුම් යවන ඔබ ගැන කණගාටුයි. (බ)
නව සොයාගැනීම් වලට විශ්ව විද්‍යාල දරුවන් යොමුකිරීම වඩාත් කාලෝචිතයි. ඔබ සැමට ජය.(හේ)
ඔබ අපේ රටට ආඩම්බරයක්.(හේ)
සුභ පැතුම්.(හේ)
ඉතාම වටිනා නිපැවුමක් . සියලුම දෙනාට අපේ උපහාරය.(හේ)
ඉතාම සතුටුයි. මගේ උණුසුම් සුභ පැතුම්.(හේ)
නියම වැඩක්, අපේ කොල්ලෝ තමයි ලෝකෙට වැඩ පෙන්නුවේ. සුබ පැතුම් ඔයාලටත් ඔයාලගේ දෙමව්පියන්ටත්.(හේ)
නියමයි කොල්ලනේ. අපට ආඩම්බරයක් (නි)
නියමයි සහෝ්දරයිනි ඔයාලගෙ වැඩ (නි)
නියමයි සුපිරියි ආයි කියන්න දෙයක් නෑ රටට ආඩම්බරයි සහෝදරයිනි (ස)
අනිවාර්යයෙන්ම මේ වගේ උගත් තරුණයින්ට රජයෙන් වගේම පෞද්ගලික අංශවලින් සහය ලබා දී මේ අයගෙන් උපරිම රටට දායකත්වය ලබා ගත යුතුයි.. මේ අපේ රටේ අගනා මැණික්.(හේ)