බෝම්බ කිහිපයක් හා කඩු දෙකක් සමඟ සබරගමු පළාතේ සන්ධානයේ ප්‍රබල දේශපාලකයකුගේ ඡන්ද ආධාරකරුවන් බව කියන 8 දෙනෙකු රඹූක්කන පත්තම්පිටියේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව රඹුක්කන පොලිසිය කියයි. යුදධ හමුදාවේ සිටි බව කියන පුද්ගලයෙක් ද ඒ අතර වේ.
ප්‍රතිවාදි අපේක්ෂකයකුගේ නිවසකට ප්‍රහාරයක් එල්ල කිරිම සඳහා ඔවුන් යන්නට ඇති බවත් පොලිසිය සැක කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය අර ගංජා පුතාගේ හමුදාව කියලත් දාන්නකෝ (නදී)
ඉහළ සිට පහළට යන් නිලයන් දක්වා පිරිහීම. අවනීතිය ඇතිවන්නේ ඒකයි. (නදී)
අරය එක්ක නැගිටලා අලුතෙන්ම පටන් ගන්න යන කට්ටියක් වෙන්න ඇති (නදී)
පාට පක්ෂ බේදයෙන් තොරව පොලිස් නිලධාරි මහත්වරුන් කරන මේ උතුම් සේවය දේශපාලකයන්ට ගැතිකම් නොකරන සුව හසක් බුද්ධිමත් ජනතාවගේ උපහාරයට ලක් වෙනවා (ම)
අපරාදේ කියන්ට බැහැ අපේ කොළ සහ නිල් මල්ලිලා කිසිම ලෝබ කමක් නැතුව සම සමව බොහොම උද්යෝගයෙන් ඡන්ද නීති කඩ කරනවා. එ්කට දෙවැනි නොවෙන විදියට අපේ පොලිසියත් බොහොම නිදහසේ කිසිම ආතතියකින් තොරව තම රාජකාරිය අකුරටම සිදුකරනවා. එය බොහොම ඉහලින්ම පැසසිය යුතු කටයුත්තක්. (නදී)
උපරිම දඬුවම් කර, අර ගංජා පිළිබඳවත් පරීක්ෂණ කරමු (ම)
මේගොල්ලෝ හදන්නේ රටේ ආපසු කුඩු රජ කරවන්නද? දුෂණය භීෂණය ඇති කරවන්නද? පවුල් පාලනය ගේන්නද? මැර බලය රජකර වන්නද? මාධ්‍ය නිදහස නැති කරගන්නද? පාතාලය, සුදු වැන් සංස්කෘතිය ඇති කරන්නද? මේ කට්ටිය බලයට එන්න හදන හේතුව මේකයි. අවුරුදු 10ක් කාපු කැවිල්ල මාස 6 කට නතර වුනාම ඉවසගන්න බෑ. ජනතාවට බොරු කියල, බොරු බියක් ඇති කරවල නැවතත් රට කන්න එන්නයි හදන්නේ. හොඳට හිතල බලල කතිරය ගහන්න. (බ)
මැකෝ තවත් නීති තද කරන්න. කොටහේන පාතාලේ මිනී මැරුම් ගැන සොයන්න. පාට බේද නැතුව නීතියට පන දෙන්න (නදී)
යහපාලනයට පොලිසිය දේශපාලන බලපෑම් වලින් තොරව ක්‍රියාත්මක කිරීම අප අගය කළ යුතුයි. පොලිසියට ජයවේවා. (නදී)
ආරක්ෂක රථයේ ගංජා ගේනවා අහිංසක මහා ඇමතිනම් වෙන්න බෑ මේ වගේ නීතිවිරෝධී දෙයක් කළේ. ෆෙඩරල් දීල මේ පළාත් සභා වලට පොලිස් බලතල අවොත් කොහොමට හිටීද. උතුරු පළාත කෙසේ වෙතත් අපිට මෙහෙයි පාරේ බැහැල යන්න බැරි වෙන්නේ. (බ)
මැරයන් සමග නැගිටිමු . නතර කරපු තැනින් පටන් ගමු. දිනන්නේ නැති නිසා පටන්ගන්න එපා (බ)